තේරුමක් තියෙන පාටකින් ඔයාගේ ගෙදර පාට කරන්න

September 14, 2018
6,585
Know the meaning of colours when you paint your house
හැඩකාරී අපි හැමදාම ඔයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් දේවල් ඉදිරිපත් කරනවානේ. ඔන්න අදත් අපි ඔයාට කියලා දෙන්නේ ඒ වගේම වැදගත් දෙයක් සම්බන්ධව. ඔයාගේ ගෙදරත් පාට ගාන්න ගියාම ගෙදර හැමෝම එකතු වෙලා පැය ගානක් පාටක් තෝරා ගන්න බැරුව ඔට්ටු වෙනවද? ගෙදර හැමෝම කැමති එකම පාටක් තෝරා ගන්න එක එතරම් ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි. ඒත් ඔයා ගෙදරට ගාන්න පුළුවන් හොඳම පාට සහ ඒ පාටවල තේරුම හරියටම දැන ගත්තොතින් ඔයාට පාටක් තෝරා ගන්න ඔට්ටු වෙන්න ඕන වෙන්නේ නෑ. ඔයා වගේම ඔයාගේ ගෙදරත් ලස්සනට තියා ගත්තොත් තමයි හැම මොහොතක්ම සුන්දරව ගත කරන්න පුළුවන් වෙන්නේ. හැඩකාරී අපි ඔයාට කියන්නේ හිතෙන හිතෙන පාට ගාන්නේ නැතුව තේරුමක් තියෙන පාටකින් ඔයාගේ නිවස වර්ණවත් කරන්න කියලා. මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාගේ නිවස පාට කරන්න යොදා ගන්න පුළුවන් හොඳම පාට මොකක්ද කියලා.

දීප්තිමත් වර්ණ

කොළ, නිල්, කහ, තැඹිලි යන මේ වර්ණ සියල්ල ඉතාමත් දීප්තිමත් වගේම ඉතාමත් ප්‍රියජනක වර්ණයන් විදිහට තමයි මේ අපි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අද ගොඩක් නිවෙස් වර්ණ ගැන්වීම සඳහා මේ වර්ණ අඩු වැඩි වශයෙන් භාවිත කරනවා. මේ වර්ණ ඉතාමත් උද්යෝගීමත් වර්ණ වගේම සුහදශීලී හැගීම් තමයි මේ වර්ණයන් මගින් ප්‍රකාශ වෙන්නේ. ඔයාගේ නිදන කාමරයට, මුළුතැන්ගෙට මෙවැනි වර්ණයන් යොදා ගැනීම ඉතාමත් යහපත්. ගොඩක් වේලාවට එකම වර්ණයෙන් මුළු නිවසට එකම විදිහේ වර්ණයන් භාවිත කළ යුතුයි කියලා රීතියක් නෑ. මේ චාම් වර්ණයන්ගෙන් ඕනෑම වර්ණයක් භාවිත කළ හැකියි ඔයාගේ රුචිකත්වයට අනුව.

අඳුරු වර්ණ

සමාන්‍යයෙන් අඳුරු වර්ණයෙන් තියෙන ෆැන්සි භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, මේකප් වගේ දේවල් භාවිත කරන්න චුට්ටක් විතර අසීරුයි. අන්න ඒ වගේම තමයි ඔයාගේ නිවස පාට කරද්දිත් අඳුරු පාට භාවිත කළොත් ඔයාගේ නිවසට එළියක් එකතු වෙන්නේ අඩුවෙන්. නිවසේ ගත කරන්න රුචිකත්වයක් වගේම උද්යෝගී බවක් එතකොට ඇති වෙන්නේ නෑ. රතු, දම්, තද නිල්, වැනි අඳුරු වර්ණ වලින් ඔයාගේ නිවසට ඇති වෙන්නේ අඳුරු බලපෑමක්. සමාන්‍යයෙන් ගෙදරක් කියන්නේ හැමෝම එකට එකතු වෙලා සතුටින් කාලය ගතකරන තැන කියලා ඔයා දන්නවානේ. ඉතිං ඒ වගේ තැනකට අද්භූත පෙනුමක් කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. සමාන්‍යයෙන් ඔයාගේ නිදන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය වැනි ස්ථානවල මෙවැනි අඳුරු වර්ණ යොදා ගැනීම එතරම් ප්‍රියජනක නොවුනත් ගෙදර ගබඩා කාමරයට අඳුරු වර්ණ ගැන්වීම හොඳයි. මොකද එයින් සුරක්ෂිත බව ටිකක් වැඩියෙන් තියෙන බවක් ඒන්තු ගැන්විය හැකියි. ඒ වගේම ගෙදර දොර ජනෙල් වලට අඳුරු වර්ණ ඒ කියන්නේ තද කළු වැනි වර්ණ යොදා ගැනීමෙන් ආරක්ෂිත බව ඒන්තු ගන්වන්න පුළුවන්.

උණුසුම් වර්ණ

තැඹිලි, කහ වැනි වර්ණයන් සමාන්‍යයෙන් උණුසුම් වර්ණ විදිහට තමයි හඳුනා ගන්නේ. විශේෂයෙන්ම මෙවැනි වර්ණයන් නිවස ඇතුළේ ආලේප කරොත් නිවස ඇතුළේ එහෙමත් නැතිනම් කාමරවල උෂ්ණත්වය ඉහළ යන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම නිදන කාමරවල මේ වගේ උණුසුම් වර්ණ භාවිත කිරීම එතරම් යහපත් දෙයක් නෙමෙයි. නිදන කාමරවලට සාමකාමී හා උද්ධීපන හැගීම් ඇති කරන වර්ණ තමයි වැඩියෙන් යොදා ගන්න ඕන වෙන්නේ.

සිසිල් වර්ණ

ලා නිල්, ලා කොළ වැනි වර්ණයන් හරිත වර්ණ විදිහට තමයි අපි හඳුනා ගන්නේ. මෙවැනි වර්ණ නිදන කාමරවල ආලේප කිරීම වඩාත් යහපත්. මේ වර්ණ ඇස්වලට සිසිලසක් වගේම ඔයාට තියෙන ආතතිය අඩු කර ගන්නත් උදව් වෙනවා. සමාන්‍යයෙන් ඔයාට සවස් වේලාවක නිදා ගන්න ඕන නම් මෙවැනි වර්ණ ඔයාට ඒ සඳහා උපකාරී වෙනවා. සමාන්‍යයෙන් අපි උදේ කාලය ආරම්භ කරන්න ඕන වෙන්නේ ප්‍රබෝධමත්ව කියලා ඔයා අහලා ඇතිනේ. ඉතිං නිදන කාමරයේ මෙවැනි සිසිල් වර්ණයක් ආලේප කරොත් හැම උදෑසනක්ම ඔයාට ප්‍රබෝධමත්ව ආරම්භ කළ හැකියි. ඔයාගේ නිවසේ සිවිලිමටත් මේ සිසිල් වර්ණ යොදා ගැනීම වඩාත් යහපත් කියලයි නව පර්යේෂකයින් හොයාගෙන තියෙන්නේ.

නිල් පාට

සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ලා නිල් පාට භාවිත කරනවා නිවස පාට කරන්න. මේ වර්ණයෙන් නිහතමානී බවක් වගේම ඔයා තුළ දැඩි ආත්ම විශ්වාසයක් එකතු කරනවා. ගොඩක් වේලාවට සන්නාම නිර්මාණය කිරීමේ නිල් වර්ණය තමයි වැඩිපුර යොදා ගන්නේ. ඔයා නිවසට යොදා ගන්නවා නම් වඩාත් තද නිල් නොවන ලා වර්ණයකින් යුතු නිල් පාටක් තමයි තෝරා ගන්න ඕන වෙන්නේ.

ලා කොළ

ලා කොළ වර්ණයත් නිවසේ ආලේප කිරීමට වඩාත් හොඳ වර්ණයක්. අව්‍යාජ බව, දයානුකම්පාව, අපේක්ෂා සහගත බව වැනි දේවල් තමයි මෙවැනි වර්ණවලින් කියැවෙන්නේ. ඉතිං මේ වර්ණය ඔයාගේ ඇස්වලටත් ගුණදායකයි. විසිත්ත කාමරයක මෙවැනි වර්ණයක් ආලේප කිරීම වඩාත් සුදුසුයි කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.

රෝස පැහැය

ගොඩක් වේලාවට පුංචි දරුවන්ගේ නිදන කාමරවලට අද ගොඩක් දෙනෙක් රෝස පැහැය යොදා ගන්නවා. ඔයාගේ නිවස පාට කරන්න ඔයා යොදා ගන්නේ දීප්තිමත් රෝස පාටක් නම් එයින් කියැවෙන අරුත් කිහිපයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නව අත්දැකීම් සොයන වෙනස් වටපිටාවකට ඔයා කැමති කෙනෙක් කියලා තමයි මේ වගේ වර්ණයකින් කියැවෙන්නේ. මේ වර්ණයත් ඔයාට නිදන කාමරවලට වගේම විසිත්ත කාමරට පාට කරන්නත් යොදාගත හැකියි.

රතු වර්ණයෙන් නිවස පාට කරන්න එපා

සාමාන්‍යයෙන් අපි රතු වර්ණය නිවසේ ආලේප කරන්නේ නැති තරම්. විශේෂයෙන්ම රතු පැහැය පුංචි දරුවන් ඉන්න නිවෙස්වල ආලේප කිරීම වඩාත් නුසුදුසුයි. මොකද රතු පාට තුළින් කුපිත සහ සතුරු ආකල්ප තමයි වැඩිපුර ඇති කරන්නේ. රතු පාට තුළින් ශක්තිමත් බව ප්‍රකාශ වුණත් නිවසේ ආලේප කරන්න සුදුසු නැති වර්ණයක් විදිහට තමයි පර්යේෂකයින් රතු පාට හඳුනා ගන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1076 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/1076/know-the-meaning-of-colours-when-you-paint-your-house.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/1076/know-the-meaning-of-colours-when-you-paint-your-house.html