කෙට්ටු අයට මහත් වෙන්න තියෙන හොඳම විසඳුම

October 26, 2017
17,688
The best solution to have a fine figure
හැමදාම ලිපි පළ කරන්නේ මහත අයට ඇඟ අඩු කර ගන්න විදිය ගැන කියලනේ. අද කියන්නේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියලා නාහෙන් අඬ අඬා ඉන්න අයට ටිකක් මහත් වෙන්න පුළුවන් විදිහක් ගැන. ඒකට වැඩි දේවල් ඕන කරන්නේ නැහැ. රට ඉඳි කියන්නේ කෙට්ටු ශරීරයක් මහත් කර ගන්න, ටිකක් පෘෂ්ටිමත් කර ගන්න තියෙන හොඳම විසඳුමක්.

රට ඉඳි කියන්නේ ඉතා ඉක්මනින් අපේ කුස පුරවන ආහාර වර්ග වලින් ප්‍රධානම වූ එකක්. ඒ වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන් කදිම ආහාරයක්. අධික ලෙස වෙහෙසෙන අයෙකුට දිනපතා රට ඉඳි ආහාරයට එක් කර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒක තමයි මෙහි තියෙන විශේෂිතම ගුණය.

ඒ වගේම රට ඉඳි වල තිබෙන තන්තුමය ස්වභාය නිසා පහසුවෙන් මල ද්‍රව්‍ය පිට කිරීමේ හැකියාව තිබෙනවා. මලබද්දය වගේ රෝග සුව කිරීමට රට ඉඳි යොදා ගන්නවා. අහාර දිරවීමේ අපහසුතා ඇති අයට එය පහසු කරන්නත් ආහාර මාර්ගය ආශ්‍රිත අනෙකුත් බොහොමයක් රෝග තත්ත්වයන් මඟ හැරීමේ හැකියාවත් රට ඉඳි වලට පවතිනවා.

ශරීරයේ බර අඩු හා කෙට්ටු අයට මහත් වෙන්න තියෙන පහසුම මාර්ගයක් තමයි රට ඉඳි කියන්නේ. දිනකට රට ඉඳි ගෙඩි 8ක් 10ක් අහාරයට ගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. රට ඉඳි ආහාරයට පෙර ඇට ඉවත් කර රැයක් වතුරේ දමා තියෙන්නට හැර පසුවදා ආහාරයට ගන්න. එහෙම වුනොත් ප්‍රතිඵල වඩා සාර්ථකයි.

ඒ වගේම ඇට ඉවත් කර ගත් රට ඉඳි තුලට බටර් එකතු කර දිනකට ගෙඩි 4 බැගින් ආහාරයට ගන්න. ඔයාට බටර් වෙනුවට එළඟි තෙල් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම එත් සමඟ එළකිරි විදුරුවකුත් පානය කරන්න පුළුවන් නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

විටමින්, ඛනිජ හා කෙඳි වලින් පොහොසත් වගේම, සෞඛ්‍යට හිතකර වන තෙල්, කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැංගනීස්, තඹ හා මැග්නීසියම් ආදී පෝෂණ කොටස් රාශියක් අඩංගු වෙන නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දී ශරීරය පෘෂ්ටිමත් කරන්න උදවු වෙනවා.

රට ඉඳි ශරීරය මහත් කරන්න වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නත්, හදවත් රෝග වලටත්, අස්ථි පද්දතිය ශක්තිමත් කරන්නත්, රක්තහිනතාවයටත් ඉතා හොඳ ඖෂධයක් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට යහපත් ලෙස බලපෑම් කරනවා. මෙන්න මේ නිසා රට ඉඳි කිහිපයක් දිනපතා ආහාරයට එකතු කර ගන්න. එය කෙට්ටු අයට මහත් වෙන්න වගේම නිරෝගී බවට හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 475 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 6:27:46 PM
Script:/article/475/the-best-solution-to-have-a-fine-figure.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 6:27:47 PM
Script:/article/475/the-best-solution-to-have-a-fine-figure.html