උදේ කෑමට ලේසියෙන් පෝෂණීය බිත්තර සැන්ඩ්විච් හදමු

November 19, 2018
5,523
Easy egg sandwich for breakfast
බිත්තර කියන්නේ අඩු මිලකට ගන්න පුලුවන් ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරයට ගත්තම සාමාන්‍යයෙන් සෑහෙන වෙලාවකට බඩගිනි එන්නෙත් නෑ. අනික බිත්තර කියන්නේ උදේ කෑමට ගන්න පුලුවන් පෝෂණීය ආහාරයක් වගේම හරිම ලේසියෙන් ඉක්මනින් ලෑස්තිකරගන්න පුලුවන් කෑමක්. අපි අද කියලදෙන මේ බිත්තර පිරවුම දවස් 3ක් ශීතකරණයේ තියාගන්නත් පුලුවන්.හැබැයි මේ පිරවුම් පැය දෙකකට වැඩිය එළියේ තියලා ආහාරයට ගන්නත් එපා. ඉතින් මේ විදිහට බිත්තර හදාගත්තොතිත් ඔයාගේ උදේ ආහාර ප්‍රශ්නයට පෝෂණීය විසඳුමක් වෙයි.

සැන්ඩ්විච් 2කට අවශ්‍ය ද්‍රව්‍ය :

හොඳින් තම්බා ගත් බිත්තර 3 ( hard boiled)
අබ පේස්ට් තේ හැඳි 1
මැයෝනේස් මේස හැඳි 2
කුඩාවට කපාගත් ලූණු මේස හැඳි 2
ලුණු / ගම්මිරිස් රස පදමට
සලාද කොල 2ක්

සාදන ආකාරය :

1. භාජනයක අබ පේස්ට්, මැයෝනේස්, ලුණු සහ ගම්මිරිස් එකට මිශ්‍ර කරගන්න.

2. එයට කුඩාවට කපා ගත් බිත්තර සහ ලූණු එකතු කරන්න.

3. ඔක්කොම හොඳට කවලම් වන තෙක් මිශ්‍ර කරගන්න.

4. රස බලා තව ලුණු, ගම්මිරිස් අවශ්‍ය නම් එකතු කරන්න.

5. එක පාන් පෙත්තක් මත සලාද කොළයක් තබා එය මතට බිත්තර මිශ්‍රනයෙන් ටිකක් තබා අනෙක් පාන් පෙත්තෙන් වසන්න. කැමති නම් තක්කාලි පෙති දෙකකුත් සලාද කොලෙත් එක්ක තියාගන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1171 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:33 PM
Script:/article/1171/easy-egg-sandwich-for-breakfast.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:34 PM
Script:/article/1171/easy-egg-sandwich-for-breakfast.html