හැමෝම හොදයි කියනවා කියලා මේ දේවල් මූණේ ගාන්නේ නම් බලාගෙන

February 15, 2017
14,732
6 Things You Should Never Put On Your Face
අද කාන්තාවන් අතර ජනප්‍රිය රුපලාවන්‍ය පිළිවෙතක් තමයි නිවසේදීම සදා ගන්න ආලේපන ලස්සන වෙන්න භාවිතා කරන එක. හැමෝම හිතන්නේ මේ වැඩේට පාවිච්චි කරන්නේ ස්භාවික දේවල් නිසා මෙමගින් සම පෝෂණය කර නිරෝගීමත් කරනවා කියලා. නමුත් අද අපි ඔබට කියන මේ දේවල් ඔබ ලස්සන වෙන්න කියල හිතාගෙන මූණේ ආලේප කරොත් නම් ඔබේ තියන ලස්සනත් නැති වෙලා යන එක තමයි වෙන්නේ. මේ නිසා ඔබ මුහුණේ යමක් ආලේප කරනවානම් අනිවාර්යෙන්ම එමගින් ඔබේ මුහුණට ලැබෙන හොද වගේම නරක ප්‍රථිපල ගැනත් ඔබ දැනුවත් විය යුතුයි. බලන්නකෝ මේ දේවල් ඔබත් ලස්සන වෙන්න කියල හිතාගෙන මූණේ ගානවද කියලා. එහෙනම් ඉතින් ඔබටත් වෙන්නේ කරගත්ත මෝඩ කමක් කියලා හිතල පස්සේ දුක් වෙන්න තමයි.

1. දෙහි

ගොඩක් අය හිතන්නේ දෙහි මුහුණේ ආලේප කලාම සම පිරිසිදු වෙලා සම නිරෝගිමත් වෙනවා කියලා. නමුත් ඔබ දන්නවද දෙහි මුහුණේ අලේප කිරීම නිසා අපේ මුහුණේ PH අගය වෙනස් වී සම දුර්වල වන බව. මේ නිසා සම අවපැහැ ගැන්වී සමේ නිරෝගී පෙනුම අඩු වෙලා යනවා.

2. දත් බෙහෙත්

ලොව පුරා සිටින බොහෝ පුද්ගලයන් මුහුණේ දත් බෙහෙත් ආලේප කරනවා කුරුලෑ ඉක්මනින් වියළීමට. මෙය සාර්ථක පිලියමක් තමයි වේදනා ගෙන දෙන මුහුණේ ලස්සන අඩු කරන විශාල කුරුලෑ වලට. නමුත් ඔබ දන්නවද දත් බෙහෙත් මුහුණේ අලේප කිරීම නිසා මුහුණේ දැවිල්ලක් හට ගැනීම, සම මතුපිට පිළිස්සුම් කැලලි ඇතිවීම වගේම සමේ විවිධ ගැටළු මතු වීමට එය හේතුවක් වන බව.

3.හෙයාර් ස්ප්‍රේ

ඔබ බොහෝ විට දැක ඇති නිවසේදී සදා ගන්නා රුපලාවන්‍ය ආලේපන වලට හෙයාර් ස්ප්‍රේ භාවිතා කරනවා. හෙයාර් ස්ප්‍රේ මේ සදහා භාවිතා කරන්නේ කුරුලෑ ඉක්මනින් වියලීමට වගේම තවත් සමේ පවතින විවිධ ගැටළු වලට පිලියමක් ලෙස. නමුත් ඔබ දන්නේ නැතුව ඇති මේ නිසා ඔබේ මුහුණේ ඇති තෙතමනය උරාගන්නා සිදුරු අවහිර වී ඔබේ මුහුණ වියලි භාවයට පත් වන බව.

4. උණු වතුර

අපි කවුරුත් කැමතියි හොද සනීපෙට උණුවතුර නාන්න. උණු වතුරෙන් මුණ සෝදන්න. නමුත් ටිකක් රස්නේ වැඩි උණු වතුර වලින් මුණ නිතරම හේදුවොත් සමට අවශ්‍ය කරන තෙල් ගතිය ඉවත්ව ගිහින් සම වියලි භාවයට පත් වී සමේ නිරෝගී පෙනුම නැතිවෙලා යාවි.

5.වැස්ලීන්

ලොව වටා ඉන්න බොහොමයක් දෙනා සමේ වියලි බව නැතිකර ගන්න වැස්ලින් මුහුණේ ආලේප කරනවා. මුලින්ම මෙය මුහුණේ ආලේප කල කෙනෙක්ට සම මෘදු වී නිරෝගීව තිබෙන බව දැනේවි. නමුත් ටික දිනක් යන විට කුරුලෑ හටගෙන ඔබේ මුහුණ තිබුනටත් වඩා වියලි භාවයට පත් වේවි. මේ නිසා අවශ්‍යතාවයට මිසක් පුරුද්දට මුහුණේ වැස්ලින් අලේප කරන්න එපා.

6. Body Lotion

Body Lotion විශේෂයෙන්ම නිපදවා තිබෙන්නේ ඔබේ ශරීරයට. නමුත් බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැතුව Body Lotion මුහුණේ ආලේප කරනවා. ඔබ හොදින් තේරුම් ගත යුතුයි ඔබේ මුහුණට සහ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය එකිනෙකට වෙනස් බව. මේ නිසා අදාල නිෂ්පාදන නියමිත විදිහට භාවිත කරන්න අපි උත්සහ කරන්න ඕනේ. නැත්නම් නැති ප්‍රශ්න ඇති වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 58 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:44:27 AM
Script:/article/58/6-things-you-should-never-put-on-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:44:28 AM
Script:/article/58/6-things-you-should-never-put-on-your-face.html