පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත් කරමින් රුදුරු ලෙස ගංවතුර මිනිස් ජීවිතවලට බලපෑම් සිදු කළා. ඒ බලපෑම් අතරේ මිනිසුන් බොහෝදෙනෙකු ඒකරාශී වුනේ විපතට පත් සහෝදර ජනතාවට පිහිට වීමටයි. ඒ වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් වියලි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේම, අවතැන් කඳවුරුවල සිටින ජනතාවට බොහෝදෙනෙකු හැකි අයුරින් උදවු වුනේ දැන් රටට වසරක් පාසා මෙය පුරුද්දක්ව ඇති නිසායි. එනිසා මෙවන් ව්‍යසන රටේ සියළු මිනිසුන් ජාති ආගම් බේදයකින් තොරව එකමුතු කළ සිදුවීමක් බවට පත්වුනේ රටක් ලෙසින් අපට සතුටු වන්නටත් යම් සුබ නිමිත්තක් එක් කරමින්.
ඒ වුනත්, සුපුරුදු පරිදි ගංවතුර ව්‍යසනය අහවර වුනු පසු නැවතත් සුපුරුදු එදිනෙදා දිවියට පිවිසි මිනිසුන් ඒ තුළ කාර්යබහුල වූවා මිස ඔවුන්ට අමතක වූ යමක් තිබූ වග ඔවුන්ට සිහිපත් වූයේ නැහැ. සැබැවින්ම එය අත්දැකීමෙන් දත යුත්තක්. ඒ ලංකාවේ තවමත් බොහෝ පිරිසක් ලිං ජලයෙන් සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නා බවයි. ගංවතුර වැනි ව්‍යසනයකින් නිතැනින් හානියට ලක්වන ලිං එවන් වූ ව්‍යසනයකින් පසු ස්වභාවිකව පිරිසුදු වීමක් සිදුවන්නේ නැහැ. එය ගංවතුර ව්‍යසනයෙන් මිදුනත් විපතට පත් වැසියන් තවදුරටත් අසරණ කර තබන්නට හේතුවක්.
එනිසා, එම තත්ත්වය අත්දැකීමෙන්ම හඳුනාගත් ශ්‍රී ලාංකේය තේ සළකුණ වූ Watawala Tea සමාගමේ කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවල ජනතාවගේ ලිං සුද්ධ පවිත්‍ර කරදීමේ වැඩසටහනකට සහභාගී වූයේ බොහෝදෙනෙකුට අමතකව ගිය ජාතික වගකීමක් ඉටු කරන්නටයි. ලිං 52ක් සහ නිවාස 21ක් සුද්ධ පවිත්‍ර කර දීමෙනුත්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 150ක් විපතට පත් ජනතාව අතර බෙදා දීමෙනුත් ඔවුන් මේ ව්‍යසන අවස්ථාවේදී ජනතාවට ශක්තියක් බවට පත්වුණා.
ගංවතුර වැනි ව්‍යසනයකින් වැටී සිට යළිත් නැගිටින ජනතාවට වඩා ශක්තියක් වන්නට ඔවුන් දැරූ උත්සාහය අගය කළ යුතුයි වගේම, මේ එම අවස්ථාවේ විශේෂ ඡායාරූප සහ වීඩියෝ දර්ශන එකතුවකි.
