උත්සව අවස්ථාවකට කදිම බත් සමග පිළිගැන්විය හැකි බැදුමක්
අවශ්‍ය ද්‍රව්‍ය :
පොතු සහිත රට කජු 250g
ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1
සිහින්ව කපා ගත් ලොකු ළූණු ගෙඩි 2
කරපිංචා ඉති 4
කැලි මිරිස් තේ හැදි 2
තලා ගත් සුදු ළූණු ගෙඩි 2
ලුණු
දෙහි ගෙඩි බාගයක යුෂ
ගැඹුරු තෙලේ බැදීමට පොල් තෙල් හෝ එලවළු තෙල්
සාදන ක්‍රමය :
01. තෙල් රත්කර කපාගත් ළූණු රන්වන් පැහැ වන තුරැ විනාඩි 5ක් පමණ බැදගන්න. කර වෙන්න දෙන්න එපා.
02. නුඩ්ල්ස් ටික පොඩියට කඩා රන් වන් පැහැ වන තුරු සාමාන්‍ය ගින්දරේ විනාඩියක් පමණ බැදගන්න.
03. රටකජු ද ගෑඹුරු තෙලේ සාමාන්‍ය ගින්දරේ විනාඩියක් පමණ බැද තෙල් ඉවත්කර ගන්න.
04. කරපින්චා ටිකත් අඩු ගින්දරේ පැහැය වෙනස් නොවන සේ විනාඩි 1-2ක් බැද ගන්න.
05. පසුව කෑලිමිරිස් ද අඩු ගින්දරේ බැද ගන්න. කළු වෙන්න ඉඩ හරින්න එපා.
06. සුදු ළූණුද රන්වන් පැහැ වන තුරැ බැදගන්න.
07. ඉන්පසු බැදගත් සියල්ල එක්කොට ලුණු සහ දෙහියුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.