කාන්තාවට හැමදේම ඉක්මනට අමතක වෙන්නේ ඇයි?

February 20, 2017
5,719
Why woman lose memory
අපේ අම්මලා තම දියණියන් උපන්දා සිටම දැඩි රැකවල් දමා පරිස්සමින් හදා වඩා ගන්නේ කවදාහරි විවාහවෙන දිනයට සුන්දර දිරිය ශක්තියක් ඇති යුවතියක් පිරිමියෙකුට බන්දලා දෙන්න ඕන නිසයි. කාන්තාවන්ට තමන්ට ඕන ඕන දේවල් කරන්න හැකියාවක් නෑ. ගෙදර පරිසරය සීමා බැඳීම් වලට යටත් වෙන්න වෙනවා. ඒ විතරක්ම නොවෙයි. අධ්‍යාපන කටයුතුවලදී පවා පිරිමින්ට වඩා වැඩි වගකීමක් අවධානයක් ඔවුන් යොමු කරනවා. පැය 24 පුරාවටම කොහොම බැලුවත් කාන්තාවන් තමන්ගේ දරුවන් පණ මෙන් රැක බලා ගන්නවා.

සුන්දරම කාලය

තවත් විදිහට කියනවා නම් නම ජීවිතයේ සුන්දරම අවධිය යොවුන් තරුණ අවධිය වන අවුරුදු 16-30 කාලයේදී අනුන් වෙනුවෙන් (ගෙදර ළමයි, සැමියා, වැඩ කටයුතු, රාජකාරී කරන ස්ථානය, අධ්‍යාපන, සෞඛ්‍ය කටයුතු) සියයට 100 ක්ම තම ශක්තිය යොදවලා පසු කාලයකදී තමන් තමන්ව අමතක වෙනවා. අවුරුදු 30ක් වෙලත් විවාහ විය යුතු වයසේ කාන්තාවක් ඉන්නවා. දරු උපත් හා සම්බන්ධ සිතන නිසාත් හෝමෝන පද්ධතිය ගැන සිතන නිසාත් අවුරුදු 40 පසු විවාහ වී පලක් නෑ. හැබැයි පිරිමින්ට ඒක ගැටලුවක් නොවේ. සමහර කාන්තාවන්ට දරුවන්, ගෙදර වැඩ කටයුතු නිසා රස්සාව එපා වෙනවා. රස්සාව නවත්වන්න වෙනවා. පිරිමින්ට ඕනෑම කාලයක් ඕනෑම රස්සාවක් අලුතින් පටන් ගන්න හෝ නවත්වන්න පුලුවන්. කාන්තාවට දරා ගැනීමේ හැකියාව ද වැඩි බව විද්‍යාකූලව ඔප්පු වී තිබුණත් අමතක වීමේ හැකියාවද වැඩිවී ඇති බව ඔප්පු වෙන්නෙ තමන්ව ඉතා ඉක්මනින් අමතක වෙන නිසාය.

දරුවන් ලැබුණාට පසු

දරුවන් ලැබුණාට පසුව හැම කාන්තාවක්ම මහත් වෙන්න පටන් ගන්නවා. තවත් සමහර අය දුක පීඩාව කාන්සිය නිසා කම්මැලි කමට, කෑමට ලොල් කමට (සාන්ද්‍රව වැඩි වෙනවා) ලෙඩ වැඩි කර ගන්නවා. බෝ නොවන රෝග ඇති කරගන්නවා. තමන්ගේ පවුල් සැලසුම් කරගන්නා ක්‍රියාවලියේදීද ඔවුන් අතර මං වෙනවා. එම නිසා තමන්ව අමතක නොකර සිටීම සඳහා පොඩි උපදෙස් පහක් ලබා දෙන්න අපිට හිතුණා. දිනපොතක් ළඟ තබාගන්න. එහි වටිනා සිදුවීම් උපන් දින දවස් කාල සටහන් ආදී දේවල් සටහන් කරන්න. නිවැරදි දිනයේ ඔසප් චක්‍රය සිදුවුවාද දිනගණන් පමා වුණාද? ආදී වශයෙන් තමන් නිතර සෑදෙන ලෙඩ කැස්ස සෙම ආදී රෝග තතත්වයන් ගැනද ගන්නා බෙහෙත් වර්ග ගැනද සටහන් තබා ගන්න. තමන්ට අමතක වන කාරනා සම්බන්ධයෙන් නිතර නිතර බැනුම් අහන්නට සිදුවෙන හේතු සහ ඒවාට තිබෙන විසඳුම්ද සටහන් කරගන්න. නීරෝගීව ඉන්න නම් මුලිකව මේ කාරනා පිළිපදින්න.

මාස 3කට සැරයක් වෛද්‍යවරයෙකු හමුවන්න

ලෙඩ හැදෙනකම් ඉන්නේ නැතිව ලෙඩ හැදෙන්න කලින් පවුලේ වෛද්‍යවරයා සමග ඔබේ සිරුරේ සමහර කරුණු ගැන සාකච්ජා කරන්න. චෙකප් එකක් කරගන්න. උදාහරණ යක් ලෙස ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය, රුධීර පීඩනය, බර උස මහත මේ ආදී කාරනා ගැන අවබෝධයෙන් සිටින්න. ඔබ තරුණ යුවතියක් නම් ඔබට ගැලපෙන සිරුර ගැන අවබෝධයෙන් සිටින්න පරීක්ෂාකර ගන්න. එයයි නිරෝගීකමේ මුල්ම රහස වන්නේ.

දිනපතාම පැයකට කාලයක් ව්‍යායම් කරන්න

කොපමණ ගෙදර දොර මහන්සි වී වැඩ කටයුතු වල යොමු වුණත් ව්‍යායාම සඳහා වෙනම කාලයක් තියාගන්න. නිරෝගීව සිටීමට නම් ව්‍යායාම අපේ සිරුරට අවශ්‍යම දෙයක්. දවල්ට නිදියන කාලය ටිකක් අඩුකරලා රූපවාහිනිය බලන කාලය ටිකක් පමා කරලා ඕප දුප හොයන කාලයත් අඩුකරලා ඒ කාලය ව්‍යායාම සඳහා වැය කරන්න. ඔබේ නිරෝගී කම වෙනුවෙන් අනාගතය වෙනුවෙන් එය හොඳ ආයෝජනයක් වේවි.

ගෙදර වගාවට යොමුවන්න

දැන් හැම තැනම තියෙන්නේ බෙහෙත් ගහපු පැල වර්ග, පලාවර්ග, පළතුරු එළවලු. තමන්ගේ වත්තේ තිබෙන පෙඩි ඉඩ ප්‍රමණයක් හෝ මල් ගස් වවනවා වෙනුවෙන් ගෙදර පරිභෝජනයට සුදුසු එළවලු, මිරිස්, තක්කාලි, කතුරු මුරුංගා, ගස් ලබු, පේර, නාරං ඕනෑම ශකයක් වගා කරගන්න. බෙහෙත් පැළැටියක් දෙකක් හෝ වගා කරගන්න. කෘමි නාශක වලින් තොරව තමන්ට කවදාහරි අත්විදින්න හැකි තමන්ගේ නිරෝගී දිවියට විශාල අත්වැළක්.

දිනකට විනාඩි 15ක් පමණ විවේකයක් කෙටි භාවනාවේ යොදෙන්න

සමහර අය විවේකය කියන්නෙ නිදාගෙන සිටිම, කම්මැලිකමට පත්තරයක් පොතක් බැලීම වගේ දේවල් කරන්නේ මේවා තවත් කම්මැලි වෙන දේවල්මයි. ව්‍යායාමක් ලෙස තෝරාගත් කාලයක් තුළ සම්බන්ධව මනස හා ශරීරයට වැදගත්වන ක්‍රියාවලියේ යෙදෙන්න.

සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 67 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:57 AM
Script:/article/67/why-woman-lose-memory.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:57 AM
Script:/article/67/why-woman-lose-memory.html