සිසේරියන් සැත්කමකට පසු කාන්තාවක් මේ ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුයි.

September 7, 2017
23,447
Care And Recovery After A C-Section
වර්තමානය වන විට බහුතරයක් කාන්තාවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා තෝරා ගන්නේ සිසේරියන් සැත්කම්. මීට ටික කාලයකට කලින් නම් කාන්තාවක් සිසේරියන් සැත්කමක් දරුවෙකු බිහි කරන්න තෝරා ගන්නේ යම් අවධානම් තත්වයකදී සහ වෛද්‍ය වරයාගේ නිරිදේශ කිරීමක් මතයි. හැබැයි අද වෙන විට පහසුව නිසා වැඩි කාන්තාවන් ප්‍රමාණයක් දරුවන් බිහි කරන්න සිසේරියන් සැත්කම තෝරා ගන්නවා. ඒ නිසා අද අපි ඔබට කියන්නේ සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් අවධානය යොමු කල යුතු කාරණා කිහිපයක් ගැන.

1. ඇවිදීම සදහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න.

සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් ඇවිදින එක ඉතාමත් වැදගත්. ඔබට දැනෙන ශාරීරික අපහසුතාවන් සහ දරුවා ලඟින්ම ඉන්න තියෙන ආසාව නිසා ඔබට ඇවිදින එක මඟ හැරෙන්න පුළුවන්. හැබැයි ඔබට ඉක්මනින්ම යථා තත්වයට පත්වෙන්න අවශ්‍ය නම් ඔබ ඇවිදින එක ඉතාමත් වැදගත්. නිතරම ඇදට වෙලා ඉන්නේ නැතුව පරිස්සමින් පවුලේ කෙනෙකුගේ උදවුවත් ඇතිව නිවස තුල සෙමින් ඇවිදින්න. මේ නිසා ඔබට පුළුවන් ඔබට දැනෙන අපහසුතා වලින් ඉක්මනින්ම මිදිලා සාමාන්‍ය විදිහට කාලය ගත කරන්න.

2. දරුවාගේ කටයුතු වලදී පවුලේ අයගේ සහය ලබාගන්න.

සැත්කමට පසු වේදනාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ දරුවාගේ කටයුතු සිදු කරන විට එයට සැමියාගෙන් හෝ පවුලේ අයගෙන් සහය ලබාගන්න. දරුවාට කිරිදීමට අවශ්‍ය වූ විට ඔවුන්ට කියන්න දරුවාව ඔබ ළඟට අරන් දෙන්න කියා. ඔබට අපහසුවක් දැනෙනවා නම් පවුලේ අයට හෝ සැමියාට කියන්න දරුවාගේ කටයුතු සිදු කරන්න කියා.

3. වෛද්‍ය වරයා අනුමත කල වේදනා නාශක භාවිතා කරන්න.

සිසේරියන් සැත්කමකින් පසු ඇතිවෙන වේදනාව පාලනය කරන්න ඔබේ වෛද්‍යවරයා ලබාදෙන වේදනා නාශක නිසා මවුකිරි ලබාදීමට කිසිදු බාධාවක් සිදුවෙන්නේ නැහැ. ඔබ මේ ගැන බය වෙලා වේදනා නාශක ලබන්නේ නැතිව හිටියොත් ඔබට බොහෝ අපහසුතාවයන්ට පත්වෙන්න සිදු වෙනවා. එය ඔබට වගේම දරුවටත් බලපෑමක් එල්ල කරනවා. මේ නිසා වෛද්‍යවරයා නියම කරන බෙහෙත් නිවැරදි වේලාවට ලබාගන්න.

4. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු නොවුනොත් වෛද්‍යවරයාට ඒ බව පවසන්න.

සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව වගේම සිසේරියන් සැත්කමකින් පසුවත් යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම සාමාන්‍ය දෙයක් වගේම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. මොකද මේ රුධිරය පැමිණෙන්නේ වැදෑමහ ගර්භාෂයට සම්බන්දව තිබුණු ප්‍රදේශයෙන්, ඒ වගේම එය ඔබේ ගර්භාෂය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක්. මේ නිසා සිසේරියන් සැත්කමකින් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිට නොවන්නේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයාව හමුවෙන්න.

5. කෙදි බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න.

සිසේරියන් සැත්කමකින් පසු බඩවැල් යථා තත්වයට පත්වෙන්න ටික කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ නිසා උදරයේ වාතය පිරුන තත්වයක්ද ඇතිවිය හැකියි. මේ නිසා ඔබට උදරයේ අපහසුතා වගේම උරහිස් වේදනාවන්ද ඇතිවිය හැකියි. මේ නිසා මේ තත්වයෙන් ඉක්මනින් මිදෙන්න කෙදි වැඩිපුර අඩංගු වෙන එළවලු පලතුරු ආහාරයට ගන්න. වැඩිපුර දියරමය දේවල් ආහාරයට ගන්න.

6. සැත්කම සිදුකල ස්ථානය වියළිව පිරිසිදුව තබාගන්න.

ඔබ පිරිසිදු කිරීමේ කාර්යයන් සිදු කරන විට තුවාලයට වතුර නොයන්න වගබලා ගන්න. මොකද තෙතමනය නිසා ඔබේ තුවාලය අසාදනය විය හැකියි. ඒ වගේම තමයි තුවාලය අවට අසාමාන්‍ය තාවයන් දැකගන්න ලැබුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයාව
හමුවෙලා උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   33,042
   72

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Foods to you should never give your kids
   38,498
   64

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Try this to increase productivity
   5,083
   56

මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක. මේ ක්‍රමය අත්හදා බලන්න.. ලොකු වෙනසක් දැනේවි..
How you should clean your cell phone every day
   4,405
   56

ඔබගේ ජංගම දුරකතනය සෑම දිනකම පිරිසිදු කල යුතු ආකාරය

ඔබ සතුව කුමන ආකාරයේ දුරකථනයක් තිබේද යන්න මත පදනම්ව ඔබට ජංගම දුරකතනය පිරිසිදු කළ හැකි ආකාර කිහිපයක් මෙන්න..

Latest Articles

Most Viwed