මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් එය හෝමෝන අසමතුලිතතාවයක් නිසා විය හැකියි

May 19, 2018
9,600
These signs might predict a hormone imbalance
මිනිස් ශරීරයේ වර්ධනය තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි හෝමෝන කියන්නේ. ඔබේ පෙනුම, නිරෝගී භාවයට වගේම හැම දේකදිම හෝමෝන වල ක්‍රියාකාරිත්වය බලපෑම් කරනවා. ඒ වගේම තමයි ඇතැම් අයගේ මේ හෝමෝන වල අසමතුලිත බාවය නිසා විවිධ රෝගී තත්ත්වයන් හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන රෝග හා ලක්ෂණ ඇතැම් විට හෝමෝන වල අසමතුලිත භාවය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න අමතක කරන්න එපා.

1. අධික ලෙස දහදිය පිටවීම. දහදිය දැමීම නම් අධික රස්නය නිසා නිතරම වගේ අපිව අපහසුතාවයට පත් කරන්නක්. ඒත් වෙලාවක් කලාවක් නැතුව නිතර නිතර දහදිය දැමීම හෝමෝන අසමතුලිත භාවය නිසා සිදු වන්නක්. වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි කල යුත්තේ.

2. අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැල වී යාම හෝර්මෝන වල අසමතුලිත බව නිසා ඇතිවන තවත් ලක්ෂණයක්. සමහර විට ඔබට ඒ ගැන හිතෙන්න වත් නැතුව ඇති. ඔබ විවිධ සත්කාර කරන්න පෙළඹෙන්න ඇති. නමුත් එය සමහර විට හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසා සිදු වුණා වෙන්න පුළුවන්.

3. බර වැඩි වීම ගොඩක් දෙනෙක්ට ගැටළුවක් වෙලා තියෙන කරුණක් වුනත් ගොඩාක් අය ඒකට හේතුව විදියට හෝමෝන අසමතුලිත තාවය කියලා හිතන්නේ නැහැ. තමන්ගේ ආහාර රටාවේ වැරදි නිසා බර වැඩි වෙන්න ඇති කියල තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් ඒකට හෝමෝන වල බලපෑමකුත් සිද්ධ වෙනවා.

4. ස්ථුල භාවය කියන්නෙත් කලින් වගේම ඇතැම් විට හෝමෝන වල ප්‍රශ්නයක් නිසා සිදු වෙන්න පුළුවන් දෙයක්. බර වැඩි වුනා වගේම අනවශ්‍ය විදියට ශරීරය මහත් වීම නිසා ගොඩාක් දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. කුඩා අවදියේදීම අධික ලෙස තරබාරු වූ දරුවන් ඔබ ඕනෑ තරම් දැකලා ඇති. අනිවාර්යෙන් එය හෝමෝන වල අසමතුලිත භාවය නිසා සිදු වන්නක්.

5. විශාදය වැනි මානසික සෞඛ්‍ය පිරිහීමටත් මෙම හෝමෝන වල බලපෑම සිදු වෙනවා. එවැනි තත්ත්වයක් මුල් කාලිනව හඳුනා ගෙන අවශ්‍ය පියවර නොගත්තොත් බරපතල තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

6. වෙහෙස බව එහෙමත් නැත්නම් තෙහෙට්ටුව ඔබේ හෝර්මෝන අසමතුලිත බවේ තවත් ලක්ෂණයක් වෙන්නට පුළුවන්. කොයි තරම් විවේක ගත්තත් සිරුරට දැනෙන වෙහෙසකර බව තමයි එහි ප්‍රධාන ලක්ෂනය.

මෙන්න මේ කියන එක ලක්ෂණයක් හෝ දෙකක් තිබුණු පමණින් ඔබේ හොමින අසමතුලිතයි කියලා නිගමනය කරන්න බැහැ. හැබැයි ඉතින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් හොඳයි. එයින් ඒ ගැන සැක හැර දැන ගන්න ඔබට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 823 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:39:10 AM
Script:/article/823/these-signs-might-predict-a-hormone-imbalance.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:39:10 AM
Script:/article/823/these-signs-might-predict-a-hormone-imbalance.html