සැපවත් විවාහයකට දිනපතා කල යුතු දේ

March 15, 2017
20,263
How to live a happy married life
අද කාලේ විවාහ වෙන ප්‍රමාණයට වඩා රටේ දික්කසාද ප්‍රමාණය වැඩියි. ඒ වගේම අපේ රටේ කරපු අලුත් සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා බොහෝ තරුණ පිරිස් විවාහ වෙන්න අකමැතියි කියලා. විවාහට මේ තරම්ම අකමැත්තක් දක්වන්න ලොකුවට හේතු වෙලා තියෙන්නේ විවාහක යුවල අතර ඇති වන අඩ දඹර පිළිබඳව සමාජගත වීම් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද අපිට අපේ දේවල් වලට වඩා අනුන්ගේ කතා, වත ගොත හරි ඉක්මනින්ම ආරංචි වෙනවා නේ.

ඉතින් විවාහයයේ ඇති සුන්දරත්වය එක දිගටම පවත්වාගන්නේ කොහොමද? ආදරය කරලා විවාහ වුනත්, යෝජනාවකින් විවාහවුනත් දිගු කාලයක් එකට ජිවත්වෙනකොට දෙන්න අතර අවුලක් ඇති කරගන්නේ නැතුව ආදරයෙන් ඉන්න පුළුවන් ක්‍රම කිහිපයක් මේ. හැබැයි මේ දෙවල් හැමදාම කරන්න වගබලාගන්න.

කසාද බැන්දහම ඔක්කොම ශේප් කියලා හිතුවට ලොකුම කතාව පටන් ගන්නේ කසාදෙන් පස්සේ. දැන් ඉතින් අපි බැඳලනේ කියලා හිත හදාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ කොහෙත්ම.

1. ඔබට හිතෙන හැමදේම හංගන්නේ නැතිව කියන්න.

ගැටලුවකට මුල් වෙයි කියලා හිතේ තියෙන දෙයක් කෙලින් කතා නොකරන එකෙන් වෙන්නේ, අපි මොනවා හරි හංගනවා කියලා ඔහුට තේරිලා, නිකන් බොරුවට ප්‍රශ්නයක් ඇති වෙන එක. අපිට වුනත් එහෙමනේ. මොනවා හරි දෙයක් ගැන ඔහු නොකියා ඉන්නකොට අපිට ඒක හොඳින් තේරෙනවා.

2. අගය කරන්න. ඉහලින් කතා කරන්න.

වැඩට අඳින ඇඳුම, අලුතෙන් කොන්ඩේ කපපු විදිහ ලස්සනයි. ඒකට ඔබ කැමතියි. ඔයාට තියෙන්නේ හොඳ තෝරාගැනීමක් කියලා අගය කරන්න ලොකු වෙලාවක් යන්නේ නෑ. හැබැයි,ඒ වචන වලට පුළුවන් ඔහුගේ හිතේ ලොකු කොටසක් අපි වෙනුවෙන් වෙන් කරලා තියාගන්න.

3. එකට ඉන්න පුංචි වෙලාවක් හොයාගන්න.

ලොකු වැඩක් වුනාට, දෙන්නම කැමති ටීවි ෂෝ එකක් බලන්න, පොඩි චැට් එකක් දාන්න පුංචි වෙලාවක් හොයා ගන්න. ඒක දෙන්නටම ගොඩාක් වටිනවා.

4. ඔබ වෙනුවෙන් කාලය වෙන් කරන්න

ඔහුගේ හැමදේම වෙනුවෙන් ඔබ කාලය වෙන් කරනවා වගේම, ඔබ වෙනුවෙනුත් කාලය හොයාගන්න. සැලෝන් එකට යන්න. අලුත් hair cut එකක් දාන්න. තමන්ගේ යාළුවො හම්බ වෙන්න. ඒ දේවලුත් අපේ ජිවිතයේ සතුටට ගොඩක් හේතු වෙනවා.

5. තමන්ගේ අතින් වෙන වැරදි පිළිගන්න.

අපි හැමෝම හැමවෙලාවෙම නිවැරදි නෑ. අපි අතින් වැරදි වෙනවා. ඒ වැරදීම් අපි පිලිගන්න එක තමයි කරන්න ඕනී. මුලිකම දේ වැරදි හදාගෙන ඉස්සරහට යන එක ගොඩාක් වටිනවා.

6. දෙදෙනාවම දිරි ගන්වාගන්න.

අපි ජිවිතේ සාර්ථකවීම සහ අසාර්ථකවීම් වලට මුහුණ දෙනකොට, දෙදෙනාට දෙදෙනා දිරිගන්ව ගන්න එක ගොඩාක් වැදගත්. අපි මොකක් හරි දෙයක් නිසා කඩා වැටිලා ඉන්නකොට ඔහුගෙන් හරි සහයෝගයක් ලැබෙන්නේ නැති වුනහම, අපි තවදුරත් කඩා වැටෙනවා. ඔහුටත් එය එසේමයි. ඉතින් දෙදෙනාම අවබෝධයෙන් කල යුත්තක් තමයි මේ.

7. සම්බන්ධතාවය පුරාවටම සෙනෙහස තියාගන්න.

ඔහු ඔබ වෙතත්, ඔබ ඔහු වෙතත් රැඳිලා ඉන්න ලොකුම හේතුවක් තමයි දෙදෙනා අතර තියෙන සෙනෙහස. මොන දේ කලත් ඒ දේ සෙනෙහසින් කරන්න.

8.නිවාස පිරිසිඳුව තබා ගන්න.

දවසේ පුරාම වැඩ කරලා ගෙදරට එන්නේ මනස විවේකිව තියාගන්නනේ. ගෙදර අපිලිවලට තිබුනොත් එහෙම කරන්න බැරි වෙනවා. දෙදෙනාගේම සහයෝගයෙන් ගෙදර පිරිසිදුව තියාගන්න එක අනිවාර්යයි.

ටිකක් හිතලා බලන්න. මේ දේවල් කරන්න මහා ලොකු වෙලාවක් යන්නේ නෑ. හැබැයි, මෙයින් ලැබෙන ප්‍රතිපලය ලොකු දෙයක්. කවුරුත් කැමති සතුටින් ජිවත් වෙන්නනේ. ඒක නිසා අද ඉඳලම මේ දේවල් ජිවිතයට එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 126 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:27 AM
Script:/article/126/how-to-live-a-happy-married-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:28 AM
Script:/article/126/how-to-live-a-happy-married-life.html