හරිම ගුණ ආහාරයක් වෙන පොලොස් වලින් හදන මේ බැදුම බත්, පාන්, රොටී ඔනේ එකක් එක්ක කන්න පුලුවන්..
අවශ්‍ය ද්‍රව්‍ය :
පොලොස්
කජු මද ටිකක්
කතුරුමුරුංගා කොල ටිකක්
කූණිස්සො ටිකක්
ඉඟුරු
සුදුළුණු
කරපිංචා
කෑලි මිරිස්
ලුණු
සීනි
සාදන ක්‍රමය :
01. මුලින්ම පොලොස් තම්බලා සිහින්ව කපා ගන්න.
02. දැන් වෙන වෙනම කජු, පොලොස්, කූණිස්සො, කතුරුමුරුංගා කොල ගැඹුරු තෙලේ බැද ගන්න.
03. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තලා ගත් ඉඟුරු සුදුළුණු කරපිංචා දාලා බැදෙන විට කෑලි මිරිස් දමා බැද ගත් දේවල් ටික මික්ස් කරලා ලුණු හා සීනි දමන්න.