කටට රස දැනෙන්නේ නැත්නම්.. උම්මලකඩ සම්බෝලය 02

December 2, 2019
197
Umbalakada Sambol 02
මේ දවස්වල හැම තැනම උණ හෙම්බිරිස්සාව. සනීප වුනට පසුව වුනත් කෑමට කිසිම පිරියක් නැහැ. කටට අමුතුව අපහසුවක්. දිවට රස දැනෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් කටට පිරියක් ඇති වෙන විදිහේ පුංචි පහේ උම්මලකඩ සම්බෝලයක් හදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේ :

උම්මලකඩ ග්‍රෑම් 100 ක්
ලුණු ස්වල්පයක්
කරදමුංගු කරල් 4 ක්
කරාබු නැටි දෙකක්
ඉඟුරු කැබැල්ලක්
තෙල්
රම්පෙ, කරපිංචා
සීනි මේස හැඳි දෙකක්
සුදුළූණු බික් 4 ක්
රතුළූනු ගෙඩි පහක්
කෑලි මිරිස් ග්‍රෑම් 100 ක්

සාදන අන්දම :

1. මුලින්ම ළූනු, රම්පෙ, කරපිංචා ආදිය තෙලෙන් බැද ගන්න.

2. දැන් කරාබු නැටි, කරදමුංගු සහ උම්මලකඩ මද ගින්දරේ බැද ගන්න. හො‍ඳින් බැදුනාට පසුව කෑලි මිරිස් සහ අනෙකුත් බැද ගත් ළූනු, රම්පෙ, කරපිංචා එකතු කර කලවම් කරන්න.

3. දැන් සීනි සහ ලුණු එකතු කරමින් කලවම් කරන්න. සුළං නොවදින සේ බෝතලයක අසුරා ගන්න.

4. කල් තබා ආහාරයට ගත හැකියි.

එන්. ඒ. පී. සී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have long eye lashes
   222
   173

ආකර්ෂණීය බැල්මකට ස්වාභාවිකවම ඇහි පිහාටු හදාගන්නේ මෙහෙමයි

මේ කරුණු පහ සමඟ, ඔබේ අයි ලෑශස් වල පැවැත්ම වැඩි කාලයක් පවතින අතර වෙන කවරදාටත් වඩා දීප්තිමත් ඇස් ඔබට ලබා දෙයි. ඒකට අවශ්‍ය ඔබෙන් පොඩි තල්ලුවක් විතරයි
Do you what happens if you take cod-liver oil everyday?
   302
   49

දිනපතා මෝර තෙල් ගත්තොත් ශරීරයට වෙන දේ ඔබ දන්නවාද?

දවසට මෝර තෙල් පෙති 2 ගානෙ බිව්වොත් මොනවා වෙයිද? ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරනවා වගේ සෑහෙන ප්‍රයෝජන ගොඩක් මෝර තෙල් වලින් ලැබෙන බව ඔබ දැනන් සිටියාද?
Be beautiful with betel leaves
   723
   39

බුලත් නිසා හැඩවෙන්න පුලුවනි

හැඩකාරියන්ගේ හැඩකාරබව ඉස්මතු කිරීමට බුලතින් ලැබෙන පිටුවහල ගැනත් දැන ගත්තොත් අපේ කට්ටියට බොහොම පහසුවෙන් හැඩකාරබව තවත් වැඩි කර ගන්න පුලුවනි
Useful tips to use in kitchen
   326
   36

උයන පිහන වෙලාවට වැදගත් ටිප්ස් ටිකක්

උයන පිහනකොට වැදගත් වෙන ටිප්ස් ටිකක් තමයි මේ
Kithulpiti kenda
   479
   27

කිතුල්පිටි කැඳ

ගැස්ට්‍රයිටීස් රෝගීන්ට මෙන්ම ශරීරය දුර්වල අයට ගුණදායකය

Latest Articles

Most Viwed

 |

x