ඔබත් මේ දේවල් නොකරන අයෙක් නම් ඇත්තටම ඔබ අන් අයට වඩා සුවිශේෂයි

March 1, 2017
7,924
7 Things Emotionally Intelligent People Don’t Do
හොද බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න අපි කවුරුත් කැමතියි. නමුත් බුද්ධිමත් උන පමණින්ම කෙනෙක් සමාජයේ කැපිපෙනෙන කෙනෙක් බවට පත් වෙන්නේ නෑ. බුද්ධිමත් පුද්ගලයන් අතරත් විවිධ ආකාරයේ බුද්ධිමය තත්වයන් හිමි වෙන පුද්ගලයන් ඉන්නවා. මේ අතරින් විශේෂ තැනක් හිමිවෙන පුද්ගලයන් කොට්ඨාශයක් තමයි භාවාත්මකව බුද්ධිමත් අය කියන්නේ.

ඇත්තටම කවුද මේ භාවාත්මක බුද්ධිමත් අය කියන්නේ. ඔබ දන්නවද මේ අයට විශේෂ හැකියාවක් තියනවා හැගීම් හදුනාගන්න වගේම ඒවා හොදින් පාලනය කරගන්න. මේ නිසා මේ වගේ අයට ප්‍රශ්න ඇතිවෙන්න තියන අවස්ථාව ගොඩක් අඩුයි. මොකද මේ අය යම් දෙයක් පිළිබදව තීරණයක් ගන්න කලින් හොදින් කල්පනා කරනවා. මේ නිසා මේ අය ගත කරන්නේ ප්‍රශ්න අඩු බොහොම නිදහස් ජිවිත. ඔබටත් තියෙන්නේ මේ වගේ සුවිශේෂී බුද්ධි මට්ටමක්ද කියලා දැන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. බලන්නකෝ ඔබ මේ දේවල් කරන කෙනෙක්ද නොකරන කෙනෙක්ද කියලා. ඔබ මේ දේවල් නොකරනවා නම් ඔබත් භාවමය බුද්ධියක් හිමි අයෙක්.

1. ඔවුන් අනිත් අයගේ සිහින මත ජිවත් වන්නේ නැහැ. ඒ වගේම කිසිම අවස්ථාවක අනිත් අයගේ සිහින වලට අපහාස කරන්නේ නැහැ. මොවුන් නිතරම බුද්ධිමත්ව කල්පනා කරලා තමන්ගේ සිහින ගොඩනගා ගන්නවා.

2. ඔවුන් කිසිම දෙයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නෑ. මොකද ඔවුන් දන්නවා වැරැද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියන එක. ඔවුන් කිසිම අවස්ථාවක තමන් අතින් සිදුවුන වැරැද්දකට වෙන අයෙකුට දොස් පවරන්නේ නෑ.

3. ඔවුන් හැම අවස්ථාවකටම හැම දෙයකටම හා කියන්නේ නෑ. මොකද මොවුන් හොදින් කල්පනා කරලා බලනවා තමන්ට එම අවස්ථාවට මුහුණ දෙන්න වගේම එම කාර්ය ඉටු කිරීමට හැකියාවක් තියනවද කියන එක ගැන. මේ නිසා මොවුන් යමකට එකඟ වෙන්නේ හොදින් කල්පනාකර බැලීමෙන් අනතුරුවයි.

4. ඔවුන් කිසිම අවස්ථාවක් ඕපාදුප කතාකරන්න යන්නේ නෑ. ඔවුන් දන්නවා මේවා ගැන කතා බහ කිරීමෙන් තමන්ටවත් අනිත් අයටවත් සිදුවන යහපතක් නැති බව. අනෙක ඔවුන් දන්නවා ඕපාදුප කතාබහ කිරීම ලැජ්ජාවට කාරණාවක් බව.

5. ඔවුන් අන් අයගේ සහය බලාපොරොතු වෙන්නේ නැහැ, සතුටින් සිටීමට හෝ ශක්තිමත්ව සිටීමට. කිසිවෙකුගේ සහයක්ව නොමැතිව උවත් මොවුන් සතුටින් සිටිනවා වගේම කිසිදු දෙයකට නොසැලී ශක්තිමත්ව සිටිනවා.

6. ඔවුන් ඝෘනාත්මක කතාබහ සදහා සහභාගී වන්නේ නැහැ. මොවුන් නිතරම ධනාත්මකව සිතන පිරිසක් වන අතර කිසිදු අවස්ථාවක ඝෘනාත්මක ලෙස යම් අයෙක් ගැන හෝ යම් දෙයක් ගැන කරන කතාබහකට ඔවුන් සම්බන්ධ වන්නේ නැහැ.

7. ඔවුන් අතීතයේ එල්ලී සිටින පිරිසක් නොවෙයි. බොහෝ අය කරන්නේ අතීතයේ සිදුවුන දේවල් ගැන කල්පනා කරමින් පසුතැවිලි වෙන එක. නමුත් මොවුන් කිසිදු අවස්ථාවක අතීතය ගැන සිතමින් කාලය ගත කරන්නේ නෑ. මොවුන් සාර්ථකව අතීතය මත නොසිට අනාගතය ගොඩනගා ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 90 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 9:31:57 AM
Script:/article/90/7-things-emotionally-intelligent-people-don-t-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 9:31:57 AM
Script:/article/90/7-things-emotionally-intelligent-people-don-t-do.html