අපි පිරිසිදුයි කියලා හිතන වතුර ඇත්තටම පිරිසිදුයි ද?

August 1, 2017
7,635
Safe Drinking Water is Essential
වතුර කියන්නේ මිනිස්සුන්ට තියෙන මුලිකම අවශ්‍යතාවයක්. මොකද එක මනුස්සයෙකුට දවසකට වතුර ලීටර් 20 ත් 50 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා බොන්න, ඉවුම් පිහුම් වලට වගේම පිරිසිදුවට ඉන්න. මේ නිසා අපිට වතුර කියන කාරණාව ගැන ඇත්තටම සරලව හිතන්න අමාරුයි. මොකද අපිරිසිදු වතුර කියන්නේ සරලව හිතලා අහක දාන්න පුළුවන් කාරණාවක් නොවෙයි. වසරකට මිලියන 1.8 පමණ මිනිසුන් ලෝකය පුරා මිය යනවා අපිරිසිදු ජලය නිසා වැළදෙන කොළරාව පාචනය වැනි රෝග වලින්. මේ නිසා අපිට සිදු වෙනවා අපි පිරිසිදුයි කියලා හිතාගෙන බොන වතුර ඇත්තටම පිරිසිදුයිද කියලා දෙපාරක් හිතලා බලන්න. බලන්නකෝ ඔබත් මේ වතුර පිරිසිදුයි කියලා හිතාගෙන මෙච්චර දවසක් බිවුවද කියලා.

1. උතුරවා නිවාගත් ජලය

අපි හැමෝම හිතන්නේ වතුර උතුරවලා නිවා ගත්තම වතුර 100% පිරිසිදුයි කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මොකද ඒ වතුරේ ලෝහ, මලකඩ වගේ අහිතකර ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා උතුරවලා නිවා ගත්තා කියලා ඒ දේවල් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වතුර බිවුවොත් ඇත්තටම අපි අසනීප වෙන්න පුළුවන්.

2. බෝතල් කල පානිය ජලය

ගමනක් බිමනක් යනකොට හැමෝම වගේ භාවිතා කරන දෙයක් තමයි මේ. මොකද හැමෝම හිතන්නේ පැහැදිලිවට ලස්සනට බෝතලේ දාලා සීල් කරලා තියෙනකොට මේ වතුර ඇත්තටම පිරිසිදුයි කියලා. හැබැයි අපි හිතනවටත් වඩා ගොඩක් විසබීජ මේ වතුර බෝතල් වල තියෙන්න පුළුවන්.

3. පිරිපහදු කරලා බෙදාහරින වතුර

අපි අතර තියෙන තවත් වැරදි අදහසක් තමයි පිරිපහදු කරලා බෙදා හරින ජලය පිරිසිදුයි කියන කාරණාව. මේ නිසා ගොඩක් අය කරන්නේ ටැප් එකෙන්ම කෝප්පෙට වතුර පුරවාගෙන බොන එක. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වතුරේ ඕනේ තරම් අපිට හානි කරන්න පුළුවන් ද්‍රව්‍ය තියෙන්න පුළුවන්.

4. පැහැදිලි වතුර

වතුර කොච්චර පැහැදිලි උනත් අපේ ඇසට නොපෙනෙන අපද්‍රවය ඕනේ තරම් ඒ වතුරේ තියෙන්න පුළුවන්. මේ නිසා වතුර පැහැදිලි උනා කියලා නම් ඒ වතුර පිරිසිදුයි කියලා අපිට තීරණය කරන්න බැහැ.

5. පෙරාගන්න වතුර

වතුර පෙරා ගත විට ඉවත් වෙන්නේ එහි තිබෙන ඝන ද්‍රව්‍ය කොටස් විතරයි. එහි තිබෙන විසබීජ නම් කොහොමට වත් ඉවත් වෙන්නේ නැහැ . ඔබ හිතනවා නම් ඔබ පෙරලා පානය කරන වතුර පිරිසිදුයි කියලා ඒක ඔබ කරන ලොකු වැරද්දක්.

6. වෙළද පොළේ තිබෙන බාල වර්ගයේ පිරිසිදු කරන යන්ත්‍ර වලින් ලබාගන්න වතුර

අද වෙළද පොලේ අඩු මිලට ලබාගන්න පුළුවන් බාල වර්ගයේ වතුර පිරිසිදු කරන යන්ත්‍ර ඕනේ තරම් තියෙනවා. හැබැයි මේවගෙන් පිරිසිදු කරා කියලා වතුර හරියට පිරිසිදු වෙන්නේ නම් නැහැ. ඒ නිසා ඔබට පිරිසිදු වතුර අවශ්‍ය නම් පිළිගත් උසස් තත්වයේ වතුර පිරිසිදු කරන යන්ත්‍රයක් තමයි භාවිතා කල යුත්තේ.

දැන් ඔබට තේරෙනවා නේද අපි පිරිසිදුයි කියලා හිතාගෙන ඉන්න වතුර ඇත්තටම පිරිසිදු නැහැ කියන කාරණාව. මේ ගැන ඔබට තව දුරටත් පෙන්නලා දෙන්න purite කරපු video එක තමයි පහතින් තියෙන්නේ. එකත් බැලුවහම ඔබට තේරෙයි අපි පිරිසිදුයි කියලා හිතන වතුර හිතන තරම් පිරිසිදු නැහැ කියන කාරණාව වගේම සරල නැහැ කියන කාරණාවත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 363 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:10:25 AM
Script:/article/363/safe-drinking-water-is-essential.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:10:26 AM
Script:/article/363/safe-drinking-water-is-essential.html