මාස් ශුද්ධිය එහෙමත් නැත්තන් ඔසප්වීම කියන්නේ සෑම කාන්තාවක්ම ඉතාමත් අපහසුතාවයට පත් වෙන කාලයක්. ඒ වගේම තවත් පිරිසක් මේ අපහසුතාවයට අමතරව දැඩි වේදනාවකටත් මුහුණ දෙනවා. මේ දේවල් නිසා බොහෝ දෙනෙක් වැරදි චර්යාවන් අනුගමනය කිරීම දකින්න පුළුවන්. නමුත් එය ඒ තරම් හිතකර දෙයක් නෙවෙයි. තමන්ගේ නිරෝගී බාවය ගැන හිතන හැම කෙනෙක්ම මාස් ශුද්ධිය සිදු වන කාලය තුල මේ දේවල් ගැන වැඩි අවදානයක් ලබා දෙන්න.
1. ඔපස් කාලය තුල ඇති වන වේදනාව අවම කරවා ගන්න තේ, කොපි හෝ කොත්තමල්ලි පානය කරන්න. වේදනා නාශක බෙහෙත් වලට හුරු නොවී ස්වාභාවික ක්‍රම මඟින් සහනය ලබා ගැනීම ශරීර සෞඛ්‍යටත් හොඳයි. ශීත කල වතුර, සෝඩා වර්ග පානය කිරීමෙන් වලකින්න.
2. පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න. ඇතැම් පිරිස් මේ දිනවලදී බොහෝ ආහාර වර්ග ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් හැම පෝෂ්‍ය පදාර්ථ පදාර්තයක්ම සම්පුර්ණ වෙන විදියට ආහාර ලබා ගන්න එක අනිවාර්යයි . මෙම දින කිහිපය තුළ ඔබේ ශරීරයෙන් අධික ලෙස රුධිරය ඉවත් වෙන නිසා සිරුරට ශක්තිය ලබා ගැනීමට පෝෂ්‍යදායි ආහාර ලබා ගත යුතුයි. විශේෂයෙන් කුඩා කටු සහිත මාළු, පලා වර්ග අමතක කරන්න එපා.
3. මෙම කාලය තුල ලිංගික ක්‍රියාවලින් වැලකි සිටීම වඩාත් යෝග්‍යයි. ඔපස් කාල සීමාව තුළ ලිංගික ක්‍රියා වල යෙදීම මගින් විෂබීජ හා ආසාදන ශරීරගත වීමට ඇති ඉඩකඩ බහුලයි.
4. ශරීරය වෙහෙසන ක්‍රියා වලින් තරමක් ඈත් වී සිටින්න. වේදනාවක් හෝ ක්ලාන්ත තත්වයක් ඇතිවේ නම් ඉක්මනින් විවේක ගන්න .සිරුරින් අධික ලෙස රුධිරය ඉවත් වෙන නිසා ශරීරය දුර්වල වෙනවා. ඒ නිසා සිරුර අනවශ්‍ය ලෙස වෙහස කරවීම අවශ්‍ය නැහැ.
5. ඉක්මනින් දිරවිය හැකි ආහාර ලබා ගන්න. දිරවීම අපහසු ආහාර ලබා ගැනීමෙන් ඔබ තවත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. සෑම විටම පෝෂණ ගුණයෙන් ඉහල ආහාර හා මේදය අඩු ආහාර ගන්න.
6. විවේකය හා නින්ද මඟ හරින්න එපා. එහෙම වුණොත් ඔබ ඉතා ඉක්මනින් තෙහෙට්ටුවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීමෙන් සිරුර අනවශ්‍ය විදියට විඩාවට පත් නොකර තබා ගන්න පුළුවන්.
7. වැඩිපුර වතුර පානය කරන්න. ඔබව විජලනයට පත් වීමෙන් වලක්වා ගන්නත් ශක්තිය අවම වී ඔබව දුර්වල වෙන්න තියෙන ඉඩ ප්‍රමාණයත් එයින් අවම වෙනවා.
8. මේ හැම දෙකටම වඩා ඔබේ පිරිසිදුකමට මුල් තැන දෙන්න. මේ දිනයන් වලදී වෙනත් දිනයන්ට වඩා ඔබ ඔබේ පිරිසිදු කම ගැන සිතිය යුතුයි. පය 4න් 4ට වත් සනීපාරක්ෂක තුවාය මාරු කරන්න. ඒ හැම අවස්ථාවකම ඒ ප්‍රදේශ හොඳින් සෝදා වියලිව තබා ගන්න. ඒ සඳහා මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න.