ඩෙවල් චිකන් මිනි පීසා - Recipe

May 31, 2018
4,621
Devilled Mini Pizza Recipe
පීසා මෝලිය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි ග්‍රෑම් 300
යීස්ට් තේ හැඳි 1
සීනි තේ හැඳි 1
ලුණු තේ හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 2
බිත්තර 1
වතුර (මදරස්නයෙන්) අවශ්‍ය පමණට

සාදන ක්‍රමය :

1. වතුර හැර අනෙක් සියළුම ද්‍රව්‍ය හොඳින් මිශ්‍රකරගෙන වතුර ටික ටික දමා මෘදු මෝලියක් අනාගෙන කුඩා බෝල වලට කඩාගන්න.

2. පළල සෙන්ටිමීටර් 3-4 ට තුනීකරගෙන තෙල් තවරාගත් තැටියක දමාගන්න.

3. සාදාගත් පිරවුමෙන්(පහතින් සඳහන් කර ඇත) හැන්දක් සහ ඒ මතට ගාගත් චීස් උඩින් ඉසගන්න.

4. පෙර රත්කරගත් උදුනක දමා සෙල්සියස් අංශක 200 උෂ්ණ්තවයේ විනාඩි 25ක් බේක් කරගන්න.

පිරවුමට :

කුකුල් මස් (තම්බාගත්) ග්‍රෑම් 100
සුදු ලූනු පේස්ට් තේ හැඳි 1
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1
තක්කාලි (කපාගත්) ගෙඩි 1/2
මාළු මිරිස් (පෙති කපාගත්) කරල් 1
තෙල් මේස හැඳි 3
මිරිස් කෑලි තේ හැඳි 1
ලුණු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1/2
සෝයා සෝස් තේ හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 2

සාදන ක්‍රමය :

පෑන් එකකට තෙල් දමා රත්කරගෙන කුකුල් මස් බැදගෙන, තක්කාලි සෝස් හැර අනෙක් ද්‍රව්‍ය එකින් එක දමා මිශ්‍රකර විනාඩි 3-4ක් මධ්‍යම උෂ්ණත්වයේ තෙම්පරාදු කරගන්න. තක්කාලි සෝස් අවසානයට දමා හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 840 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:13 AM
Script:/article/840/devilled-mini-pizza-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:14 AM
Script:/article/840/devilled-mini-pizza-recipe.html