එළු මස් සුප් - Recipe

May 21, 2018
887
Mutton Soup Recipe
 
ගතවන කාලය පැය 1 විනාඩි 15

අවශ්‍ය ද්‍රව්‍ය :

කටු සහිත එළු මස් ග්‍රෑම් 500 ක්
මාගරින් තේ හැඳි 2 ක්
කපාගත් රතු ළූණු ග්‍රෑම් 100ක්
කපාගත් සුදු ළූණු ග්‍රෑම් 20 ක්
අර්තාපල් ග්‍රෑම් 100 ක්
කැරට් ග්‍රෑම් 100 ක්
ලීක්ස් සුදු ග්‍රෑම් 50 ක් (ගසේ දඬු කොටස)
බාර්ලි ග්‍රෑම් 20 ක්
කපාගත් සැල්දිරි දඬු ග්‍රෑම් 100 ක්
ගම්මිරිස් ස්වල්පයක්
ලුණු
වතුර ලීටර 6ක්

පිළියෙළ කරගන්නා ආකාරය :

1. එළුමස් ටික ගෙන සෝදා පිරිසිදු කරගෙන කටුත් එක්කම පොඩි කෑලිවලට කපාගන්න.

2. භාජනයකට වතුර ටිකක් ගෙන ලිප තබා උතුරවා ගන්න.

3. වතුර උතුරද්දී කපාගත් එළුමස් දමා විනාඩියක් විතර තම්බා වතුර පෙරා ගන්න.

4. දැන් තව භාජනයක් ලිප තබා එයට මාගරින් දමා රත්කර ගන්න.

5. රත්වූ මාගරින්වලට කපාගත් රතු ළූණු, සුදු ළූණු එළවළු දමා තරමක් තෙම්පරාදු කරගන්න.

6. දැන් එයටම එළු මස් සහ බාර්ලි එකතු කර පැයක් පමණ තම්බාගන්න.

7. අවසානයේ රස පදමට ලුනු ගම්මිරිස් එකතු කර ලිපෙන් බාගන්න.

ඔබට අවශ්‍ය ආකාරයට ප්‍රමාණයන් අඩු වැඩි කරගත හැක.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to be beautiful like a bollywood actress
   7,040
   2,827

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
How to keep the perfume fragrance all day long
   4,488
   1,136

මේ විදිහට සුවඳ විලවුන් ගැල්වූවොත් දවස පුරාම ඔයා ළඟ සුවඳ රැඳේවී

පර්ෆියුම් එකක සුවඳවත් බව දවස පුරාම රැක ගන්න කොහොමද පර්ෆියුම් එක හරි විදිහට භාවිත කරන්නේ කියලා ඔයාට අද හැඩකාරී අපි කියලා දෙනවා
Bread Pudding Recipe
   870
   772

පාන් පුඩිම - Recipe

ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රෙඞ් පුඩිම වශයෙන්ද, සිංහල භාෂාවෙන් පාන් පුඩිම වශයෙන්ද හදුන්වන මෙම අතුරුපස හදන්නේ මෙහෙමයි
Tomato Biryani Recipe
   2,237
   543

මස් මළු නැතුව තක්කාලි වලින් බිරියානි එකක් හදමුද?

මස් මාලු කන්නෙ නැති කෙනෙක්ට රසවිඳින්න රසම රස බිරියානි වට්ටෝරුවක්
This Japanese Method Will Help You Quickly Get Rid of Belly Fat
   53,567
   384

දවසකට විනාඩි දෙකක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගම්මුද?

කාන්තාවකට ලස්සන උදරයක් හිමිවෙනවා කියන්නේ ඇයට හැකියාව ලැබෙනවා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න. එත් ඉතින් අපේ කාන්තාවන්

Latest Articles

Most Viwed