අවශ්‍ය ද්‍රව්‍ය :
දැල්ලන් ග්‍රෑම් 200 ක්
පොඩියට කපාගත් ළූණු ග්‍රෑම් 15 ක්
ලොකුවට කපාගත් ළූණු ග්‍රෑම් 50 ක්
ලොකුවට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 30 ක්
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30 ක්
කෑලි මිරිස් මේස හැඳි 1/2 ක්
තෙල් මේස හැඳි 2 ක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
පොඩියට කපාගත් සුදු ළූණු තේ හැඳි 1 ක්
පොඩියට කපාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්
හතරට පලාගත් අමු මිරිස් කරල් 4 ක්
දෙහි ගෙඩියක යුෂ
ලුණු
රම්පේ, කරපිංචා, කුරුඳු පොතු
පිළියෙළ කර ගන්නා ආකාරය :
1. දැල්ලන් හොඳින් සෝදා කපාගෙන දිය බේරෙන්නට හරින්න.
2. තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ලොකුවට කපාගත් ළූණු , රම්පේ, කරපිංචා, සුදු ළූණු, අමු ඉඟුරු, කුරුඳු පොතු එක්කොට බැදෙන්න හරින්න.
3. ඊටම කෑලි මිරිස්, ලුණු හා තක්කාලි ද එක්කරන්න.
4. තක්කාලි හොඳට පොඩි වන්නට හැර දැල්ලන්, ළූණු, මාළු මිරිස්, තක්කාලි හා දෙහි දමා මිශ්‍ර කරන්න.
පස්දෙනෙකුට පමණ සෑහේ.