දේහ ලක්ෂණ විද්‍යාව අනුව කාන්තා දෙනෙත් ගැන කියැවෙන රහස්

November 2, 2017
11,989
What do women's eyes tell about their character
* බළල් ඇස් හෝ ඇත් ඇස් වලට සමාන ඇස් ඇත්තා වූ ස්ත්‍රිය කාම බැඳීමෙන් සිය කුල ගෞරවය නසා ලන්නීය. දකුණු ඇස වපර තැනැත්තිය පරපුරුෂයන් සොයා යන්නියන් වේ.

* යම් කාන්තාවකගේ ඇස් වල රත්පැහැ වූ කොන් පිහිටියේද, මධ්‍යයේ වූ කළු ඉංගිරියාව මනා ලෙස කළු දීප්තිමත්ව පිහිටියේද, පැහැදිලි පෙනුමින්ද, මොලොක් ස්වභාවයෙන්ද, යුක්තව පිහිටි, එසේ වූ නෙත් දෙක, කාල වර්ණ ඇස් පිහාටු පිහිටියේද, ඇය ඉතා වාසනාවන්ත ස්ත්‍රියක් වන්නීය. කඩවසම්, උස් වූ පෞරුෂයෙන් හෙබි ස්වාමිපුරුෂයෙකු හිමි වන ඇය වාසනාවන්ත වූ දරුවන් පිරිසක් ලබා ඉසුරුමත් දිවියක් ගත කරන්නීය. ඒ වගේම සමාජයෙන් ගෞරවයද ප්‍රශන්සාවද ලබන්නීය.

* නීල වර්ණයෙන් යුත් වූ, කාන්තිමත් වූ දෑසක් යම් කාන්තාවකට පිහිටියේ නම් ඇය ස්වාමියාගේ ආදරය නොමදව ලබා ගන්නීය. සමාජයට මහා මෙහෙයන් ඉටු කරගන්නාවූ පුතෙකු හෝ දුවක හිමිකොට ගන්නීය.

* යම් කාන්තාවකගේ ඇස් පිහාටු වල රෝම අවුල් වී පවතින්නේ නම් ඇය නිරතුරුවම දුකින් කාලය ගත කරන්නීය. පහත් සිතුවිලි වලින් යුක්තය.

* සිහින් වූ දිගටි හැඩයෙන් යුක්ත වූ ඇස් පිහිටි ස්ත්‍රියක් නම් ඇය සහජයෙන් ලැබුවා වූ මනා කෞෂල්‍යයකින් යුතු වන්නීය. උසස් කලා කාරියක් ලෙස සමාජයේ ඉතා ඉහල ජනප්‍රියත්වයට පත්වන්නීය. ආදරනීය චරිතයක් වන්නීය. ඒ වගේම මෙවන් ඇස් ඇති කාන්තාවන් අතිශයින්ම රාගාධික වන්නීය. සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට භාග්‍යය ඇත.

* රවුම් හැඩයෙන් යුතු ඇස් ඇති තැනැත්තිය කාමරාගී භාවයෙන් වගේම චපල භාවයෙන්ද යුක්තයි. ශෘංගාරය නොව කාමය මුල්කොට ගත් හැඟීම් වලින් යුක්තයි.

* තඹ පැහැයෙන් යුතු ඇස් පිහිටා ඇත්තියද, කොබෙයියකුගේ ඇස් මෙන් කුඩා දීප්තිමත් ඇස් පිහිටා ඇත්තියද, පහත් ගති ගුණ වලින් යුක්ත වන්නීය. ලොවම රවටති.

* යම් කාන්තාවකට ගිලී ගිය ආකාරයේ ඇස් පිහිටියේ නම් ඇය නපුරු දුෂ්ඨ චේතනා වලින් යුක්ත වන්නීය. ඒ ඇස් රත් පැහැයෙන් වූයේ නම් බෙහෙවින්ම දුෂ්ඨය.

* තද කාල වර්ණයෙන් යුතු ඇස් පිහාටු ඇති තැනැත්තිය උසස් අධ්‍යාපනයක් ලැබීමටත්, තනතුරු ආදිය හිමි වීමටත් භාග්‍ය උදා කර ගනියි. මහත් වූ ධන සම්පත් හිමි කර ගැනීමටත්, ඉසුරින් සපිරි ජීවිතයක් ළඟා කරගන්නටත් ඇය භාග්‍යවන්තයි.

සටහන
සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 490 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:47:03 AM
Script:/article/490/what-do-womens-eyes-tell-about-their-character.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:47:04 AM
Script:/article/490/what-do-womens-eyes-tell-about-their-character.html