කොණ්ඩය ඩයි කිරීමෙන් ඔබේ රුවටත් වැඩි ඔපයක්

February 1, 2017
6,887
Color Your Hair at Home with Confidence
අපි කවුරුත් ලස්සනට හා පෙනුමට ඉන්නට කැමතියි. මංගල උළෙලකට සහභාගි වීමට පෙරත්, වෙනත් ප්‍රිය සම්භාෂන උත්සවයකදී වුවත් අපගේ පිරිසිදුකම ඒ හා බැඳුනු පෙනුම හා පිළිවෙල ආකර්ශනීය වන අන්දමට සකසා ගැනීමට අප උනන්දු වෙමු.

කොණ්ඩය සුදුවීම(පැසීම) ඔබේ රුවේ අලංකාරයට බාධාවක් ගෙනදෙන ප්‍රධාන හේතුවක් වේ. ඒ මඟින් ඔබගේ වියපත්වීම වැඩිකර පෙන්වන අතර එය රූපය අවලක‍ෂණ කිරීමටද ඉවහල් වේ.

ඒ අතර අකලට හිසකෙස් පැසීම කෙස්වල දුර්වරණ ස්වභාවය කෙනෙකුගේ පෞරුෂය පහත දැමීමට මහත්සේ බලපාන සාධකයක් වේ. එමෙන්ම එමඟින් ඇතිවන රුවේ අවලස්සන ස්වභාවය නිසා මානසිකව අසහනකාරී තත්ත්වයක් ගෙන දීමට පවා ඉවහල්වන අවස්ථාද අප බොහෝ දැක තිබේ.

එහෙත් ඒ තත්ත්වයේම නොසිට ඇතැම් අය එයට පිළියම් ලෙස කොණ්ඩය ඩයි කර ගැනීම තුළින් තමාගේ රූපයට මනා පෞර්ෂයක් එක්කර ගනියි. එමගින් තමන්ගේ වයසට වඩා වයස අඩුකර පෙන්වීමටද සමත් වී ඇත.

ප්‍රථම වතාවට ඩයිවර්ග භාවිතා කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඔහු හෝ ඇය කුමණ වර්ගයේ ඩයි වර්ගයක් භාවිතා කළද ආසාත්මිකතා පරීක‍ෂාවක් සිදුකළ යුතු බව මතක තබාගන්න. එමෙන්ම ඒ සඳහා භාවිතා කරන භාජන සහ බුෂ්වර්ග ලෝහ මිශ්‍ර ඒවා නොවිය යුතුයි.

ඩයි කිරීම සඳහා ආසාත්මිකතා පරීක‍ෂාව

ප්‍රථමයෙන් ඔබ කළ යුත්තේ ඩයිකුඩු ස්වල්පයක් ගෙන ප්ලාස්ටික් බඳුනකට දමා මද උණුසුම් ජලය ටිකෙන් ටික එක් කරමින් එය තලප ගතියෙන් යුතු උකු මිශ්‍රණයක් සාදා ගැනීමයි. පසුව එම මිශ්‍රණය කන පිටුපස හෝ අත නැම්ම ඇතුල් පැත්තේ තවරා පැය 24 ක් තිඛෙන්න හරින්න.එම කාලය තුළ ඩයි තැවරූ ස්ථානවල ඔහුට හෝ ඇයට සමේ දැවිල්ලක් කැසීමක් බිබිලි මතුවීමක් වැනි ආසාත්මික තත්ත්ව පෙන්වන්නේ නම් ඩයි කිරීම සුදුසු නොවේ.

කොණ්ඩය ඩයි කරන ආකාරය

කොණ්ඩය ඩයි කිරීමට සුදානම් වීමේදී ඔබ මුලින්ම සැළකිලිමත් විය යුත්තේ ඩයි කිරීමට ලක්වන පුද්ගලයා පැළැඳ සිටින ආභරණ ඉවත් කර ඒ සඳහා සුදානම් විය යුතු බවයි.

එමෙන්ම ඩයි ආලේප කිරීමට පෙර අත්වැසුම් භාවිතා කිරීමට මතක තබා ගන්න. ඩයි ආලේප කිරීමට නළල වටා සහ සම ප්‍රදේශයේ scalp Protive emalsion වර්ගයක් තැවරීමට සැළකිලිමත් විය යුතුයි.

මුලින් ෂැම්පු කර පිරිසිදුකර වේලාගත් කොණ්ඩය හීනි දැති සහිත පනාවකින් අවුල් නොමැති ආකාරයට හොඳින් පීරා ගන්න. මෙහිදි හිසකෙස් පිරිසිදු කිරීමට ගන්නා ෂැම්පු වර්ගය කණ්ඩිෂනර් අඩංගු නැති ෂැම්පු වර්ගයක් විය යුතුයි. නැතිනම් ඩයිවර්ග කොණ්ඩයට හොඳින් අල්ලා ගැනීමක් සිදු නොවේ.

පසුව ප්ලාස්ටික් බඳුනක කලින් සඳහන් කළ ආකාරයට සාදා ගත් ඩයි මිශ්‍රණය ඩ්‍රයි බ්‍රෂ් එකක ආධාරයෙන් කෙස් ගසේ මුලසිට අගට හොඳින් තවරාගන්න. මෙය විනාඩි 20 ක වැනි කාලයක් තුළ මුළු කොණ්ඩයයටම හොඳින් තවරගන්න.

ආලේප කළ පසු අවසන් වු තැන් පටන් විනාඩි 45 ක වේලාවක් තබා කෝණ්ඩය සාමාන්‍ය ඇල් ජලයෙන් සෝදා දමන්න. මෙසේ හිස සේදීමේදි ජලය වර්ණ රහිතවනතුරු හොඳින් සේදීමට සැළකිළිමත් වන්න.

මෙම ක්‍රමය මගින් ඔබගේ කෙස්වලට නිරෝගි පෙනුමක් සහ මනා පෞරුෂයක් හිමිකර ගැනීමට ඔබටත් හැකිවේවි.

උපදෙස් - ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණි නදීකා පෙරේරා

සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 29 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/29/color-your-hair-at-home-with-confidence.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/29/color-your-hair-at-home-with-confidence.html