ඇදුම වැළඳුනු දරුවෙකු හඳුනා ගත හැකි මූලික රෝග ලක්ෂණ

August 28, 2017
6,874
Initial symptoms of asthma of a child
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.

සෙම ආශ්‍රිත රෝග වලින් කුඩා කල සිටම ඇතැම් ළමයින් පීඩා විඳිති. මේ අතරින් වර්තමානයේ බහුලවම දැකිය හැකි ඇදුම රෝගය දරුවන් මුහුණ දෙන පීඩාකාරීම රෝග තත්වයකි.

කුඩා වියේදී සිටම සෑදෙන ඇදුම රෝගය දරුවා වැඩි වයස් වන විට සුව වන බවට මතයක් ද පවතී. නමුත් ඇදුම රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගනීම ඉතා වැදගත්.

නිසි ප්‍රතිකාර ලබා ගැනීම:

කුඩා දරුවාට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් ජීවිතය පවා අහිමි විය හැකි ඇදුම රෝගය වර්ත්මාන නවීන විද්‍යාත්මක දියුනුවත් සමඟ කාර්මික කරණය ද බලපා තිබේ.

අපිරිසිදු වාතාශරය නොලැබීම, අධික දූවිලි සහිත පරිසරයට දරුවා නිරාවරනය වීමත් නිස ඇති වෙන ආසාත්මකතා හේතුවෙන් දරුවන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන බරපතල රෝග තත්වයක් ලෙස ඇදුම රෝගය හඳුන්වා දිය හැකියි.

රෝග ලක්ෂණ:

ළමා හතිය ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ආසාත්මිකතා නිසයි. ජානමය ආසාධකත් ළමා හතියට බලපෑම් ඇති කරන අවස්ථා තිබෙනවා. මව්පියන් ඇදුම රෝගයෙන් පෙළෙනවා නම් දරුවන්ට ඇදුම වැළඳීමේ ඉඩකඩ වැඩියි.

පරිසර දූෂණය, ආහාර රටාවේ වෙනස්කම් නිසා දරුවන් බොහෝ සෙයින් පීඩාවට පත් වී රෝගී තත්වයට ගොදුරු වේ.

කර්මාන්තශාලා වලින් පිට වන දුම, වාහන වලින් පිට වන දුම, දූවිලි සහිත පරිසරයත් ඇදුම රෝගී තත්වය උත්සන්න කරන බව හඳුනාගෙන ඇත.

අවධානම් සහිත දරුවන්:

ප්‍රධාන මාර්ගය අසල ඇති නිවෙස් වල ජීවත්වන දරුවන්, අපිරිසිදු කොට්ටා-මෙට්ට-ඇඳ ඇතිරිලි ආදියේ පවතින දූවිලි ද, ඒවා පරිහරණයට ගන්නා දරුවන්ද ඇදුම රෝගයට ගොදුරු වේ.

විවිධ ආහාර වල ඇති රසායනික ද්‍රව්‍යයන් ආසාත්මික වීම නිසාද දරුවන්ට ඇදුම ඇතිවිය හැකිය. එවැනි අවස්ථා වලදී එම ආහාර වලින් දරුවන් ඈත් කර තැබීම ඉතාම වැදගත් වේ.

කිරි, චීස් සහ බටර් ඇදුම රෝගයේදී ආසාත්මිකතා ඇති කරවන ආහාර ලෙස සඳහන් වුවද මෙම ආහාර සෑම දරුවෙකුටම ආසාත්මිකතා දක්වන්නේ නැත.

වර්තමානයේ ඇදුම රෝගය සඳහා බලපාන ප්‍රධානතම සාදකයක් හැටියට සිගරට් දුම දැක්විය හැකියි. දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට සිගරට් දුම ඉතාම හානි දායකයි.

මදුරු දඟර දුම, හඳුම් කූරු දුම, දර ලිප් වල දුම ඇදුම රෝගය උත්සන්න කරයි.

ඇදුම හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ:

රාත්‍රී කාලයේ ඇතිවන කැස්ස, උදෑසන ඇති වන කැස්ස, කැස්ස සමග වමනය යාම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, පපුවේ ගැස්ම, වියලි කැස්ස, ටික දුරක් හෝ දිවීමෙන් පසු ඇති වන හතිය, වේගයෙන් හුස්ම ගැනීම, හුස්ම ගන්නා විට උගුර ප්‍රදේශයෙන් වල ගැසීම, උදරය වේගයෙන් ඉහල පහල යෑම වැනි මූලික රෝග ලක්ෂණ ඇදුම සහිත දරුවෙකු හඳුනාගැනීමට ඇති හොඳම ලක්ෂණ වේ.

ඇදුම රෝගය කාලයක් තිස්සේ ඇතිවෙන්නේ නම් ඔවුනට දිගුකාලීනව ප්‍රතිකාර කල යුතුයි.

කුඩා කාලයේදී දරුවෙකුට වැළඳෙන හතිය අවුරුදු 10-12 වන විටදී බොහෝ විට සුව වේ.

නමුත් ඇදුම ඇති දරුවෙකුට අඛණ්ඩව නිසි ප්‍රතිකාර ලබා දීම කළ යුතුයි.

සුදුසුම ප්‍රතිකාරය:

ඇදුම සහිත දරුවෙකුට සුදුසුම ප්‍රතිකාරය වන්නේ ඉන්හේලර් භාවිත සහ නෙබියුලයිස් කිරීමයි. මේ සමඟින් රුධිරය සමග එකතු වන ඖෂධ ප්‍රමාණය අඩුවීම නිසා දරුවාට සිදුවන අතුරු ආබාධ අවම වේ.

සටහන
අනුරාධා දිලිනි ඉලංගකෝන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 389 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:26 AM
Script:/article/389/initial-symptoms-of-asthma-of-a-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:27 AM
Script:/article/389/initial-symptoms-of-asthma-of-a-child.html