මේ දේවල් නිසා ඔයාටත් නොදැනිම ඔයාගේ බර වේගයෙන් වැඩි වෙනවා

December 19, 2017
8,424
These increase your wight very fast
අධික බර, ස්ථුල බව කියන්නේ වර්තමානේ බාල, තරුණ, මහළු කියල කිසිම භේදයක් නැතුව මුහුණ දෙන ගැටළුවක් නේ. ඒ වගේම මේ තත්ත්වය විවිධ රෝග රැසකට මුල් වෙනවා. සමහර විට ඔයා දැනටමත් මේ කරදරෙන් පීඩා විදිනවා ඇති. ඒ නිසාම මේ කරදරෙන් ගැළවෙන්න තියෙනවා නම් කියලා හිතන වාර අනන්තයි නේද? බර වැඩි වෙන්න ඔයා නොදන්නා මේ තත්ත්වයන් අනිවාර්යෙන්ම බලපානවා.

ඔයාගේ බර වැඩි වීම සඳහා බලපාන ප්‍රධානම හේතුවක් වෙන්නේ ජාන වල බලපෑම. ඔයාගේ සමේ පැහැය, ඇස් වල වර්ණය, ශරීරයේ හැඩය, මුහුණේ ලක්ෂණ වැනි දේවල් වලට අමතරව සිරුරේ බර සඳහාත් ජානමය බලපෑම සිදු වෙනවා. ඒ වගේම විවිධ ජානමය විකෘතිත් බර වැඩි වීම සඳහා බලපෑම් කරනවා. නමුත් බර වැඩිවීම සඳහා බලපාන එකම තීරණාත්මක සාධකය ජාන වල බලපෑම පමණක් නොවෙයි.

ඊළඟ හේතුව තමයි සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් දෛනිකව ලබා ගැනීම. දිනකට ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව ලබා ගැනීම නිසා බර වැඩි වීම වගේම ස්ථුල භාවය ඇති වෙනවා. ඒ නිසා කට පාලනයක් ඇති කර ගැනීම තමයි අමුලින්ම කල යුතු වෙන්නේ. ඔයාගේ බර වැඩි කරන මේ අහාර සහ අහිතකර චර්යාවන් වලින් පරිස්සම් වුනොත් පස්සට කරදර වෙන්න ඕන වෙන්නේ නැහැ.

සීනි, පිෂ්ටය, මේදය අධික ආහාර පාන ගැනීමත් බර වැඩිවීම සඳහා බලපාන තවත් ප්‍රධාන හේතුවක්. එවැනි ආහාර වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම ඒ ආහාර පෝෂණ ගුණය අතින් ඉතාම අල්පයි. මේ නිසා සීනි ඇතුළු මේ කිව්ව ආහාර අධික ලෙස ගැනීමෙන් වැලකීම මත අධික බර පාලනය කර ගන්න ඔයාට පුළුවන්.

ඒ වගේම අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි පෝෂණ ගුණයකින් යුත් පලතුරු, එළවලු, පලා වර්ග, මේද රහිත මස්, ධාන්‍ය වර්ග ආදිය ආහාරයට එකතු කර ගැනීමත් ගොඩාක් වැදගත්. ඒ වගේම ඔයාග් දෛනික කැලරි අවශ්‍යතාවය ඉක්මවා නොයන ලෙස ආහාර හුරු වෙන්න. පෝෂණ ගුණයෙන් අනූන සහ කැලරි අගයෙන් අඩු අහාර වේලක් සඳහා හුරු වීම, සීග්‍රයෙන් බර වැඩි වීම වලක්වා ගත හැකි හොඳම උපක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකියි.

ඒ වගේම සිරුරට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණවත් පරිදි නොලැබී යාම නිසාත් ශරීරය අනවශ්‍ය විදිහට තර වෙනවා. ඒ නිසාවෙන්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාවත් ඉතා වැඩියි. ඒ නිසා අනිවාර්යෙන් ව්‍යායාම කිරීම හෝ ඇඟ වෙහෙසන ක්‍රියාවන් වල නියැලීම අත්‍යාවශ්‍ය කාරණාවක්.

මීට අමතරව කෙනෙකුගේ ශරීරයේ බර වැඩි වීම සඳහා බලපාන වෙනත් සාධකත් තියෙනවා. දිගුකාලීන මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක්ගේ ශරීරයේ බර වැඩි වීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ බර වැඩිවීමට සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකු ස්වභාවයෙන්ම මේදය සහ සීනි අධික සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම සඳහා පෙළඹෙන ප්‍රවනතාවය වැඩියි.

එමෙන්ම මානසික ආතතිය ඇති කෙනෙකුට නින්ද යන ප්‍රමාණය අඩු අතර නින්ද නොයාම නිසා ආහාර ගැනීම සහ ආහාර ගැනීම නතර කිරීම පාලනය කරන ලේප්ටින් සහ ග්රෙලින් යන හෝමෝන වල ක්‍රියාකාරීත්වය අක්‍රීය කරනු ලබනවා. මේ නිසා මානසික ආතතිය පාලනය කිරීමත් බර අඩු කර ගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 586 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:47:03 PM
Script:/article/586/these-increase-your-wight-very-fast.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:47:03 PM
Script:/article/586/these-increase-your-wight-very-fast.html