හැම පිරිමියෙක්ටම වගේ සැබෑ ආදරයට කලින් හම්බෙන තරුණියන් 05 දෙනෙක්

May 28, 2017
29,177
5 Types of Girls A Guy Usually Dates Before Meeting His True Love
අපිට ජීවිත කාලය තුල විවිධ ආකාරයේ පුද්ගලයන් හමුවෙනවා. මේ අය නිසා අපි ජීවිතේට ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියෙනවා. හැම කෙනාටම ජිවිතේ මුලින්ම සැබෑ ආදරය හම්බෙන්නේ නැහැ. සමහර අවස්ථා වලදී අපේ ජීවිතේට ගැළපෙනම කෙනාව හම්බෙන්නේ නොගැලපෙන අය දෙතුන් දෙනෙක්ම අපේ ජීවිතේට ඇවිත් ගියාට පස්සේ. අද අපි කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතයට ගැළපෙනම කාන්තාව හමුවෙන්න කලින් ඔහුට හමුවෙන විවිධ ආකාරයේ තරුණියන් කිහිප දෙනෙක් ගැන.

1. පිරිමින්ව පාලනය කරන්න උත්සහ කරන තරුණියන්

සමහර කාන්තාවන් ඉන්නවා ඔවුන් නිතරම උත්සහ කරන්නේ තමන්ගේ සහකරුව පාලනය කරන්න. ඔහු කරන කියන හැම දෙයක්ම තීරණය කරන්නේ මේ කාන්තාව. මුලින් නම් පිරිමින්ට දැනෙනවා මේ විදිහේ කාන්තාවක් තමන්ට ගැලපෙනවා කියලා. මොකද ඔවුන් වෙනුවෙන් හැම වෙලාවකම මේ කාන්තාවන් තීරණ ගන්නවනේ. නමුත් ඉතින් ටික කාලයක් යනකොට මේ වගේ කාන්තාවන්ව පිරිමින්ට එපා වෙනවා.

2. හැම ඕපාදුපයක් ගැනම දන්නා තරුණියක්

මේ වගේ කාන්තාවන් ලග පත්තරේක තියෙනවාටත් වඩා ඕපාදුප තියෙනවා. මේ අයගේ වැඩේම අනෙක් අයගේ පවුල් ජීවිත ගැන වගේම පෞද්ගලික දේවල් ගැනත් හොයා හොයා ඉන්න එක. මේ නිසා මේ අයට තමන්ගේ ජිවිතේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න වේලාවක් නැතුව යනවා. මේ නිසා අන්තිමට වෙන්නේ මේ වගේ කාන්තාවන්ව පිරිමින් විසින් අත්හැර දැමීමයි.

3. විවාහක කාන්තාවන්

මේක නම් ටිකක් බරපතල කාරණාවක්. නමුත් ඉතිං අද මේ වගේ කාන්තාවන් සමග පිරිමින් වැඩි වශයෙන් සබදතා පවත්වනවා. ඔවුන් කරන්නේ පුළුවන් තරම් කාලයක් ඔවුන්ගේ සබදතාවය රහසක් ලෙස පවත්වාගෙන යාමයි. නමුත් ඉතින් අවසානයේ වෙන්නේ මේ සබදතා තවත් ප්‍රශ්න ගොඩක් ඇති කරමින් අවසන් වීමයි.

4. පෙම්වතාගේ පසුපසින්ම සිටින තරුණියක්

මේ වගේ කාන්තාවන්ට පෙම්වතා නැතිව කිසිම දෙයක් කරගන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය නිතරම පෙම්වතා සමගම සිටීමටයි. පෙම්වතා ලග නැති නම් ඇය හැම වෙලාවකම ඔහුට කතා කරනවා. මුලින් මෙය පෙම්වතාට සතුටක් උනත් ටික කාලයක් යන විට පෙම්වතියගේ මේ හැසිරීම ඔහුට කරදරයක් වීමට පටන් ගන්නවා.

5. හැම දෙයක් ගැනම අම්මාගෙන් අහන තරුණියක්

අපි හිතනවට වඩා වැඩි පිරිසක් ඉන්නවා මේ වගේ තරුණියන්. ඔවුන්ට මොන වැඩේ කරන්න ගියත් අම්මා පිටිපස්සෙන් ඉන්න ඕනේ. ඒ වගේම මේ වගේ තරුණියන් ගැන හැම තීරණයක්ම ගන්නේ ඇගේ මව.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 292 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:50 AM
Script:/article/292/5-types-of-girls-a-guy-usually-dates-before-meeting-his-true-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:50 AM
Script:/article/292/5-types-of-girls-a-guy-usually-dates-before-meeting-his-true-love.html