රජතුමා පරිපූර්ණ මිනිසෙක් කරපු විශ්මයජනක චිත්‍රය - Story

October 28, 2020
2,529
Drawing that made the king a complete person - Story
එක කාලයක සාර්ථකව පැවතුණ රාජ්‍යයක රජ කම දරපු රජුට හිමිව තිබුණේ එක කකුලක් හා එක ඇසක් පමණයි. නමුත් ඔහු ඉතාම බුද්ධිමත් හා කාරුණික මනුෂ්‍යයෙක් විදිහට රාජ්‍යත්වය දැරුවා. ඒ රාජධානියේ සෑම කෙනෙක්ම තමන්ගේ රජතුමා නිසා ප්‍රීතිමත් හා සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළා. දවසක් රජතුමා මාලිගාවේ ශාලාව හරහා ගමන් කරමින් සිටියදී ඔහුගේ මුතුන් මිත්තන්ගේ පින්තූර දිහා නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු ඒවා බලමින් ඉද්දී සිතුවේ කවදාහරි දවසක තමන්ගේ දරුවන් ද ශාලාවේ ඇවිදිමින් මෙම පින්තූර තුළින් තමන් ඇතුළුව තමන්ගේ සියලු මුතුන් මිත්තන් සිහිපත් කරයි කියලායි.

ඒත් එතන රජුගේ චිත්‍රය පින්තාරු කරලා තිබ්බේ නෑ. ඔහුගේ ශාරීරික ආබාධ හේතුවෙන්, ඔහුගේ සිතුවම ශාලාවෙන් පිටමං කරලා තිබීම ගැන ඔහුට ම විශ්වාස නැති වුණා. ඒ නිසා ඔහු තමන්ගේ රාජධානියේ සහ වෙනත් රාජධානි වල ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනෙකුට මාළිඟාවට ආරාධනා කළා. එහෙම ආපු චිත්‍ර ශිල්පීන්ට රජතුමා ප්‍රකාශ කළේ තමාගේ පරිපූර්ණ චිත්‍රයක් මාළිගාවේ ශාලාවේ තැබීමට අවශ්‍ය බවයි. ඒක කරන්න පුළුවන් ඕනෑම චිත්‍ර ශිල්පියෙක්ට ඉදිරියට පැමිණෙන්න ආරාධනා කලා. සිතුවම ගැන ඔහු සතුටු වෙන පමණ මත පදනම් වෙලා ඔහුට ත්‍යාග ලැබෙන බව රජතුමා කිව්වා.

ඒ වෙලාවේ සියලු ම චිත්‍ර ශිල්පීන් සිතන්නට පටන් ගත්තේ රජතුමාට තියෙන්නේ එක කකුලක් හා එක ඇසක් පමණයි, ඉතින් ඒ පින්තූරය ඉතා අලංකාර එකක් කරන්නේ කොහොමද කියලා. හැබැයි ඒක කරන්නේ නැතුව පින්තූරයට සුන්දර පෙනුමක් ලබා දෙන්න බැරි වුණොත් රජතුමා කෝප වෙලා ඔවුන්ට දඬුවම් කරයි කියලා බයත් හිතුණා. ඒ නිසා චිත්‍ර ශිල්පීන් එක එක්කෙනා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පටන් ගත්තා. ඔවුන් රජුතුමාගේ චිත්‍රයක් අඳින එක ආචාරශීලී විදිහට ප්‍රතික්ෂේප කළා.

නමුත් හදිසියේම එක චිත්‍ර ශිල්පියෙක් අත ඔසවලා "මම ඔබේ ඉතා අලංකාර හා පර්පූර්ණ චිත්‍රයක් අඳින්නම් රජතුමනි" කියලා කිව්වා. ඒක අහපු රජතුමා ගොඩක් සතුටට පත් වුණා. ඒ අතර අනෙක් චිත්‍ර ශිල්පීන් කුතුහලයට පත් වුණා. රජතුමා චිත්‍රය අඳින්න ඔහුට අවසර දුන්නා. පහුවදා ඉඳන්ම චිත්‍ර ශිල්පියා චිත්‍රය ඇඳීමට පටන් ගත්තා. ඊට පස්සේ චිත්‍රය වර්ණ වලින් පින්තාරු කළා. අන්තිමේදී බොහෝ වේලාවක් ගත කළාට පස්සේ ඔහු රජතුමාට පැවසුවේ චිත්‍රය සූදානම් බවයි!

ඒ වෙලාවේ සියලු රාජ සභිකයන් සහ අනෙකුත් චිත්‍ර ශිල්පීන් කුතුහලයෙන් යුතුවයි හිටියේ. රජතුමා ශාරීරිකව ආබාධිත නිසා චිත්‍ර ශිල්පියා රජුගේ චිත්‍රය අලංකාරව අඳින්නේ කොහොමද කියන එක ගැන හැමෝම පුදුමයෙන් බලන් හිටියා. හදිසියේ හරි රජතුමා චිත්‍රයට අකමැති වෙලා කෝපයට පත් වුණොත් මොකක් සිද්ධ වෙයිද?

නමුත් චිත්‍ර ශිල්පියා විසින් ඒ චිත්‍රය ඉදිරිපත් කළාට පස්සේ රජතුමා ඇතුළු මාළිඟාවේ සිටි සියල්ලන්ම මවිතයට පත් වුණා.

චිත්‍ර ශිල්පියා ඒක ඇඳලා තිබ්බේ කොහොමද දන්නවාද? රජතුමා අශ්වයා පිට වාඩි වෙලා සිටිමින් එක පාදයක් විතරක් එක පැත්තකින් පෙනෙන විදිහට සහ දුන්නක් අල්ලාගෙන ඊතලය ඉලක්ක කරමින් එක් ඇසක් වසාගෙන සිටි‍න ආකාරය පෙනෙන විදිහටයි. රජතුමාගේ ශාරීරික ආබාධ දක්ෂ ලෙස සඟවමින් චිත්‍ර ශිල්පියා විසින් අලංකාර චිත්‍රයක් ඇඳලා තියනවා දැකීමෙන් රජතුමා ඉතා සතුටට පත් වුණා. අවසානයේදී රජතුමා ඔහුට විශාල ත්‍යාගයක් ලබා දුන්නා.

පාඩම : අපි හැම වෙලාවේම අනිත් අය ගැන ධනාත්මකව සිතන්න ඕනේ. ඒ එක්කම ඔවුන්ගේ අඩුපාඩු නොසලකා හරින්න ඕනේ. දුර්වලතා සැඟවීමට උත්සාහ කරනවා වෙනුවට යහපත් දේවල් ගැන අවධානය යොමු කිරීමට අපි ඉගෙන ගන්න ඕනේ. ඍණාත්මක තත්වයකදී පවා අපි ධනාත්මකව සිතීමට හා ධනාත්මක ප්‍රවේශයක් ගත්තොත් අපේ ගැටළු වඩාත් හොඳින් විසඳා ගන්න අපිට පුළුවන් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1890 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:18 AM
Script:/article/1890/drawing-that-made-the-king-a-complete-person-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:19 AM
Script:/article/1890/drawing-that-made-the-king-a-complete-person-story.html