පිපිඤ්ඤා ෆේස් මාස්ක් එකකින් ඔයාගේ මුහුණට එළියක් ගෙනදෙනවා කියලා ඔබ දන්නවා. ඒ වගේම තමයි පිපිඤ්ඤා ජූස් ඔබේ මුළු සිරුරටම පැහැපත් බවක්, එළියක් ගෙනදෙනවා.
පිපිඤ්ඤා වල ඇති ඇස්කෝබික් අම්ලය සහ කැෆීක් අම්ලය සමට පිරුණු බවක් ගෙනදෙන අතර ශරීර බර අඩු කිරීමට, පිලිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරන්න මේ අම්ල උදවු වෙනවා.
පිපිඤ්ඤා කියන්නේ බොහොම මිල අඩු එළවලුවක්. ඉතින් ඔබට බොහොම සුළු මුදලක් වැය කරලා ලස්සන වෙන්න නිරෝගී වෙන්න මේ ජූස් රස විඳින්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
පොඩි පිපිඤ්ඤා ගෙඩි 1
වතුර කෝප්ප 3
ලෙමන් හෝ දෙහි ගෙඩි 1/2ක යුෂ
මින්ට් කොල 2-3ක්
ලුණු පින්චක්
සාදන ආකාරය :
01. පිපිඤ්ඤා ගෙඩියේ පොතු හැර කෑලි කපාගන්න.
02. බ්ලෙන්ඩර් එකට පිපිඤ්ඤා ටික, වතුර, ලුණු සහ මින්ට් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
03. එයට ලෙමන් හෝ දෙහි යුෂ ටික එකතු කරන්න. දැන් ජූස් එක පෙනේරයකින් ඔබේ වීදුරුවට පෙරා ගන්න. රස විඳින්න.