පසුගිය වසරේ සිට මුළු ලෝකයම වෙලාගෙන ඇති කොරෝනා වසංගතය අපට සෞඛ්‍ය පිළිබදව පාඩම් බොහෝමයක් කියාදී තිබෙනවා.. විශේෂයෙන් කොරෝනා මාරයාගෙන් ඔබත් ඔබගේ මුලු පවුලත් ආරක්ෂා කරගැනීමට නම් නිතර සබන් ගා අත් සේදීම, මුඛය සහ නාසය ඇල්ලීමෙන් වැළකීම සහ උණ සෙම්ප්‍රතික්ශාවෙන් ආරක්ෂා වීම, සමාජ දුර්ස්තභාවය රැක ගැනීම වැනි බොහෝ සෞඛ්‍ය මාර්ග උපදෙස් අප පිළිපැදිය යුතු වනවා..
ඉහත කරුණු වලට අමතරව ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔබ අනුගමනය කල යුතු තවත් කරුණු කිහිපයක් පිළිබදව හැඩකාරි අපි ඔබට පහතින් ඉදිරිපත් කර තිබෙනවා.. බලන්න මෙම වසංගත රෝගය ව්‍යාප්ත වන කාල සීමාවේදි ඒවා ඔබට කෙතරම් ප්‍රයෝජනවත් ද කියා..
ඇතැම් රෝග සීග්‍රයෙන් බෝවන බැවින් උණ සෙම්ප්‍රතික්ශාව වැළදුණ විට නිවසින් පිටතට නොයන්න.. අන් අයගේ ආරක්ෂාව ගැන සිතා නිවසට වී සිටින්න.
2. ඔබ නිතර අත් සේදීමට ප්‍රිය නොකළත් ඔබගේ සහ අන් අයගේ ආරක්ෂාව පිළිබද සිතා අවම වශයෙන් තත්පර 20ක් වත් විශබීජනාශයක් යොදා හොඳින් අත් සෝදන්න.. නිවසින් පිටත දී විශේෂයෙන් ඒ පිළිබද සැලකිලිමත් වන්න.
3. මෙම කාලසීමාවේදි විශේෂයෙන් අතට අත දීම් සහ වැළද ගැනීම් වලින් වළකින්න.
4. කැස්ස සහ කිවිසුම් යන විට අතේ ඉහල හෝ වැලමිට භාවිතයෙන් ආවරණය කර ගන්න.
5. නාසය ඇල්ලීමෙන් පසුව සබන් යොදා දෑත් සෝදන්න.
6. ඔබගේ රැකියා ස්ථානය හෝ නිවසේ සිට සේවය කරනවා නම් එම ස්ථාන, දුරකතනය, යතුරු පුවරුව ආදී ස්ථාන හොඳින් විෂබීජනාශක යොදා පිරිසිදු කරන්න.
7. ඔබ ව්‍යායාම්ගාරයකට (Gym) යනවා නම් භාවිතයට පෙර එහි උපකරණ විෂබීජනාශක යොදා පිසදමන්න.
8. විශේෂයෙන් ඔබ ආහාර මිලට ගන්නා අතින් ඇල්ලීමෙන් වළකින්න. ඒ සදහා ඇති උපකරණ භාවිතා කරන්න.(Use the tongs)
9. ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා.. එබැවින් සෑම දිනකම ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න.
10. ඔබ පාචනය වැනි රෝගයකින් පීඩා විදින විට නාන තටාක භාවිතාවෙන් වළකින්න.. අනිකුත් සෑමවිටකම නාන තටාකයට බැසීමට පෙර හොඳින් පිරිසිදු වන්න.. නාන තටාකය තුල මළ මුත්‍රා කිරීමෙන් වලකින්න.
11. අත්‍යාවශ්‍ය කාරණයකට හැර රෝහල් කරා යාමෙන් වළකින්න.
12. යම් හෙයකින් ඔබ කොරෝනා වෛරස් ආසාදිතයකු බව නොදැන සිටින විටකදී අන් අයට වැළදීමේ අවධානමක් තිබෙනා බැවින් මිතුරු හමුවක් වැනි ස්ථානයකදී හෝ වෙනත් ස්ථානයකදී බීම වර්ග හෝ වතුර බෝතල් මුව තබා පානය කිරිමෙන් වළකින්න.
13. ඔබ නොසිතුවත් ATM යන්ත්‍ර විවිධ වූ පුද්ගලයින් භාවිතා කරනා බැවින් විෂබීජයන්ගෙන් පිරී පවතිනවා.. එමනිසා ATM යන්ත්‍ර හරහා මුදල් ගණුදෙනු කිරීමට පෙර සහ පසුව දෑත් සහ කාඩ් පත පිරිසිදු කරගන්න.
14. පොදු අවන්හල් තුළ ආහාර ගැනීමේදී ඔබගේ සහ අන් අයගෙ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන්න.
15. ඇතැම් විට අප සහකරු සහකාරියගේ හෝ මිතුරු මිතුරියන් සමග ආහාර ගැනීමේදි ගෑරුප්පුව හැන්ද වැනි උපකරණ මගින් ආහාර හුවමාරු කරගන්නවා.. නමුත් මෙම කොරෝනා කාලයේදි ඔබ ඒ පිලිබද සැලකිලිමත් විය යුතුයි.. ආහාර සමග විෂබීජද ඔබ කරා පැමිණිය හැකියි.
16. ඔබ උණ සෙම්ප්‍රතික්ශාව වැනි රෝගයකින් පෙළෙන විට සහකරු සහකාරිය සමග ඇඳ බෙදා ගැනීමෙන් වළකින්න.. අසනීප වූ විට සිටීමට මෙම දිනවල නිවසේ වෙනම කාමරයක් වෙන්කර ගැනීම ඉතා වැදගත් වනවා.
17. විශේෂයෙන් ඔබ අසනීපයෙන් පසුවන විටදී සහ නිවසින් එළියට ගොස් පැමිණි සෑම විටකදීම ඔබගේ ජංගම දුරකතනය සුදුසු විෂබීජනාශකයක් යොදා පිරිසිදු කිරීමට මතක තබාගන්න..
18. ඔබ උණ සෙම්ප්‍රතික්ශා තත්ත්වයකින් පීඩා විදිනවා නම් ගුවන් ගමන් හි නිරත වීමෙන් මගහරින්න.. යම් හෙයකින් ඔබ නොදැනුවත්වම කොරෝනා ආසාදිතයකු වී නම් එමගින් යානයේ ගමන් ගන්නා සියළු මගීන් අනතුරේ හෙළීමට ඉඩ තිබෙනවා.
19. විශේෂම කාරණය වන්නේ නිවසින් එළියට යන සෑම විටකම දීම නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආවරණයක් පැළදිය යුතුයි.
20. කොරෝනා වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවධානමක් සහිත පොදු මගී ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් සෞඛ්‍ය ආරක්ශාව පිළිබද නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.. එමගින් ඔබේත් අනෙකුත් පුද්ගලයින්ගේත් ආරක්ෂාව තහවුරු කරගත හැකියි.
විශේෂයෙන්ම මෙම කාලසීමාව ඔබ අප සියළු දෙනාටම තීරණාත්මක කාලසීමාවක්.. වෛරසයට එරෙහිව එන්නතක් ලබාගත්තාද රෝගය ආසාදනය වීමේ අවධානමෙන් අප 100%ක් මිදී නැහැ.. එමනිසා සාම්ප්‍රදායික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අමතරව ඉහත සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබගේත් ඔබ අවට සිටිනාන් සියලු දෙනාගේත් ආරක්ෂාව තහවුරු කිරීමට ඔබටත් හැකිවන බවයි හැඩකාරි අපගේ අදහස.. ඔබත් ඔබගේ පවුලත් මේ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වේවායි යන්න අපගේ නිරතුරු අපේක්ෂාවයි.