පොල් රොටී, කිරි රොටී, බිත්තර රොටී වගේ එක එක විදිහට හදන රොටී අතරේ මස්, මාළු, එළවළු හෝ ඔබ කැමති පිරවුමක් දාල හදන මේ ටෝටිලා රොටියට රහ දන්න කවුරු කවුරුත් කැමති වේවි.
ටෝටිලා රොටී හදන්න අවශ්‍ය දේවල් :
තිරිඟු පිටි කිලෝ 1
මාගරින් ග්‍රෑම් 50
ලූණු රස පදමට
අයිස් වතුර ග්‍රෑම් 540
පිළියෙළ කර ගන්නා ආකාරය :
1. ඉහත සඳහන් සියලූම අමු ද්‍රව්‍ය එකට එක්කර හොඳින් මිශ්‍ර කර මෝලියක් සාදාගන්න.
2. එසේ සාදාගත් පිටි මෝලිය විනාඩි 45ක් පමණ විවේකීව පිපෙන්නට තබන්න.
3. ඉන්පසු එම මෝලිය ග්‍රෑම් 50ක කැබැලිවලට කඩා බෝල සාදා ගන්න.
4. එසේ සාදාගත් බෝල නැවතත් විනාඩි 20ක් පමණ විවේකීව තබන්න.
5. ඉන්පසු එම පිටි බෝල රොටියක ආකාරයෙන් තුනී කර තැටියක පුළුස්සා ගන්න.
6. දැන් එළවළු, මස්, මාළුවලින් පිරවුමක් සාදා එය කලින් සාදාගත් රොටිය මැදට තබා ඔතා පිළිගන්වන්න.