ඔහු ඔබත් එක්ක ඉන්නේ සතුටින් නම් අනිවාර්යෙන්ම මේ දේවල් කරනවා

October 7, 2017
12,605
Things a real man do when he is in a happy relationship
අපි සතුටින් ඉන්නකොට කරන දේවල් සහ දුකින් ඉන්නකොට කරන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. අපි කරන කියන දේවල් වලින් හොයාගන්න පුළුවන් අපි සතුටින්ද දුකෙන්ද ඉන්නේ කියන එක. ඔබේ පෙම්වතා ඔබත් එක්ක කාලය ගත කරන්නේ ඇත්තටම සතුටින්ද කියලා දැන ගන්න එක ගොඩක් වැදගත් දෙයක්. මොකද කෙනෙක් අපිත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් අපිටත් කවදාවත් ඒ අයත් එක්ක සතුටින් ඉන්න බැහැ. ඒකෙන් ඒ කෙනා වගේම අපිත් දුක් විඳිනවා. ඒ නිසා ඔයාටත් දැනගන්න ඕනේ නම් පෙම්වතා ඔයත් එක්ක ඉන්නේ සතුටින්ද කියලා, බලන්නකෝ ඔහු ඔබත් එක්ක ඉන්නකොට මේ දේවල් කරනවද කියලා.

1. ඔහු කතා බහ කරන්නේ හදවතින් මයි

ඔහු ඔබත් එක්ක ඉන්නේ සතුටින් නම් ඔහුගේ හිතේ තියෙන දේවල් ඔබට හැම වෙලාවකම කියනවා. ඒ වගේම තමයි ඔහු ඔබත් එක්ක කතා කරන්න කාලය ගත කරන්න කැමතියි.

2. ඔහු ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවා

ඔහු ඔබත් එක්ක ඉන්නේ සතුටින් නම් ඔහු නිතරම උත්සහ කරන්නේ ඔබත් එක්ක කාලය ගත කරන්න. ඒ වගේම තමයි ඔහු නිතරම උත්සහ කරනවා ඔබව සතුටින් තියන්න.

3. වැදගත් තීරණ ගන්න ඔබව සම්බන්ද කරගන්නවා

ඔහු ඔබත් එක්ක ඉන්නේ සතුටින් නම් ඔහුගේ ජීවිතේ වැදගත් තීරණ ගන්න අනිවාර්යෙන්ම ඔබව සම්බන්ද කර ගන්නවා. මොකද ඔහු විශ්වාස කරනවා ඔබ ඔහුගේ ජීවිතේ වැදගත් කෙනෙක් බව.

4. ඔහු ඔබට ගරු කරනවා

ඔහු ඔබත් එක්ක ඉන්නේ සතුටින් නම් කවදාවත් ඔබට දුකක් දැනෙන දෙයක් කරන්නේ නැහැ. හැම වෙලාවකම උත්සහ කරන්නේ ඔබව ආරක්ෂා කර ගන්න.

5. ඔහු හැම කෙනෙක්ටම කියන්නේ ඔබ ගැන හොඳ

අපි ඇත්තටම කෙනෙක්ට කැමතිනම් තමයි අපි ඒ කෙනාගේ හොඳ ගැන අනිත් අයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔහු ඔබ ගැන හොඳ අනිත් අයත් එක්ක කතා කරනවා කියන්නේ ඔහු ඇත්තටම ඔබත් එක්ක ඉන්නේ සතුටින්.

6. ඔබව සතුටින් තියන්න උත්සහ කරනවා

ඔහු ඔබ නිසා ඉන්නේ සතුටින් නම් අනිවාර්යෙන්ම ඔහුත් උත්සහ කරනවා ඔබව උපරිම සතුටින් තියන්න. ඒ නිසා ඔහු නිතරම ඔබේ සතුට ගැන උනන්දු වෙනවා නම් ඔහු අනිවාර්යෙන්ම ඔබ නිසා ඉන්නේ සතුටින්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 443 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:36:02 AM
Script:/article/443/things-a-real-man-do-when-he-is-in-a-happy-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:36:03 AM
Script:/article/443/things-a-real-man-do-when-he-is-in-a-happy-relationship.html