රෝස්ට් අර්තාපල්

December 19, 2018
5,309
Roast Potato Recipe
උත්සව මේසය රසවත් කරන තවත් කෑමක් තමයි රෝස්ට් අර්තාපල් කියන්නේ. හරියට ක්‍රිස්පිව රෝස්ට් පොටෙටො හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

අර්තාපල් අල -1kg
ඔලිව් තෙල් - 100ml
පිටි තේ හැඳි - 2
ලුණු ස්වල්පයක්
 
සාදන ක්‍රමය :

01. උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 / ෆැරන්හයිට් 180 / ගෑස් මාක් 6 උෂ්ණත්වයේ අවන් එකකට 4ට කැපූ අල සියල්ල ඇතිරිය හැකි තරමේ තැටියක් රත්වෙන්න හරින්න.

02. අර්තාපල් ටික 4ට හෝ 2ට හෝ අල කැබලි ටික එක තරමකට (size) කපා ගන්න. තරමක් ලොකු භාජනයක් අරගෙන අර්තාපල් ටික දමා ඒවා වැහෙන තරමට වතුර එකතු කර ලුණුද එකතු කර උතුරවා ගන්න.

03. වතුර උතුරන විට ගින්දර අඩු කර පියනකින් වසා තවත් විනාඩි දෙකක් පමණ තම්බා ගන්න.

04. ඒ අතරතුර අවන් එකේ ඇති බේකින් පෑන් එකට ඔලිව් ඔයිල් 100ml වත් කර රත් වෙන්න හරින්න.

05. අර්තාපල් ටික පෙරනයකට දමා වතුර සියල්ල පෙරා හරින්න. වතුර සියල්ල ඉවත්වුණු පසු අල මතට පිටි ටික ඉසින්න. අල සියල්ලටම සමව පිටි ඉස ගන්න.

06. දැන් අල ටික බේකින් තැටිය මත අතුරන්න. අතුරන ගමන් අල කැබල්ල වටේටම තෙල් ගෑවෙන සේ පෙරලා අතුරා ගන්න.

07. අර්තාපල් ටික විනාඩි 15ක් බේක් කරගන්න. තැටිය ඉවතට ගෙන අල සියල්ල හරවා නැවත විනාඩි 15ක් බේක් කරන්න. නැවතත් තැටිය ඉවතට ගෙන යලි අල ටික පෙරලා විනාඩි 10-20 අතර වේලාවක් අල ටික ක්‍රිස්පි සහ රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.

08. අවන් එකෙන් පිටතට ගෙන ලුණු, කැමති නම් මිරිස් කුඩු හෝ කුඩාවට කපා ගත් පාස්ලි ඉස උණුවෙන්ම පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1208 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:56:54 AM
Script:/article/1208/roast-potato-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:56:55 AM
Script:/article/1208/roast-potato-recipe.html