තොල් පැලීම, කටේ උෂ්ණ බිබිලි ඇති වීම, අක්මාවේ රෝග වලට වටිනා ඖෂධයක් තමයි කතුරුමුරුංගා කියන්නේ. යකඩ, කැල්සියම් යහමින් අඩංගු කතුරුමුරුංගා කෑවොත් අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරන ශක්තිය ඉහල නංවනවා. ඉතින් ලේසියෙන් හදාගන්න පුලුවන්, කාටත් ආසාවෙන් කන්න පුලුවන් කතුරුමුරුංගා බැදුම හදන්න කියලා දෙන්නයි යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
කතුරුමුරුංගා කොළ 250g
කරපිංචා කොළ 20
රට කජු 25g
ලුණු
කෑලි මිරිස්
පොල්තෙල්
සාදන ක්‍රමය :
01. පෑන් එකක් ලිපේ තබා එයට පොල්තෙල් එක් කර කතුරුමුරුංගා කොළ , කරපිංචා හා රට කජු වෙන වෙනම බැද ගන්න.
02. ඉන්පසු භාජනයක් ගෙන බැදගත් සියල්ලම එක් කර ලුණු සහ කෑලි මිරිස් එක් කර හොඳින් කලවම් කර ආහාරයට ගන්න.