අල්මාරියෙන් ඇඳුමක් තෝර ගන්න ගියාම විඳින්න වෙන කරදර වලින් මිදෙන්න CAPSULE WARDROBE ක්‍රමය ඉගෙන ගන්න

October 28, 2020
5,218
Learn the capsule wardrobe way
අපේ ඇඳුම් අල්මාරිය සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම ඒකේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳුම් පුරවාගෙනයි අපි ඉන්නේ. ඒ ඇඳුම් කන්ද නිසාම හැම උදෑසනකම ඇඳුම් අඳින්න යද්දී අපිව ආතතියකට හා ව්‍යාකූල බවකට පත් වෙනවා. සියල්ලටම වඩා ඔබට තියන ඇඳුම් ආයිත්තම් කට්ටලය එකිනෙකට නොගැළපෙන විලාසිතා සහ වර්ග වලින් වලින් පිරිලා තියනකොට, ඔබට අවශ්‍ය වෙලාවට අඳින්න කිසිම ඇඳුමක් නෑනේ කියලා අවංකවම දැනිලා ඇති නේද? ඒ නිසා තමයි මේ CAPSULE WARDROBE සංකල්පය ඔබට වැදගත් වෙන්නේ. CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදාගත්තාම ඔබේ කාලය ඉතිරි කර ගැනීමටත්, ඔබේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ ගැටලු විසඳාගන්නත් පුළුවන් වෙනවා. "අඩු ප්‍රමාණයක් සහ වැඩි ගුණාත්මක බවක්" කියන අදහස මතයි මේ ක්‍රමය ගොඩනගලා තියෙන්නේ. මේ වගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයක් කියන්නේ ඔබට විවිධාකාර හා හොඳින් ගැළපෙන ඇඳුම් තෝරා ගැනීමට පුළුවන් වෙනවා කියන එකයි. ඒ නිසා සීමිත ඇඳුම් සංඛ්‍යාවක් සමඟ ජීවත්වීමේ වාසිය ළඟා කරගන්න ඔබත් සූදානම් නම්, ඔබටත් CAPSULE WARDROBE කට්ටලයක් නිර්මාණය කිරීම සඳහා මේ උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.

ඔබේ ඉලක්කය සකසන්න
එහෙනම් දැන් ඔබ ඔබේ අධික ඇඳුම් ආයිත්තම් ටික අත්‍යවශ්‍ය දේවල් දක්වා අඩු කිරීමට තීරණය කරලයි ඉන්නේ. ඒක ගොඩක් හොඳයි. ඒත් ඔබ අල්මාරියේ තියන අතිරික්ත ඇඳුම් ඉවත් කරන්න පටන් ගන්න කලින් ඔබ ඉලක්ක‍යක් තබා ගන්න එක වැදගත් වෙනවා. වැදගත්ම දෙය තමයි ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයේ කොයි තරම් ඇඳුම් ප්‍රමාණයක් තියා ගනන්වාද යන්න පිළිබඳව මුලින්ම අදහසක් තියෙන එක වඩාත් හොඳ වීම. ඒකට ඔබට නිශ්චිත අංකයක් සැකසීමට අවශ්‍ය නොවුණත්, 50 ට වඩා අඩු ඉලක්කයක් තබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. 30 ද සුදුසු ප්‍රමාණයක් වෙන්න පුලුවන්. නමුත් ඔබට ඇත්තටම අවශ්‍ය වෙන ඇඳුම් ප්‍රමාණය කීයද කියලා හොඳින් හිතන්න වග බලා ගන්න. එහෙම කරන්න බැරි නම්, ඔබ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදා ගන්න අදහස අත් හැරලා ඔබගේ පැරණි ජීවන රටාවටම නැවත පිවිසෙන්න පුළුවන්.

මේ වැඩේ ආරම්භ කිරීමට පෙර, ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ තබා ගැනීමට අවශ්‍යම ඇඳුම් අයිතම වර්ග පිළිබඳව ද ඔබට අදහසක් තිබෙන්න ඕනේ. කොටස් 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පිරුණු ටොප්ස්, බොටම්ස්, ගවුම්, ජැකෙට් හෝ ඕවර් කෝට් සහ සපත්තු ඔබේ අල්මාරියේ ප්‍රධාන ඇඳුම් ගබඩා කොටසට ඇතුළත් වෙන්න ඕනේ. නමුත් ඒකට ව්‍යායාම ඇඳුම්, පිහිනුම් ඇඳුම්, යට ඇඳුම්, පිජාමා සහ ආභරණ ඇතුළත් වෙන්න ඕනේ නෑ.

තේරීම් සැලසුම් කිරීමේදී සහ ඇඳුම් ආයිත්තම් කට්ටලය සීමා කිරීමේදී ඔබේ පෞද්ගලික, ඔබට ආවේනික ස්ටයිල් එක නැති කර ගන්න ඕනේ නැති බව ද මතක තබා ගන්න. ඒ වගේම ඔබ තබා ගැනීමට අදහස් කරන ඇඳුම් ඔබේ පෞරුෂත්වය විදහා දක්වන ඒවාද කියලා බලන්න. අත්‍යාවශ්‍යයෙන්ම ඔබ ඉලක්ක කර ගන්න ඕනේ දෙයක් තමයි ඔබේ පෞද්ගලික ස්ටයිල් එක ආරක්ෂා කරන, ඕනෑම අවස්ථාවකට ඉක්මණින් ගළපලා ඇඳ ගන්න පුළුවන් මට්ටමට ඇඳුම් කොටස් සංස්කරණය කර ගන්න එක.

අනවශ්‍ය ඇඳුම් ඉවත් කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය ගැන පැහැදිලි ඉලක්කයක් ඇති කර ගත්තාට පස්සේ ඔබට අනවශ්‍ය ඇඳුම් ඉවත් කිරීම ආරම්භ කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය ටිකක් දුෂ්කර වුණත් ඒකෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිලාභ ගැන අවධානය යොමු කරලා වැඩේ පටන් ගන්න උත්සාහ කරන්න. පැහැදිලි බවක් සහිත සහ පිළිවෙලක් සහිත අල්මාරියකින් මඟින් ඔබට දිග කාලයක් වඩා සැහැල්ලුවෙන් හා අඩු ආතතියකින් ඇඳුම් එක්ක ජීවත් වෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම ඔබ ඔබේ අතිරික්ත ඇඳුම් පරිත්‍යාග කිරීම හෝ විකිණීම ආරම්භ කරන්න කලින් ඒ වැඩේ ගැන ට්‍රයල් එකක් කරලා බලන්න. සරලව සහ සීමා සහිත ඇඳුම් ප්‍රමාණයක් එක්ක ජීවත් වෙද්දී ඔබට හැඟෙන්නේ මොන වගේ දේවල් ද කියලා හිතලා බලන්න සහ ඔබට තබා ගැනීමට අමතක වුණු අත්‍යවශ්‍ය ඇඳුම් තිබෙනවාද කියලා නැවත චෙක් කරලා බලන්න.

ඔබේ අල්මාරියෙන් අනවශ්‍ය ඇඳුම් ඉවත් කරනකොට ඔබේ ජීවන රටාව සහ අවශ්‍යතා පිළිබඳව ඔබ සමඟම යථාර්ථවාදී වෙලා හිතන්න මතක තබා ගන්න. ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබට නිතර අඳින්න පළඳින්න පුළුවන් සහ බහුකාර්ය ඇඳුම් පමණක් අඩංගු වන විදිහට අල්මාරිය අලුත් කරගන්න ඕනේ. ඒ අනුව ඔබ නිතර පාටි වලට යන, නිතර නිවාඩු දවස් වලට එළියට යන කෙනෙක් නොවේ නම් කොක්ටේල් ඇඳුම් පහක් හයක් අල්මාරියේ තබා ගන්න එකෙන් තේරුමක් නෑ.

ඍතුවෙන් පිටත ඇඳුම් වෙනම ගබඩා කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සකසන්න තීරණය කළාට පස්සේ අල්මාරියේ ඔබට වසර පුරාම අඳින්න අත්‍යවශ්‍ය වෙන ඇඳුම් රාශියක් අඩංගු වෙන නිසා සීත රටක ජීවත් වෙන කෙනෙක් නම්, ඒක අදාළ සෑම කාලයකටම ගැලපෙන විදිහට සකස් කරන්න වෙනවා. ඒ නිසා ඔබට දැන් අවශ්‍ය නොවුණත් වැහි කාලයේදී, සීත කාලයේදී අවශ්‍ය වෙන කබා සහ සීත දවස් වලට ඕනෙ වෙන ඇඳුම් ඔබේ අල්මාරියෙන් පිටතට අරගෙන වෙනම කොටසක තියන්න. එහෙම කළාම කාලගුණය මොකක් වුණත් ඔබට ඔබගේ අවශ්‍යතාව ඉක්මනින් සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරම ඔබේ අල්මාරිය ද අවුල් ජාලයකින් තොරව තබා ගැනීමට පුළුවන් වෙනවා.

ඒ වගේම ඔබ තවදුරටත් අඳින්නේ නැති ඔබේ මංගල ඇඳුම වගේ ඇඳුම් සහ ඔබව හැඟීම්බර කරන ඇඳුම් අල්මාරියේ තියාගන්නත් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවාටත් සීමා රේඛාවක් ඇඳීමට මතක තබා ගන්න. සියලුම පැරණි ඇඳුම් සඳහා ඔබේ අල්මාරියෙන් වටිනා ගබඩා ඉඩක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒවාත් වෙනම තැනක ගබඩා කරන්න.

ඔබට මඟ හැරුණු ඕනෑම අත්‍යාවශ්‍ය ඇඳුමක් පැළඳුක් සඳහා මුදල් ආයෝජනය කළාට කමක් නෑ. ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සමඟ ජීවත් වෙමින් ටික කාලයක් ගත කරනකොට, ඔබට අත්‍යවශ්‍ය ඇඳුම් කීපයක් මඟ හැරිලා කියලා සමහර වෙලාවට ඔබට පෙනෙන්න පුළුවන්. සමහර විට ඒක කළු ගවුමක් හෝ සුදු කමිසයක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට ඇත්තටම අඳින්න ඕනේ වෙන ඇඳුම් සඳහා පමණක් මුදල් වියදම් කිරීමට කාලයයි. ඒ සඳහා ඔබට සාප්පු සවාරි යන්න පුළුවන්. නමුත් ඔබට අත්‍යාවශයම වෙන ඇඳුම් මිලදී ගැනීම පමණක් කරන්න. නැත්නම් ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය නැවත පිරීමේ අවදානමක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය “පරිපූර්ණ” එකක් වෙන්න ඕනෙ නෑ. ඒත් ඒක ඔබට ප්‍රයෝජනවත් වෙන එකක් වෙන්නයි ඕනේ.

ඒ වගේම ඇඳුම් ගනිද්දී දිග කාලයක් පවතින උසස් තත්ත්වයේ ඒවා මිලදී ගැනීමට ද මතක තබා ගන්න. ඒ ක්‍රමයෙන් ඉදිරි වසර ගණනාව තුළම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය භාවිතා කරන්න පහසු වෙනවා. ඒ වැඩේ මේ වෙලාවේ ඔබට පොඩ්ඩක් මිල අධික එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආයෝජනයෙන් අනාගතයේදී ඔබට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වේවි. ඒක ගුණාත්මක බවින් අඩු, වේගයෙන් විනාශ වෙලා යන ඇඳුම් වලට වඩා පරිසර හිතකාමී තේරීමක් ද වේවි.


නිතරම සාප්පු සවාරි යමින් පුළුවන් තරම් ඇඳුම් මිලදී ගන්න පුරුද්දෙන් මිදෙන්න. ඒ වෙනුවට ඔබට අවශ්‍ය දේවල් විතරක් මිලදී ගන්න. අලුතෙන් එන විලාසිතා මිලදී ගැනීම වගේ වියදම් වලින් වැළකිලා ඉන්නත් වගබලා ගන්න. ඒ උපක්‍රමශීලී බව ඔලුවේ තියාගෙන සාප්පු සවාරි යද්දී ඔබේ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න.

ආභරණ සමඟ පෞරුෂත්වයක් එක් කරන්න
CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් සමඟ ජීවත් වීම අඳුරු හෝ කම්මැලි අත්දැකීමක් කරගන්න ඕනේ නෑ. ඔබේ ස්ටයිල් එකට ගැලපෙන ඇඳුම් තෝරා ගැනීම මෙන්ම ආභරණ සමඟ ද ඔබේ ඇඳුම් වලට පෞරුෂයක් එක් කරගන්න පුළුවන්. ඒක බොහෝ විකල්ප වලින් පුරවා ගැනීමට අවශ්‍ය නොවුණත් ස්කාෆ්, බෑග්, ආභරණ සහ අව් කණ්ණාඩි වගේ තෝරා ගැනීම් එක්ක ඔබේ පෙනුම හා පෞරුෂත්වය සිත් ඇදගන්නා සුළු ආකාරයට තබා ගැනීමට උපකාරී වෙනවා. වඩාත්ම හොඳ දෙය තමයි සරල ඇඳුමක් එක්ක ගැළපෙන ආභරණ කීපයක් භාවිතා කරද්දී, ඇඳුම් තෝරා ගැනීමට හා ඒවා ගැළපීමට ඔබේ දවසින් පැය ගණනාවක් වැය වෙන්නේ නැති එක සහ ආතතියෙන් තොර වෙන එක. ඒ තමයි ඇඳුම් ඇඳීමේ පහසු ක්‍රමය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How neem oil can help to have full healthy hair
   25,221
   86

පිරිපුන් නිරෝගී කෙස් කළඹක් සඳහා ස්වභාවික රහසක්

ඔබ කොතරම් උත්සාහ කලත් පිරිපුන් නීරෝගි කෙස් කළඹක් තවමත් සිහිනයක් පමණක්ද.. එසේනම් මෙන්න කොහොඹ තෙල් භාවිතයෙන් පහසුවෙන් දිගු නීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබාගැනීමට උපදෙස්
6 benefits of drinking lime juice while pregnancy
   24,198
   86

ගර්භනී කාන්තාවන් සඳහා දෙහි යුෂ පානයට ගැනීමේ සෞඛ්‍යමය වාසි 6 ක්

සමහර පලතුරු පොදුවේ සෞඛ්‍යයට යහපත් වුවද, ගර්භණී සමයේදි ඒවා ආහාරයට ගත්තට කමක් නැද්ද? දෙහි, ඒවායින් එකක්ද? ගර්භණී සමයේදී දෙහි යුෂ හොඳද? මේ ලිපිය කියවලාම බලන්නකෝ..
7 worst foods for thyroid disease
   5,776
   70

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සඳහා නුසුදුසු ආහාර වර්ග 7ක්

තයිරොයිඩ් ග්‍රන්ථිය ජාන විද්‍යාව අනුව පාලනය වුවත් ඇතැම් අවස්ථාවලදී මානසික ආතතිය, පාරිසරික විෂ ද්‍රව්‍ය සහ ආහාර රටාව මගින් සැලකිය යුතු ආකාරයේ බලපෑමක් එල්ල විය හැකියි..
Milk Toffee Recipe
   133,545
   69

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
7 signs that indicate you are eating too much sugar
   5,643
   51

ඔබ ප්‍රමාණය ඉක්මවා සිනි ආහාරයට ගන්නා බව දැනගත හැකි සංඥා 7

සීනි සම්පූර්ණයෙන්ම ආහාරයට ගැනීමෙන් වැළකීම ඔබට කිරිමට ඇතැම් විට අපහසු වුවත් අධික ලෙස සීනි පරිභෝජනය ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කල හැකියි. එමනිසා අධික ලෙස සීනි ආහාරයට ගන්නවාදැයි හැඟවෙන සංඥා සහ එයින් වළකින මාර්ග පිළිබඳ දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් වනවා

Latest Articles

Most Viwed