ඔබේ කරුණාවේ සීමාව ලකුණු කරගන්න මතක තියා ගන්න

October 23, 2020
2,418
Have your limits to your kindness
ඔහුගේ නම ස්ටීව්. දවසක් ස්ටීව් තමන්ගේ වාහනය පදවාගෙන යද්දී රිය අනතුරක් සිද්ධ වුණා. ඒ නිසා රථය අලුත්වැඩියා කටයුතු සඳහා ඔහු විසින් මෝටර් රථය ගරාජයකට ගිහින් දැමුවා. ඒත් ඔහුට දිනපතා රැකියාවට යාමට සිද්ධ වුණු නිසා, ඔහු තීරණය කළේ මෝටර් රථය අලුත් වැඩියා කරන කල් නගරයේ තිබ්බ මෙට්‍රෝ දුම්රියෙන් ගමන් කරනවා කියලා‍. දවසක් ඒ විදිහට ගමන් කරලා දුම්රියෙන් බැහැලා ගෙදර යන්න හදද්දී හොඳටම රෑ වෙලායි තිබ්බේ. ඒ වෙලාවේ දුම්රිය ස්ථානයේ නිවසක් නැතුව අසරණ වෙලා, එතන ජීවත් වෙන මනුස්සයෙක්ව ස්ටීව් දැක්කා. ඉතින් ස්ටීව්ට ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් දැනුණු නිසා ඔහු සාක්කුවෙන් අරන් යම් මුදලක් ලබා දුන්නා.

නිවසක් නැතුව අසරණ වෙලා හිටපු ඒ මනුස්සයා විසින් කරපු උදව්ව වෙනුවෙන් ස්ටීව්ට ස්තූති කළා. ඊළඟ දවසේ නැවතත් එම පුද්ගලයාව එම ස්ථානයේදී ම ස්ටීව් විසින් දකිනවා. මේ වතාවේ ස්ටීව්ට හිතෙනවා ඔහුට කෑමට යමක් ලබා දෙන්න. ඒ නිසා ඔහු දුම්රිය ස්ථානයෙන් පිටතට ගිහින් ඔහුට කෑම එකක් ගෙනත් දෙනවා. ඒ දවසෙත් අසරණ පුද්ගලයා ඔහුගේ කරුණාවට ස්තූති කළා. නමුත් ටික වෙලාවකින් පස්සේ ස්ටීව්ට කුතුහලයක් ඇති වෙනවා. ඔහු එම අසරණ මනුස්සයාගෙන් අහනවා “ඔබව මේ තත්ත්වයට පත් වුණේ කොහොමද?”

එහෙම ඇහුවාම ඒ අසරණ පුද්ගලයා ස්ටීව් දිහා බලලා සිනහවෙන් “ආදරය පෙන්වීම නිසා” කියලා කිව්වා. ස්ටීව්ට ඒක තේරුණේ නෑ. ඒ නිසා ඔහු ඇසුවේ “ඔබ ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?” කියලා. ඒ ප්‍රශ්නයට පුද්ගලයා පිළිතුරු දුන්නේ මෙහෙමයි “මගේ මුළු ජීවිත කාලය පුරාම මම කළේ හැමෝවම සතුටින් තියන්න වගබලා ගත්ත එකයි. මගේ ජීවිතයට ඒකෙන් වෙන යහපත අයහපත මොකක් වුණත්, මම හැම වෙලාවේම උදව් ඉල්ලපු හැම කෙනෙකුටම සීමා රහිතව උදව් කළා.”

ඊළඟට ස්ටීව් ඔහුගෙන් ඇසුවේ “ඔබ ඒ ගැන පසුතැවෙනවාද?” කියලා‍යි. ඒකට අසරණ මනුස්සයා පිළිතුරු දෙමින් මෙහෙම කිව්වා. “නෑ, මගේ ආත්මයට වේදනාවක් දැනුණේ, මම මගේ කමිසය ගලවලා දුන් අයම මට අවශ්‍ය වුණු වෙලාවට කිසි දෙයක් දුන්නේ නැති නිසායි.”

පුතා, මම දෙයක් කියන්නම් ඔයාට. ඔයා ඔයාගේ නිවස ඉදිකරද්දී ඔයා ළඟ තියන හැම ගඩොලක් ම අනිත් අයට දෙනවාට වඩා මුලින්ම ඔයාගේ නිවස හදා ගන්න. ඊට පස්සේ උදව් ඉල්ලන කෙනෙක්ට නිවසේ නවාතැන් ගැනීමට ආරාධනා කරන එක වඩා හොඳයි. එහෙම කළේ නැත්නම් එක දවසක ඔයා ආපස්සට හැරිලා බලද්දී ඔයාගේ නිවස ඉදිකිරීමට සැලසුම් කළ ස්ථානය දකිද්දී ඒක හිස් තැනක් වෙලා තියෙයි. ඊළඟට ගඩොල් සොය සොය යන්න වෙන්නේ ඔයාටයි.”

නිවසක් නැති ඒ අසරණ මනුස්සයා කියපු කතාවෙන් අදහස් කළේ මොකක්ද කියලා ස්ටීව් තේරුම් ගත්තේ ඒ වෙලාවෙයි. තමන්ට ලබා දුන්න ඒ රත්තරන් වටින උපදෙස ගැන ස්ටීව් ඉතාම ගෞරවයෙන් ඔහුට ස්තූති කළා.

පාඩම : අනිත් අයට උපකාර කිරීම කියන්නේ කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. නමුත් සමහර වෙලාවට අපි අනිත් අයට සීමා රහිතව උදව් කරන්න ගියාම අපේ ජීවිතයේ සැබෑ ගැටළු සහ අවශ්‍යතා ගැන හිතන්න අපිට අමතක වෙනවා. සමහර වෙලාවට "බෙදා ගැනීම" සීමා රහිත අත් හැරීමට වඩා හොඳ බව මතක තබා ගන්න. ඔබ ඔබවම දුර්වල තත්වයකට අරගෙන එනවා වෙනුවට ශක්තිමත් ස්ථානයක සිටීමෙන් ඔබට අනාගතයේදී තවත් බොහෝ දේවල් කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1885 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:11 AM
Script:/article/1885/have-your-limits-to-your-kindness.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:12 AM
Script:/article/1885/have-your-limits-to-your-kindness.html