ඩොනට්ස්

October 5, 2019
5,081
Doughnut
රසම රස ඩෝනට් ගෙදරදීම හදාගන්න එක හරිම ලේසියි. බලමු මේ රස්වත් ස්නැක් එක හදන්නේ කොහොමද කියලා...

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 500g (කෝප්ප 4)
සිහින්ව කුඩු කරගත් සිනි  50 g (කෝප්ප 1/4)
මද රස්නේ වතුර කෝප්ප 1/4 (මේස හැඳි 5)
යිස්ට් තේ හැඳි 2
බටර් 50g
ලොකු බිත්තර 2
මද රස්නේ කිරි 180 ml (කෝප්ප 3/4 + තේ හැඳි 1)
ලුණු තේ හැඳි 1

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන එයට වතුර ටික දමා, එයට යිස්ට් හා සීනි තේ හැන්ඳක් පමණ එකතු කර හොඳින් කලවම් කර පසෙකින් තබන්න.

02. පසු මෙසේ හදා ගත් යිස්ට් මිශ්‍රණය විනාඩි 5ක් පමණ පෙන පිපෙන තෙක් තබන්න.

03. දැන් පිටි ටික ලොකු බදුනකට දමා එයට සිනි, ලුණු, බිත්තරය, බටර් දමා එයටම හොදින් පිපිණු යිස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න .

04. පසු මද රස්නේ කිරි ටික ටික දමා අතේ ඇලෙන පදමට මිශ්‍රණයක් හදා ඩෝන්ට් මිශ්‍රණය පැයක් තෙත රෙද්දකින් වසා තියා ගන්න .

05. පසුව ලෑල්ලක් මත හොඳිට පිටි ඉස මේ පිටි මිශ්‍රණය පිටි මතට දමා හොඳින් අඟල් 1/2ක පමණ උසට තුනි කර ගන්න .

06. පසු ඩෝනට් සයිස් රවුමක් තියා, අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා, ඒ කපා ගත් රවුම මැදට නැවත පොඩි බෝතලයක මුඩියක් තියා පොඩි රවුමක් කපා ගන්න .

07. දැන් මෙලෙස හදා ගත් ඩෝනට් නැවත විනාඩි 15 - 20 පිපෙන්න තියා ගන්න .

08. තාච්චියකට තෙල් දමා රත් වු පසු අඩු ගින්දරේ හදා ගත් ඩෝනට් දමා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න .

09. අවසානයට දියකරගත් චොකලට් හෝ සිනි උඩින් අතුරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1408 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:10 AM
Script:/article/1408/doughnut.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1408/doughnut.html