මවක් ලෙස ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම තැනකින්

April 16, 2018
56,717
www.pearsbaby.com
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත මුල්ම දවසේ ඉඳන් ඕනෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නේ හිතේ පිරුන ලොකු සතුටත් එක්කම දැනෙන පුංචි බයකින්. ඉතින් එදා ඉදලම හිතන්නේ පුංචි පැටියා වෙනුවෙන් කරන්න ඕනේ මොනවද? කොහොමද ඒ දේවල් කරන්නේ කියන එක ගැන. ඉතින් හරියටම මේ දේවල් කරන්නේ කොහොමද කියලා හිතන්න ගත්තම ඉවරයක් නොවෙන ප්‍රශ්න පත්තරයක් අපේ අම්මලාගේ තාත්තලාගේ හිතේ මැවෙනවා. මේ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔබේ හිතට එන ප්‍රශ්න පත්තරයම විසඳගන්න ඕනේ උත්තර හැම එකක්ම තියෙන තැනක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. ඒ තමයි Pears Baby වෙබ් අඩවිය. අවුරුදු ගණනාවක් පුරාවට ඔබේ කිරි කැටියව රැක බලාගත්තා වගේම විශ්වාසයෙන් තමයි Pears Baby මේ හැම දෙයක්ම ගැනම තොරතුරු ඔබ වෙතට ගෙන එන්නේ. ඉතින් අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන් දරු පැටියා ඔබේ දෝතට ඇවිත් පෙරපාසල් යන කාලය දක්වාම ඔබ දැනගත යුතු සියලුම දේවල් ගැන මේ Pears Baby වෙබ් පිටුවේ තියෙනවා. කියවලාම බලන්නකෝ මේ වෙබ් අඩවියත් එක්ක සම්බන්ද වෙන ඔබට ලැබෙන සුවිශේෂී දේවල් ගැන.

01. ඔබ දැනගත යුතු සියලුම දේ එකම තැනකින්



අම්මා කෙනෙක් වෙනවා කියන්නේ වචන වලින් කියලා විස්තර කරන්න බැරි තරමේ සුන්දර අත්දැකීමක්. කුසේ ඉන්න දරු පැටියාගේ වර්ධනය, ආරක්ෂාව සහ සුවපහසුව ගැන අම්මලා දැනගන්න, ඉගෙන ගන්න, පිළිපදින්න ඕනේ දේවල් ගොඩයි. ඉතින් Pears Baby වෙබ් අඩවිය කියන්නේ මේ හැම දෙයක් ගැනම ඔබව විස්වාසයෙන් සහ උපරිමයෙන්ම දැනුවත් කරන තැනක්. ඒ විතරක් නෙවෙයි දරු පැටියා ඔබේ දෝතට ආව දවසේ ඉඳලා පෙරපාසල් යන වයස දක්වාම දරුවට අවශ්‍ය ආදරය, රැකවරණ, පෝෂණය, මඟ පෙන්වීම වගේ හැම දෙයක් ගැනමත් Pears Baby වෙබ් අඩවිය ඔබට දැනුම ලබා දෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ තරම් පිළිවෙලට, නිවැරදිව, හොඳින් මවුවරුන්ට දැනුම ලබාදෙන ලංකාවේ පළමුවෙනි වෙබ් අඩවියත් මෙයයි.

02. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම



මේ වෙබ් අඩවියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔබට අවශ්‍ය සියලුම ලිපි සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා තුනෙන්ම ලබාගත හැකිවීම. සාමාන්‍යයෙන් බොහෝ වෙබ් අඩවි වල ලිපි පලවෙන්නේ එක භාෂාවකින් පමණයි එයත් බොහෝවිට ඉංග්‍රීසි භාෂාවෙන් මේ නිසා ඇතැම් මවුවරුන්ට භාෂාව නොදැන සිටීම නිසා ගැටළු මතු වෙනවා. නමුත් Pears Baby වෙබ් අඩවියේ භාෂා තුනෙන්ම ලිපි පලවෙන නිසා මවුවරුන්ට තමන් කැමති භාෂාවකින් පහසුවෙන්ම ඕනෑම ලිපියක් කියවා දැනුම ලබාගත හැකියි.

03. ගර්භ, දින දර්ශනය (Pregnancy Calendar)



දරුවෙක් කුසේ ඉන්න අම්මා කෙනෙක්ට ගර්භණි දින දර්ශනය කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. පළමු ත්‍රයි මාසිකය, දෙවන ත්‍රයි මාසිකය සහ තුන්වෙනි ත්‍රයි මසිකයට අදාල සියලුම තොරතුරු ඇතුලත් ගර්භ, දින දර්ශනයක් Pears Baby වෙබ් අඩවියේ තිබෙනවා. ඉතිං කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට පහසුවෙන්ම බලාගන්න පුළුවන් ඒ ඒ අදාල සති වලදී සිදුවෙන කලලයේ වර්ධනය සහ ඔබේ සිරුරේ සිදුවෙන වෙනස්කම් පැහැදිලිවම.

04. ළමා සංවර්ධන දින දර්ශනය



දරුවෙක් ගුණවත් නැණවත් කෙනෙක් කරන්න දෙමවුපියන්ගෙන් ලැබෙන මග පෙන්වීම ඉතාමත් වැදගත්. ඒ වගේම දරුවාගේ කායික මානසික වර්ධනය නිසි ආකාරව දැන ගැනීම යහපත් නිරෝගී දරුවෙක් බලාපොරොත්තු වෙන මවකට ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් මේ වෙනුවෙන්ම සකස් කල සුවිශේෂී ළමා සංවර්ධන දින දර්ශනයක් Pears Baby වෙබ් අඩවියේ තිබෙනවා. අලුත උපන් ළදරුවාගේ සිට පෙර පාසල් වයස දක්වාම ඒ ඒ සති මාස වලට අදාලව දරුවාගේ වර්ධනය සහ මවක් ලෙස ඔබ අවධානය යොමුකළ යුතු කරුණු විශාල ප්‍රමාණයක් ගැන මේ ළමා සංවර්ධන දින දර්ශනය මගින් ඔබට දැනුම ලබාදෙනවා.

05. බබාට නමක්



ගොඩක් අසාවෙන් පෙරුම් පුරලා දෝතට ගත්ත කිරි කැටියට ලස්සන වගේම හොඳ තේරුමක් තියෙන නමක් දාන්න තමයි කොයි අම්මා තාත්තා උනත් කැමති, ඉතින් බබා හම්බෙන්නත් කලින් ඉඳලා තමයි අම්මලා තාත්තලා බබාට නම් හොයන්නේ. හොඳ තේරුමක් තියෙන ලස්සන නමක් හොයාගන්න එක ඉතින් හිතන තරම්ම ලේසි වැඩකුත් නෙවෙයි. ඒ නිසාම තමයි Pears Baby වෙබ් අඩවිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලස්සන ලස්සන නම් තේරුමත් එක්කම ඔබට ගෙන එන්නේ. මේ නිසා ඔබට හරිම පහසුයි දරු පැටියට ලස්සන තේරුමක් තියෙන නමක් හොයාගන්න.

06. ඔබට අවශ්‍ය ලිපි නිවැරදි වෙලාවට



මේ වෙබ් අඩවියේ තිඛෙන තවත් විශේෂත්වයක් තමයි ඔබට අවශ්‍ය ලිපි අවශ්‍ය වෙලාවට ලබාගැනීමට ඇති හැකියාව. ඔබට කරන්න තියෙන්නේ ඔබට දරුවා ලැබෙන්නට ඉන්න දවස හෝ දරුවා ලැබුන දිනය සඳහන් කර Pears Baby වෙබ් අඩවියේ ලියාපදිංචි වීම පමණයි. ඔබ පසුවෙන ගර්භනී අවධියට අදාල ලිපි සහ දරුවාගේ වයසට අදාලව ඔබට වැදගත් වෙන ලිපි සියල්ල සතිපතා ඔබට නිවැරදි වෙලාවට මේ නිසා ලබාගත හැකියි. එය ඔබට විශාල පහසුවක්.

මේ විදිහට විශේෂතා ගණනාවකින් තමයි Pears Baby වෙබ් අඩවිය ඔබ වෙනුවෙන්ම සකස් කර තිඛෙන්නේ. ඔබත් Pears Baby වෙබ් අඩවියත් සමග එක්වී මවක් ලෙස ඔබ දැනගත යුතු සියල්ල එකම තැනකින් වඩාත් විස්වාසවන්ත ලෙස දැනගන්න.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,398
   520

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   580
   422

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   284
   67

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,995
   53

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,313
   29

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed