ඔබත් ගර්භනී සමය ගත කරන කාන්තාවක්ද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න

October 11, 2017
6,967
Are you pregnant? Then you should read this article
කාන්තාවකට තමන්ගේ ජිවිතේ ලබන්න පුළුවන් උසස්ම, උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. ඒ වගේම කාන්තාවකගේ ජිවිතේ ඉතා වැදගත්, ගොඩක් ප්‍රවේසම් විය යුතු සහ බොහෝ අපහසුතා වලට මුහුණ දෙන කාලයක් තමයි මේ. ගොඩාක් කාන්තාවන් මේ කාලේදී විවිධ ලෙඩ රෝග හා ශාරීරික අපහසුතා වලට මුහුණ දෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේ කාලයේදී කාන්තාවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය හින වීම.

1. ඇයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්නේ?

අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්ය භාරය වෙන්නේ අපේ ශරීරයට ඇතුළු වෙන විෂබීජ හා අහිතකර දේවල් ඉවත් කර අපිව ආරක්ෂා කරන එක. කළලයක් කියන්නේ අපේ ශරීරයට බාහිරින් එකතු වෙන දෙයක්. ඒ නිසා එය ප්‍රතික්ෂේප වීම වැලක්වීමට ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. එය රෝගී තත්ත්වයක් නෙවෙයි. ප්‍රසුතියෙන් පස්සේ එය නැවත යතා තත්ත්වයට පත් වෙනවා. එත් මේ කාලයේදී ප්‍රතිශක්තිය අඩු වෙන නිසා විවිධ බෝ වන රෝග වලට ලක් වීමේ අවදානම වැඩියි.

2. පිටින් කෑම කනකොට වෙනදාට වඩා හිතන්න

ඒ වගේම තමයි නිවසින් පිටතට ගිහින් ආහාර පාන ආදිය ලබා ගැනීමේදී පිරිසිදුකම, ආරක්ෂාව හා පෝෂණය ගැනත් වැඩි අවදානයක් යොමු කරන්න. හැකි තරම් නිවසේදී පිළියෙළ කර ගන්නා සෞඛ්‍යාරක්ෂිත, පෝෂ්‍යදායි, සමබල ආහාර ලබා ගැනීමෙන් රෝග වලට ගොදුරු වීමේ අවධානම අඩු වෙනවා. අපිරිසිදු ආහාර මගින් විෂබීජ ශරීර ගත වී හෙපටයිටිස්, සෙංගමාලය, කොලරාව, පාචනය වගේ තත්ත්වයන් ඇති වුනොත් එය දරුවාගේ වර්ධනයට අහිතකර විදිහට බලපාන්න ඉඩ තියෙනවා.

3. ස්වසන අබාධ බහුලව ඇති වෙනවා

ගර්භනී සමයේදී ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුලව ඇති වෙන්න පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යාව වගේ තත්වයන් ඉතා ඉක්මනින් වැලඳෙනවා. රෝගීන් බැලීමට රෝහල් වලට යාම වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න.

4. සමබල පෝෂණයක් අවශ්‍යයි

මේ කාලයේදී සිරුරට අවශ්‍ය මේදය, විටමින් හා ඛනිජ ලවන මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගත හැකියි. ගර්භනී සමයේ ප්‍රතිශක්තිය අඩු නිසා සෑම ආහාර වේලක්ම සමබරව ලබා ගැනීමට වග බලා ගත යුතුයි. ෆෝලික් අම්ලය, යකඩ පෙති හා වෛද්‍ය නිර්දේශිත විටමින් වර්ග නිවැරදිව ලබා ගන්න.

5. නියමිත එන්නත් නියමිත වෙලාවටම ලබාගන්න

ගර්භනීභාවයට පෙර රුබෙල්ලා, පිටගැස්ම වගේ ලබා ගත යුතු සියලුම එන්නත් ලබා ගන්න අමතක කරන්න එපා. මුල් මාස තුන ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ මාස තුන ඇතුලත බරපතල රෝගයක් වැළඳුනොත් ඒක කලලයට හානි වන්න බලපානවා.

6. කායික වගේම මානසික නිදහසත් වැදගත්

රාත්‍රී කාලයේ පැය 7ක සහ දිවා කාලයේ පැය 2ක තරම් නින්දක් ලබා ගැනීම හොඳයි. මේ සියල්ලටම වඩා ඔයාගේ මානසික තත්ත්වය හොඳින් පවත්වාගෙන යාම අනිවාර්යයි. හැම විටකම මානසික ආතතියෙන් මිදීමට කටයුතු කරන්න. මවගේ යහපත් හෝ අයහපත් මානසිකත්වය කුස තුල වැඩෙන දරුවාට ඍජු ලෙසම බලපානවා. ඒ වගේම පූර්ව හා පශ්චාද් ගර්භනී සමයේ ඇති වෙන මානසික රෝග ගැනත් දැනුවත් වෙලා ඉන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒ ගැන පසු ලිපියකින් ඔයාව අනුවත් කරන්නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 447 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:19:37 PM
Script:/article/447/are-you-pregnant-then-you-should-read-this-article.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:19:38 PM
Script:/article/447/are-you-pregnant-then-you-should-read-this-article.html