ගොඩක් දෙනෙක් නොදන්නා ඕට්ස් හා එහි වටිනාකම

August 16, 2017
50,811
Health Benefits of Eating Oats
මොනවද මේ ඕට්ස් කියන්නේ ?

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්. උතුරු ඇමරිකාව හා යුරෝපයේ වැඩි වශයෙන් වගා කරන මෙම ධාන්‍ය මෙහි තියෙන උසස් පෝෂණ ගුණය හේතුවෙන් සෞඛ්‍යමය ආහාර නිෂ්පාදනයේදී වැඩි වශයෙන් යොදා ගන්නවා. උදෑසන ආහාරයට වගේම කැඳ වර්ග වැනි ආහාර පිළියෙළ කරන විට ඕට්ස් එකතු කරන්න පුලුවන් නම් ශරීරයට අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතා බොහොමයක් එයින් සැපයෙනවා.

ඕට්ස් වල omega-3 fatty acids වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේමයි එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් සහ තන්තු ප්‍රමාණවත් තරම් අඩංගු වෙනවා. මේ හේතුව නිසා අති විශිෂ්ට ආහාරයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඕට්ස් වල සීනි අඩංගු වෙන්නේ ඉතා අවම ප්‍රමාණයක්. ඒ වගේම ඕට්ස් ග්‍රෑම් 100ක කැලරි 389ක් ප්‍රෝටීන් 16.9 g, ජලය 8%ක්, තන්තු 10.6g, මේදය 6.9g ආදී වශයෙන් ඉතා විශාල පෝෂණ කොටස් ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා අපේ සෞඛ්‍ය ගැටළු රැසකට ඕට්ස් කියන්නේ දිව්‍ය ඖෂධයක් වැනි දෙයක් කිව්වොත් එක වැරදි නැහැ.

ඕට්ස් අහාරයට එක් කර ගැනීමෙන් මොන වගේ වාසිද අපිට ලැබෙන්නේ?

ඕට්ස් අපේ අහාරයට එකතු කර ගැනීමෙන් අපිට ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඕට්ස් යෙදු ආහාර ඔයාගේ අහාර වේලට එකතු කර ගන්නවා නම් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගන්න ඔයාට පුළුවන්. මේ නිසා දිනපතා ඕට්ස් ආහාරයට එකතු කර ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගනිමින් ඔබේ ධමනි පිරිසිදුව තබා ගැනීමට ඔබට පුළුවන්. ඕට්ස් වල කාබෝහයිඩ්රේට අවශෝෂණය කරන දියවන කෙඳි වර්ගයක් වන බීටා-ග්ලුකන්ස් අඩංගු වෙනවා. දියවැඩියාවෙන් පීඩා විදින අයටත් හැම අතින්ම හොඳ ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ. මොකද ආහාර ජීර්ණය හොඳින් සිදු වීමටත් රුධිර ගත සීනි ප්‍රමාණය අවම කිරීමෙන් දියවැඩියාව වැනි තත්වයන් ගෙනුත් ඔයාව ආරක්ෂා කරන්නත් ඕට්ස් වල අඩංගු පෝෂණ කොටස් හේතු වෙනවා.

එමෙන්ම ශරීරයේ නිපදවෙන එන්සයිම වල නිසි ක්‍රියාකාරීත්වය ඇති කරවීමට උදවු වීමත් මෙයින් අපිට ලැබෙන තවත් ප්‍රතිලාභයක්. හෘදයාබාධ සහ රුධිර පීඩනය අඩු කිරීම, රුධිර වාහිනී ලිහිල් කිරීම, හෘදයාබාධ සහ ආඝාත වළක්වා ගැනීමට උපකාරී කිරීම වගේ ඔයාගේ සෞඛ්‍ය තත්වයට බලපාන ගොඩක් අහිතකර තත්වයන් අවම කිරීමට මෙය උදවු වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් කිව යුතු දෙයක් තමයි ගොඩාක් දෙනෙක්ට ඇති වෙලා තියෙන බෝ නොවන රෝග තත්වයන් වලින් ආරක්ෂාව සපයන ඔමේගා-3, ඔමේගා-6 කියන ඉතා වටිනා පෝෂණ කොටස් ඕට්ස් වල අඩංගු වෙලා තියෙනවා 

ඕට්ස් අහාරයට ගැනීම ඔයාගේ අස්ථි පද්දතියේ ශක්තිමත් බාවයටත්, පටක වර්ධනයටත්, රුධිරයේ හිමොග්ලොබින් වර්ධනයටත් හේතු වෙනවා. මෙන්න මේ හේතු නිසා ඕට්ස් කියන්නේ ලෝකයේ පෝෂණය අතින් ඉහලම ප්‍රතිලාභ ලබා දෙන ධාන්‍ය අතරින් එකක් කියල කියන්න පුළුවන්. විශේෂයෙන් උදෑසන ප්‍රධාන ආහාරයක් ලෙසත්, ඊට අමතරව ඕට්ස් දමා සකස්කර ගත් සුප් හෝ වෙනත් පාන වර්ග වගේම පාන් හෝ කෙටි ආහාර වර්ග ලෙස හෝ ඕට්ස් අඩංගු වෙන ආහාර වර්ග ඔයාට දෛනිකව අහාර වේල් සඳහා එකතු කර ගන්න පුළුවන් නම් ඔයාට හැමදාමත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 375 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:53:16 AM
Script:/article/375/health-benefits-of-eating-oats.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:53:16 AM
Script:/article/375/health-benefits-of-eating-oats.html