ප්‍රීතිමත් යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් මොනවද දන්නවද?

February 15, 2021
4,781
What happy couples do before going to bed
ඔයා නින්දට යාමට පෙර ඔහු සමඟ යම් කාලයක් විනෝදයෙන් ගත කිරීම ඉතා වැදගත්. ඔයා ඔහුත් එක්ක ගත කරන්නේ පැයක්ද මිනිත්තු කීපයක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔයාලා දෙදෙනා එකිනෙකා සමග එකතු​ව කාලය භුක්ති විඳීම, කථා කිරීම සහ ආදරය පෙන්වීමෙන් යහපත් සම්බන්​ධතාවයක් පවත්වාගෙන යන එක තමයි වැදගත්. අද හැඩකාරී අපි ඔයාට ප්‍රීතිමත් යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් ටිකක් ගැනයි කියන්න හිතුවා.

1. ඔයාගේ දුරකථන​ය සයිලන්ට් කරලා පැත්තකින් තියන්න
සමාජ මාධ්‍ය තුළ යැපීම මගින් ඔයාගේ ශරීරයේ ඔක්සිටොසින් මුදා හැරීම මර්දනය කරනවා. මෙම හෝමෝනය චිත්තවේගීය සමීපතාව සහ බැඳීම් සඳහා බලපාන්නක්. ඉතිං රාත්‍රී යහනට ගොඩවදින්න පෙ​ර ඔයාගේ දුරකථන​ය ක්‍රියා විරහිත කරන්න, නැතහොත් සයිලන්ට් කර පැත්තකින් තබන්​න.

2. වැඩ ගැන අමතක කරන්න
වැඩ ගැන අමතක කිරීමට උත්සාහ කරන්න. ඔයා ඇඳේ සිටින විට ඔයාගේ ඊමේල්, චැට් පරීක්ෂා කිරීම නවත්වන්න. එම කාලය එකට ගත කිරීමට සහ ටිකක් විවේකය ලබාගැනීමට යොදා ගන්න. එමගින් සහකරුවාට හෙට දින වැඩ කිරීමේදී ප්‍රබෝ​ධයක් ලබා දෙනවා. ගැටළු අමතක කිරීමට සහ සැහැල්ලුවක් ගෙන දීමට කාලය මෙයයි. ඒ වෙලාවේදී රැකියාව, මූල්‍යමය කරදර හෝ ඔවුන්ට කරදර විය හැකි වෙනත් කිසිවක් ගැන කතා කරන්න එපා.

3. එකම වෙලාවට නින්දට යන්න
බොහෝ යුවළවල් දවස පුරා එකිනෙකා නොදකිනවා වගේම විවිධ වේලාවන්හි නින්දට යාමේ පුරුද්දක් තියෙනවා. ප්‍රීතිමත් යුවළවල් එකටම දත් මැද, එකට නින්දට යන විට දෙදෙනාගේ සම්බන්ධතාවයේ උණුසුම හා සමීපභාවය පවත්වා ගැනීමට උපකාරී වෙන බව මනෝවිද්‍යාඥයින් විශ්වාස කරනවා.

4. එක දින චර්යාවක් අනුගමනය කරන්න
සෑම දිනකම එකම වෙලාවකට නින්දට යාමෙන් වඩාත් හොඳින් නිදා ගැනීමට පුළුවන්. හුරුපුරුදු පුරුද්දක් අනුගමනය කරන අතරතුර, ඔයාගේ මොළයට නින්දට යන වේලාව පිළිබඳ සංඥාවක් ලැබෙන අතර ශරීරය ඔයාව ඒ වෙලාවට නින්දට සූදානම් කරනවා. ඔයා ඔහු හෝ ඇය සමඟ එකම පුරුද්දක් අනුගමනය කරන්නේ නම්, එම සම්බන්ධතාවය වඩාත් සමීප හා විශ්වාසදායක වේවි.

5. හදවතින්ම කතා කරන්න
එකිනෙකාගේ හැඟීම් වලට අවධානය දෙන්න. උපදෙස් දීම හෝ ගැටළු වලට ක්ෂණික විසඳුම් සෙවීමට වඩා, සමහර විට ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔයාගේ සැලකිල්ල සහ සහයෝගීව කථා කිරීමට පමණක් වෙන්න පුළුවන්.
නින්දට යාමට පෙර මිනිත්තු කිහිපයක් ඔහු හෝ ඇය කෙරෙහි ඇති ධනාත්මක හැඟීම් ප්‍රකාශ කිරීමට කාලය කැප කරන්න. මෙය ධනාත්මක සටහනකින් දවස අවසන් කිරීමට සහ හෙට දිනයේ හොඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වෙනවා. එමගින් ඔවුන්ගේ සමස්ත මනෝභාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනවා.
දවස තුල සිදු වූ දේවල් අමතක කිරීමට උත්සාහ කරන්න. දෙදෙනාටම ඇති සියලු ගැටලු සහ කරදර නිදන කාමරයේ දොරෙන් පිටත තබන්න. ඔයා ඔහුට හෝ ඇයට කොතරම් ආදරය කරනවාදැයි කියන්න. ඔයාගේ හැඟීම් ප්‍රකාශ කරන විට හැඟීම්බරව සහ අවංකව එය ප්‍රකාශ කිරීම ඉතා වැදගත්.

6. වාද කිරීමට හෝ උණුසුම් සංවාදවලට පැටලෙන්න එපා
නින්දට යාමට පෙර උණුසුම් වාද විවාදවලට සම්බන්ධ නොවීමට උත්සාහ කරන්න. ඇඳේදී රණ්ඩු කිරීමෙන් කිසි විටෙකත් ගැටලුවක් විසඳීමට පුළුවන් වෙන්නේ නැහැ. එමගින් සිදු වෙන්නේ ඔබ දෙදෙනාට නින්ද යාම දුෂ්කර වන අතර​ම ඊළඟ දවසේදී මානසික අවපීඩනයක් දැනී​මයි.

7. නිදන කාමරය තුළ දරුවන් තබා ගන්න එපා
දරුවන්ට ඔයාගේ ඇඳේ නිදා ගැනීමට ඉඩ දිය හැකි එකම අවස්ථාව නම් ඔවුන් බියකරු සිහිනයක් දැක්​ක විට පමණයි. අනෙක් සෑම අවස්ථාවකදීම, නිදන කාමරය පෞද්ගලික තැනක් විය යුතුය. සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔබ දෙදෙනාට එම ඉඩ තිබිය යුතුයි.

8. එකිනෙකාට මසාජ් එකක් දෙන්න
නින්දට යාමට පෙර සැහැල්ලු සම්බාහනයකින් නින්දේ ගුණාත්මක භාවය වැඩි වන බවත්, කාංසාව අඩු කරන බවත්, දෙදෙනා​ව එකිනෙකාට සමීප කරවන බවත් සොයා ගෙන තියෙනවා.

9. වැළඳගැනීම් හා සිපගැනීම් ගැන අමතක කරන්න එපා
ඔයා නිදා ගැනීමට පෙර ඔහුව සිප ගැනීමට අමතක කරන්න එපා. ඇඳේ සිටින විට මිනිත්තු කිහිපයක් හුරතල් කරන්න, හුරතල් වෙන්න. මෙය ඔබව ඉතා සන්සුන් කරන අතර ධනාත්මක හැඟීම් ජනිත කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1943 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:22:34 AM
Script:/article/1943/what-happy-couples-do-before-going-to-bed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:22:35 AM
Script:/article/1943/what-happy-couples-do-before-going-to-bed.html