මේ පුරුදු තියෙන අයට නම් අමුතුවෙන් අලුත් අවුරුදු ඕන නැහැ. හැමදාම අවුරුදු වගේ තමයි

March 30, 2018
7,626
Everyday is new year if you have these habits
 
සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හැමෝගෙම ජීවිත වෙනස් වෙන කාලයක් නේ ඒ වගේම අපි හැමෝටම විශේෂ කාලයක්. ඉතිං ඒ වෙනස් බව, විශේෂ බව හැමදාම තියා ගන්නත් අපි හැමෝම කැමතියි. මොකද ඒ කාලෙට අපි ගොඩක් සතුටින් ඉන්නේ. අපි ඒ සතුට හැමෝම එක්ක බෙදා ගන්නවා. හැමෝම එකට එකතු වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ වෙනස හැමදාමත් අපි ළඟම තියාගන්න අපි කවුරු වුණත් කැමතියි. ඒකට මහන්සි වෙන්න ඕන නෑ. සමහර පුරුදු තියෙනවා හැමදාම අවුරුදු වගේ අපිව සතුටින් තියෙන්න පුළුවන්. බලන්නකෝ ඒ පුරුදු මොනවද කියලා. ඒ දේවල් මේ අලුත් අවුරුද්දේදී ඔයාටත් ළං කර ගන්න.

කාන්තාවක් විදියට, විශේෂයෙන් ගෘහණියක් විදියට අරපිරිමැස්ම කියන දේ මොන තරම් වැදගත් ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. අරපිරිමැස්මක් නැති කමෙන් විවිධ ප්‍රශ්න වලට අපිට නුහුණ දෙන්න වෙනවා. අරපිරිමැස්ම තියෙන්න ඕන  මුදල් සම්බන්ධයෙන්ම විතරක් නෙවෙයි. හැම දේකදිම ඔබට ඒ පුරුද්ද ප්‍රගුණ කරන්න පුළුවන් නම් ජීවිතේ සමහර කාලවලදී අපිට ඇතිවෙන අගහිඟකම්වලින් ගැලවෙන්න අපිට පුළුවන්. අගහිඟකම් කියන්නෙ අපේ ජීවිත වලට ප්‍රශ්න ගොඩක් අරගෙන එන්න හේතු වෙන්නක්. ඒ ප්‍රශ්න අවම කරගත්තා කියන්නේ අවුරුදු වගේ නෙවෙයිද? හැබැයි ඉතින් ප්‍රශ්න කියන දේවල් ජිවිත වලට එන එක නවත්තන්න බැහැ. ඒ ප්‍රශ්ණ වලට අපි මුහුණ දෙන්න විදිය හා විසදුම් හොයන විදිය අනුව තමයි අපේ සතුට හෝ දුක තීරණය වෙන්නේ.

ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි කියලා ඔබ කියයි. ඔව් එක ඇත්ත. නමුත් අපි ළඟ
ප්‍රමාණවත් මුල්‍යමය ශක්තියක් නැති උනොත් අපිට ඇත්තටම ජීවිතේ ගෙනියන්න අමාරු
වෙනවා. කවුරුත් කැමති නෑ ජීවිතේ ගෙවන්නන් වාලේ ගෙවලා දාන්න. අපි හැමෝම කැමතියි ලස්සනට ජීවත් වෙන්න. ලස්සනට  ජීවත් වෙන්න නම් අපිට සල්ලි ඕන කරනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ සල්ලි හොයනව කියන එකත් ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඔයත් ගෘහණියක් විදියට කාලය ගෙවන කෙනෙක් නම් ගෙදර ඉදන්ම කරන්න පුළුවන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. එයින් සුළු මුදලක් හරි උපයා ගන්න. ඒ පුංචි මුදලත් ඔයාට ශක්තියක් වෙයි.

ඒ වගේම කළමනාකරණය කියන දේත් කාන්තාවක් තුළ අනිවාර්යයෙන් තිබිය යුතු හොඳ පුරුද්දක්. කළමනාකරණය කිව්වම ඒක මුදල් විතරක් නෙමෙයි. හැම දෙයක්ම ඒකට අයිති වෙන්න ඕනේ. රැකියාවේ කටයුතු ගෙදරදොරේ වැඩකටයුතු මිල මුදල් පවා හොඳ කළමනාකරණයක් ඇතිව පවත්වගෙන යන එක අතිශය වැදගත්. ගොඩක් වෙලාවට අපි මුහුණ දෙන ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් තමයි නිසි කළමනාකරණයක් නැති වීම. ඉතින් මේ ගුණාංගය ඔයා තුළත්  වර්ධනය කර කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. 

විශේෂයෙන් පිරිමි පාර්ශවය තුළ මේ ලක්ෂණය දකින්න ටිකක් අමාරුයි. අන්න ඒ නිසා තමයි ගෙදර දොරේ හැම දේකම වගකීම් දරන ඔබ මේ කළමනාකරණය පුරුදු කරන්න ඕනේ. හැම දේකටම මනා කළමනාකරණයක් පවත්වාගෙන ගියොත් එදිනෙදා ජීවිතයේ ඔබ මුහුණ දෙන ගොඩක් ගැටළු වලින් මිදෙන්න ඔබට පුළුවන්.

ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භකර හදිසි අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කිසිදු දෙයකට එම මුදල් නැවත ගැනීමෙන් වලකින්න. එතකොට ඔබේ  සුරක්ෂිතයි. ඔබ හමුවට එන ඕනෑම ප්‍රශ්නයකට බයක් නැතුව මුහුණ දෙන්න ඔබට එයින් ශක්තිය ලැබෙනවා. එහෙම නැත්තම් තැනින් තැනට ගිහින් අත පාන්න ඔබට සිදු වෙනවා. ණයකාරයෙක් වෙනවා කියන්නේ හරියට පඹ ගාලක පැටලුනා වගේ තමයි. එක ණයක් ගෙවන්න තව ණයක් ගන්න වෙනවා. 

අන්න ඒ නිසා ඒ වගේ අවදානමක් නොගෙන ඔබට පුළුවන් විදියට ඉතිරි කරන්න පටන් ගන්න. ඒකට තියෙන හොඳම තැන මොකද්ද කියලා ඔබ දැනටමත් දන්නවා. NDB බැංකුව එක්ක ඔබ මේ ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිදු කරන ගනුදෙනු වලට සුපුරුදු ආරක්ෂාව හා විශ්වාසය සමඟින් තෑගී භෝග රැසක්ම ලැබෙනවා. ඔබ තැන්පත් කරන මුදලේ ප්‍රමාණය අනුව smart tv , ශීතකරණ, laptop , tab, rice cooker, home theater system, විදෙස් සංචාර ඇතුළු වටිනා ත්‍යාග සහ වටිනා අවස්ථාවන් රැසක් ඔබ වෙනුවෙන්ම ලබා දෙන්න NDB බැංකුව සුදානම්. ප්‍රමාද නොවී ඔබේ ඉතිරි කිරීමේ පුරුද්දට වටිනාකමක් එක් කරන NDB බැංකුව සමඟ අත්වැල් බැඳගන්න. එහෙම වුනොත් ඔබ‍ට හැමදාම අවුරුදු තමයි.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 736 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:47 AM
Script:/article/736/everyday-is-new-year-if-you-have-these-habits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:47 AM
Script:/article/736/everyday-is-new-year-if-you-have-these-habits.html