හතු සහ නිවිති පකෝරා සමග සම්බල් - Recipe

December 21, 2017
5,768
Mushroom, Spinach Pakora with Sambol Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් හතු ග්‍රෑම් 250
නිවිති ග්‍රෑම් 250
කඩල පිටි ග්‍රෑම් 150
තිරිඟු පිටි ග්‍රෑම් 50
ගරම් මසාලා ග්‍රෑම් 5
මිරිස් කුඩු ග්‍රෑම් 5
කහ කුඩු ස්වල්පයක්
සූදුරු කුඩු ග්‍රෑම් 5
කොත්තමල්ලි කුඩු ග්‍රෑම් 5
බේකින් පවුඩර් ස්වල්පයක්
නැවුම් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
දෙහි ගෙඩි 1
ගම්මිරිස්, ලුණු රස පදමට
ගාගත් පොල් බෑයක්
අමු මිරිස් කරල් 6
කපාගත් සුදු ලූනු බික් 2
කපාගත් ලොකු ලූනු ගෙඩි 1/2
එළවළු තෙල් ගැඹුරු තෙලේ බැද ගැනීමට

සාදන ක්‍රමය

1. කඩල පිටි හා තිරිඟු පිටි බඳුනකට දමා කලවම් කරන්න.

2. එයටම ගරම් මසාලා, කහ, මිරිස්, සූදුරු, කොත්තමල්ලි, බේකිං පවුඩර් සහ රස පදමට ලුණු, ගම්මිරිස් දමා උකු බැටරයක් සාදාගන්න.

3. නැවුම් කොත්තමල්ලි කොළ දමා කලවම් කර බැටරය පදම්වීමට පැයක් තබන්න.

4. ගැඹුරු බඳුනකට තෙල් දමා රත්කරගෙන කැබලි කඩාගත් හතු සහ කඩාගත් නිවිති කොළ බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ බැදගන්න. හොඳින් තෙල් බේරාගන්න.

5. ගාගත් පොල්, අමු මිරිස්, සුදු ලුනු, ලොකු ලුනු බ්ලෙන්ඩරයක දමා හොඳින් ගසාගන්න. රස පදමට ලුණු, ගම්මිරිස් දමා අවසානයට දෙහි යුෂ එක්කර එන්න.

6. සම්බල් සමග සාදාගත් හතු සහ නිවිති පකෝරා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 591 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:19:09 AM
Script:/article/591/mushroom-spinach-pakora-with-sambol-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:19:10 AM
Script:/article/591/mushroom-spinach-pakora-with-sambol-recipe.html