මේ දෙල් වාරයයි. ඉතින් සාමාන්‍යයෙන් අපි හදන දෙල් ව්‍යංජනයට වඩා වෙනස් දෙල් බැදුමක් හදා ගනිමු.
අවශ්‍ය දේ :
පැසුන දෙල් ගෙඩියක්
උම්මලකඩ කුඩු ග්‍රෑම් 100 ක් (උම්බලකඩ වෙනුවට කූණිස්සන් හෝ
හාල්මැස්සන්ද යොදා ගත හැකියි)
කරපිංචා ඉති දහයක් පමණ
ලොකුළූණු ගෙඩියක්
සියඹලා ස්වල්පයක් (ඇට 5-6ක් පමණ )
සීනි ග්‍රෑම් 30 ක්
කහ ස්වල්පයක්
එනසල් කරල් දෙකක්
කරාබු නැටි 3 ක්
කුරුදුපොතු කැබැල්ලක්
රම්පෙ කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
කෑලි මිරිස් මේස හැඳි 1 (රස අනුව අඩු වැඩි කරගන්න පුලුවන්)
පොල්තෙල් බැදුමට අවශ්‍ය තරම්
සාදන අන්දම :
01. මුලින්ම දෙල් සිහින් තීරු කපා කහ එකතු කර ටික වේලාවක් තබන්න.
02. දැන් තෙල් ලිප තබා ගැඹුරු තෙලේ දෙල් බදින්න.
03. තවත් තෙල් ටිකක් ලිප තබා එයින් උම්මලකඩ, සිහින්ව ලියා ගත් බි ළූණු බැද ගන්න.
04. රම්පෙ, කරපිංචා, කරාබු නැටි, එනසල්, කුරුඳුපොතු ආදිය වෙනම බදින්න.
05. සීනි ටික ලිප තබා උනු කරගෙන එයට ලුණු ස්වල්පයක් සහ ඇට ඉවත් කර ගත් සියඔලා එකතු කරමින් ගොරෝසු මිශ්‍රණයක් සාදා
ගන්න.
06. දැන් බැද ගත් උම්බලකඩ, රම්පෙ, කරපිංචා, කරාබු නැටි, එනසල්, කුරුඳුපොතු ආදියට සියඹලා යුෂ එකතු කරන්න. ඒ සමගම උම්බලකඩ සහ ළූණුත් එකතු කරන්න.
07. මෙය හොඳින් කලවම් කර ගෙන බැදගත් දෙල් කැබැලිත් මෙයට එකතු කරන්න. ඒ මතට ලුණු සහ කෑලි මිරිස් එකතු කර කලවම් කර ගෙන ආහාරයට ගන්න.
එන්.ඒ.පි.සි