පළවෙනි වතාවට අම්ම කෙනෙක් වෙන්න ඉන්න සහ අම්ම කෙනෙක් වුණු ඔබ දැන ගත යුතුම දේවල්

November 1, 2017
6,951
Things to know for moms to be and 1st time moms
ලෝකේ තියෙන උතුම්ම පදවියනේ මව් පදවිය කියන්නේ. පලවෙනි වතාවට අම්ම කෙනෙක් වෙනවා කියන්නේ ඉතින් හිතට ලොකු සතුටක් වගේම ටිකක් විතර චකිතයක් ඇති කරවන දෙයක්. ඒ මීට කලින් ඒ ගැන අත්දැකීම් නැති නිසා. ඒ වගේම පළවෙනි වතාවට අම්ම කෙනෙක් වෙද්දී ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන කරුණු කාරණා බොහොමයක් තියෙනවා.

පලවෙනි මාස 6 පුරාවට දරුවාගේ එකම ආහාරය වෙන්නේ මව් කිරි විතරයි. මව් කිරි දෙද්දී මෙන්න මේ දේවල් ගැන දැනුවත් වීම ඔයාට ගොඩක් වැදගත් වෙයි.

1. පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න

දරුවට අවශ්‍ය මව් කිරි වර්ධනය කරන ආහාර දිනපතා ආහාර වේලට එකතු කර ගන්න. මව් කිරි වර්ධනයට වගේම, ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට මේ කාලයේදී වැඩි පුර කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ධාන්‍ය වර්ග, නැවුම් එළවලු, පලතුරු, පලා වර්ග, සුදුසු මාළු වර්ග ආහාරයට එකතු කර ගන්න.

2. දරුවා බිහිකිරීමෙන් පසුව පළමු වතාවටම කිරි දෙන එක තරමක් අපහසු දෙයක්

ඒ වගේ අවස්ථාවකදී වෛද්‍යවරයෙකුගෙන්, හෙදියකගෙන් හෝ වෙනත් අත්දැකීම් ඇති කෙනකුගෙන් ඒ ගැන විමසන්න සහ දරුවා පහසු විදියට රඳවා ගන්නේ කොහොමද කියන එක ගැන අහන්නත් පැකිලෙන්න එපා.

3. කිරි දීමේදී පහසු ඉරියව්වක් අනුගමනය කරන්න

දරුවාටත් ඔයාටත් පහසු ඉරියව්වකින් තබා ගැනීමෙන් කිරි දීමට පහසුවක් වෙනවා.

4. දරුවා වරින් වර දෙන ඉඟි ගැන අවදානයෙන් ඉන්න

බඩගිනි වුනු වෙලාවට, බඩ පිරුණු වෙලාවට වගේම වෙනත් කායික අපහසුතා ඇති වූ විට දරුවා දක්වන ප්‍රතිචාර ගැන හොඳ අවදානයෙන් පසු වෙන්න.

5. මව් කිරි දෙන කාලය අතරතුර ඔබව විජලනයට පත් වෙන්න තියන ඉඩ වැඩියි

ඒ වගේම ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා ඔබ දුර්වල වෙන්නත්, ශක්තිය හීන වන්නත් ඒ නිසාම ඉක්මනින්ම ඔබව දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වැඩිපුර වතුර බොන්න.

6. දරුවා බිහි වී මුල් මාස කිහිපය තුල වරින් වර කාමරය මාරු කරන්න එපා

මාස 6ක් වත් ගත වනතුරු දරුවා එකම කාමරයක තබා ගන්න. ඒ වගේම අධික ලෙස රස්නයත්, අදික සීතලත් ඇති නොවන විදියට කාමරය තුල සුදුසු උෂ්ණත්වයක් පවත්වා ගන්න.

7. දරුවා ඉන්න කාමරය තුල විදුලි පංකා ක්‍රියා කරවන්න එපා

එහෙම වුනොත් දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

8. දරුවා අසල දුම් පානයට ඉඩ දෙන්න එපා

ඉතා ඉක්මනින් දරුවාව නිකොටින් වලට නිරාවරණය වීමත් ස්වසන ආබාධ ඇතුළු රෝග රැසකට මුල් වෙන්නත් මෙය හේතුවක්.

මේ දේවල් වලට අමතරව අලුත උපන් දරුවා ගැන වගේම ඔබේ සෞඛ්‍ය, විවේකය ගැනත් අවදානය දෙන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 489 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:51 AM
Script:/article/489/things-to-know-for-moms-to-be-and-1st-time-moms.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:51 AM
Script:/article/489/things-to-know-for-moms-to-be-and-1st-time-moms.html