යුවතියකගේ ජීවිතයට අතිශය වැදගත් පිරිසිදුකම

March 10, 2017
9,561
Personal Hygiene in Women
පිරිසිදුකම එහෙමත් නැත්නම් පවිත්‍රතාවය අද වනවිට අතිශය කතාබහට ලක්වෙන කාරණාවක්. ඒත් මේ කියන්න යන්නෙ කාන්තාවක් තමන්ගේ බාහිර පිරිසිදුකම පවත්වා ගත්තේ නැත්නම් සිදුවන දේ ගැනයි. බොහෝ වෙලාවට තමන්ගේ නොසැලකිලිමත් භාවය නිසාම පිරිසිදුකම කියන කාරණාව අමතක වෙලා යන හින්දා ඇතැම් අවස්ථා වලදී කාන්තාවකට තමන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවන් පවා නැතිව යාහැකියි. අතීතයේදී නම් කාන්තාවක් විවාහ කරගැනීමට පෙර ඇය⁣ව බැලීමට නිවසට යාමෙන් පසු ඇගේ දෙපතුල් වල පිරිසිදුභාවය මත විවාහය තීරණය වුනා. ඒ අතීතයේදී පිරිසිදුකම තීරණය වෙන ආකාරය. අද එය ඊට වඩා වෙනස්වනවා.

පාසැල් වියේ යුවතිය

තරුණියකට තමන්ගේ පාසැල් කාලය තරම් තමන්ගේ ජීවිතයට ස්වර්ණමය කාලයක් නැති තරම්. ඒ කාලය ඇතුලත ඇයගේ වයසත් අනෙක් කාරණාත් නිසා පිරිසිදුකම කියන කාරණාව අමතක වෙලා යන්න ඉඩ තියෙනව. ඒත් නැවුම් බවකින් ජීවිතයට මුහුණ දෙන මුල් කාලය පාසැල් කාලය හින්දම තම තමන්⁣ගේ පිරිසිදුකම ගැන හිතනවා නම් ජීවිතයේ අනිත් කටයුතු හොදින් කරගෙන යන්න පුළුවන්.

රැකියවේ නියුතු යුවතිය

අද වන විට රැකියාව සදහා සම්මුඛ පරීක්ෂණයට යන අවස්ථාවේ සිට ඇයගේ බාහිර ස්වරූපය ගැන අදාල සේවා ස්ථානයේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්වනවා. විශේෂයෙන්ම ඇය අදින පළදින ආකාරය, කේශකලාපය, මේකප්, නියපොතු, සුවදවිලවුන් ගැල්වීම ආදිය පිලිබදව වඩාත් සැලකිලිමත් වීම තුලින් ෞශත්වය දුර්වලතා මඟහරවා ගනිමින් රැකියා ස්ථානය තුල ප්‍රියමනාප තැනැත්තියක් බවට පත්විය හැකියි. එමෙන්ම ඇය ගනුදෙනුකරුවන් සමග නිතර හමුවන වන තැනැත්තියක් නම් නිතරම තමන්ගේ පිරිසිදුකම ගැන අවධානය යොමුකල යුතු වනවා. මොකද ඔබ එසේ නොවුනහොත් අදාල සේවා ස්ථානයේ ගනුදෙනු සදහාද එය යම් බලපෑමක් සිදුකරන බැවිනි.

බිරිදක් වන යුවතිය

මේ සියල්ලෙහිම වඩාත් වැදගත් කාල වකවානුවක් වන්නේ විවාහ වු පසු තමන් ගෙවන ජීවිතයයි. එහිදී තරුණියක් මුලින් කී ආකාරයට තම පිරිසිදුකම ගැන අවධානය යොමු නොකර සිටියත් පසුව හෝ තමන් විසින්ම පිරිසිදුකම පිලිබදව යම් යම් පියවරවල් කිහිපයක් ගතයුතු වනවා. විශේෂයෙන් නිවසේ පිළිවෙල, තම සැමියාගේ කටයුතු, දරුවන්ගේ ක්‍රියාකාරකම් ආදී සියලු දේ සම්බන්ධ පිරිසිදුකමට අදාල කාරණා ගැන තේරුම් ගනිමින් ඒවා නිවැරදි කරගනිමින් කටයුතු කල යුතු වනවා.

මේ විදියට බලද්දී පිරිසිදුකම කියන කාරණාව තරුණියක්ගේ ජීවිතයේ හැම පියවරකදීම අතිශය වැදගත් වගේම මූලික කාරණාවක්. දෙමාපියන්ගෙන් හෝ සමාජයෙන් තමන්ගේ අඩුපාඩු දැන ගන්නවට වඩා දවස ඉවර වෙන මොහොතක තනියම විනාඩි දහයක් විතර කල්පනා කලොත් මේ හැම දෙයක්ම හදා ගන්න ඔබටත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 112 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:29 AM
Script:/article/112/personal-hygiene-in-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:29 AM
Script:/article/112/personal-hygiene-in-women.html