ඔබ හිතාගෙන ඉන්නේ විවාහයෙන් පස්සේ සැමියාගේ වාසගම භාවිතා කරන්නද? නැත්නම් දිගටම ඔබේ නමම භාවිතා කරන්නද? මේක ටිකක් තීරණයක් ගන්න අපහසු ප්‍රශ්නයක් තමයි. මොකද අතීතයේ සැමියාගේ වාසගම කාන්තාවන් භාවිතා කරාට අද වෙන විට බහුතරයක් කාන්තාවන් සැමියාගේ වාසගම භාවිතා කරන්නේ නැහැ. මොකද වැඩි දෙනෙක් හිතන්නේ එය එතරම් වැදගත් දෙයක් නොවන බව සහ කාන්තාවගේ ස්වාධීනත්වයට එය ප්‍රශ්නයක් කියලා. හැබැයි ඉතින් අද අපි ඔබට කියන කාරණා ගැන හිතලා බැලුවොත් නම් ඔබට හිතෙයි විවාහයෙන් පසුව සැමියාගේ වාසගම භාවිතා කරන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා.
1. ඔබ දෙදෙනාව තව තවත් ලං කරනවා
ඔබ සැමියාගේ වාසගම භාවිතා කරේ නැහැ කියලා ඔබ දෙදෙනා අතර තියෙන ආදරයේ කිසිම අඩු පාඩුවක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඔබ ඔහුගේ වාසගම භාවිතා කරොත් ඔබ දෙදෙනාටම දැනෙනවා ඔබ දෙදෙනා එක් අයෙක් බව. මොකද මේ නිසා ඔබ දෙදෙනාටම දැනෙනවා ඔබ දෙදෙනා එක්ව සිටීමේ වැදගත්කම.
2. සැමියා එයට සතුටු වේවි
පිරිමි අය කොහොමත් කැමතියි ටිකක් සාම්ප්‍රදායික විදිහට හිතන්න. මේ නිසා ඔවුන් අනිවාර්යෙන්ම කැමතියි ඔබ ඔවුන්ගේ වාසගම විවාහයෙන් පසුව භාවිතා කරනවා නම්. නමුත් ඔවුන් ඔබට එය කියන්න බොහෝ විට උත්සහ කරන්නේ නැහැ. මේ නිසා ඔබේ කැමැත්තෙන්ම ඔබ එය භාවිතයට ගත්තොත් ඔහු අනිවාර්යෙන්ම එයට කැමති වේවි.
3. නීතිමය අතින් රැකවරණයක් ඔබට දැනෙනවා
ඔබ නීතියෙන් ඔහුව විවාහ කරගෙන සිටින බව ඇත්ත. නමුත් ඔබ ඔහුගේ වාසගම භාවිතා කරන්න විට ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබට නීතිමය රැකවරණයක් තිබෙන බව. ඒ වගේම ඔබ සමාජයට ගිය විටත් ඔබ ඔහුගේ වාසගම භාවිතා කරන විට ඔබට යම් ආරක්ෂාකාරී හැගීමක් දැනෙනවා.
4. ඔබ එය භාවිතා නොකරොත් නිතරම ඔබට නිවැරදි කිරීම් කරන්න වෙනවා
මිනිසුන් කොහොමත් කාන්තාවක්ව හදුන්වන්නේ සැමියාගේ වාසගමින්. ඔබ එය භාවිතා නොකරන කෙනෙක් නම් ඔබට නිතරම ඔවුන්ව නිවැරදි කරන්න වෙනවා. මෙය ඔබව බොහෝ වේලාවන් වලට අපහසු තාවයට පත් කරනවා.
5. දරුවන්ට තේරුම් ගන්න පහසුයි
ඔබත් භාවිතා කරන්නේ සැමියාගේ වාසගම නම්, දරුවන්ට ඔබ දෙදෙනාගේ සබදතාවය තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ. නමුත් ඔබ එය භාවිතා කරන්නේ නැතිනම් දරුවන්ට ඔබ එය භාවිතා නොකිරීමට හේතු කියන්න වෙනවා. මේ නිසා දරුවන් තුල ඔබ දෙදෙනා ගැන වැරදි ආකල්ප ඇති වෙන්න පුළුවන්.
6. මුල්‍ය කටයුතු පහසු කරනවා
ඔබ දෙදෙනාම භාවිතා කරන්නේ එකම වාසගම නම් හවුල් බැංකු ගිණුම් ආරම්භ කිරීම, ගිවිසුම් වලට එලබීම ඉතාමත් පහසු දෙයක්. ඒ වගේම එය ව්‍යාපාර කටයුතු වලටත් විශාල පහසුවක්.