බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

December 4, 2017
32,943
Reasons and symptoms of arshas (Hemorrhoids)
නොකිව්වට අපේ ගොඩාක් දෙනෙක් අපහසුතාවයට, පිඬාවට පත් කරන තවත් රෝගී තත්ත්වයක් තමයි අර්ශස් කියන්නේ. ගුදමාර්ගයේ හෝ ගුදමාර්ගය කෙලවර රුධිරය සැපයෙන නාල වල ඉදිමීමක් ඇති වීම තමයි මේ තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුව. මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ලැජ්ජාව නිසා ඒ ගැන වසන් කිරීම හෝ ප්‍රතිකාර සඳහා යොමු නොවීම නම් කිසිම විටක අනුමත කරන්න බැහැ. 

මොනවද අර්ශස් රෝගයේ මුලික රෝග ලක්ෂණ ?

මලපහ පිට කිරීමේදී ඇති වන වේදනාව

මලපහ සමඟ රුධිරය පිට වීම

නිසි පරිදි මල පිට නොවීම

ගුද මාර්ගයේ ඇති වන ගැටිති හා ඒවායේ වේදනාව

ගුද මාර්ගයේ ඇති වන කැසීම

මුනින් අතට නිදා ගැනීමේදී හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ දැනෙන අපහසුතාව 

අධික ලෙස කේන්ති යාම

වැඩි වෙලාවක් ඉඳගෙන සිටීමේ අපහසුතාව

ඇවිදීමේදී ඇතිවන අපහසුතා

වැනි රෝගී තත්ත්වයන් රැසක්ම අර්ශස් රෝගය සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන්. අර්ශස් ඇති වීම සඳහා ජානමය වශයෙන් බලපෑමක් ඇති විය හැකියි. මවට හෝ පියාට අර්ශස් තියෙනවා නම් දරුවන්ටත් කුඩා කාලයේදීම මේ රෝගී තත්ත්වයන් මතු වන්න පුළුවන්.  ඒ හැරුණම අයහපත් ආහාර රටාව හා ජීවන රටාව මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපානවා. 

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම අර්ශස් තත්ත්වය ඇති වෙන්න අනිවාර්යෙන්ම බලපානවා. ඒ වගේම පෝෂ්‍යදායි ආහාර නොලැබී යාම, ජීර්ණය කිරීමට අපහසු ආහාර වැඩි පුර ආහාරයට ගැනීම. උෂ්ණාධික ආහාර පරිභෝජනය, පිටි හා මේද සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, වැනි ආහාර රටාවේ ඇති අයහපත් ලක්ෂණ නිසා මලපහ පිට කිරීමට බාධා ඇති කරවනවා. ඒ වගේම තවත් අය නිසි වෙලාවට ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම පැහැර හරිනවා. එය පුරුද්දක් කර ගන්නවා. 

මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපහ පිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවක්. ඒ සඳහා ඔබේ වැරදි ජිවන රටාව ප්‍රධානම හේතුවක් විය හැකියි. ඒ නිසා ඔබේ නිරෝගී බාවයට හේතු වන යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්න. දිනකට දෙවරක් වත් හොඳින් මලපහ පිට නොවීම මේ වගේ තත්ත්වටන් වලට අත වැනීමක්.

ඒ නිසා ජිවන රටාවේ වෙනසක් ඇති කර ගන්න ගමන්ම කෘතීම ආහාර, ක්ෂණික ආහාර, මේදය හා පිෂ්ඨය අධික ආහාර වලින් ඈත් වෙන්න. ඒ අතරම පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම, ආහාර වේල් මඟ නොහැරීම, වැඩිපුර වතුර පානය, අලුත් එළවලු, ගස්ලබු, කෙසෙල් වැනි මලපහ පිට කිරීම පහසු කරවන පලතුරු, පලා වර්ග වැඩි පුර ආහාරයට එක් කර ගැනීමත් ඉතා වැදගත්.

මේ විදිහට යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමෙන් හා කාර්යබහුල ජිවන රටාවෙන් තරමක් මිදීමත් මඟින් අර්ශස් රෝගය ඇති වෙන්න තියෙන අවදානමෙන් මිදෙන්න සහ දැනටමත් රෝගය වැළඳිලා තියෙන අයට ශල්‍යකර්මයකට නොගොස් රෝගට ක්‍රමවත්ව පාලනය කර ගන්නත් පුළුවන්. එත් රෝගය උත්සන්න වූ කෙනෙකුට ශල්‍යකර්මයකට භාජනය විය යුතුද නැද්ද යන්න හරියටම දන ගන්න නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ඒ නිසා ලැජ්ජාව නිසා මේ දේවල් සඟවා ගෙන ඉඳලා ජීවිතේ අවදානමක හෙලන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 558 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:46:21 AM
Script:/article/558/reasons-and-symptoms-of-arshas-hemorrhoids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:46:21 AM
Script:/article/558/reasons-and-symptoms-of-arshas-hemorrhoids.html