මේ කියන පුරුදු ඔයා ළඟ තියෙනවා නම් ඇත්තටම ඔයා නිරෝගී කාන්තාවක්

September 18, 2017
10,187
If you have these habits you are a healthy woman
නිරෝගී කම කියන්නේ අපිට තියෙන උතුම්ම ලාබය කියලනේ අපි ඉගෙන ගෙන තියෙන්නේ. ඇත්තටම නිරෝගී කම කියන දේ අපිට මොන තරම් වැදගත්ද කියන එක අපිට තේරෙන්නේ රටේම තියෙන ලෙඩ ටික හැදුනට පස්සේ. එතකොට ඉතින් පරක්කු වැඩියි. විශේෂයෙන් කාන්තාවක් කියන්නේ සීමාවක් නැතුව වැඩ රාජකාරි වලට හිර වෙලා තමන් ගැන වත් හිතන්න වෙලාවක් නැති තරමට කාර්යබහුල කෙනෙක්. දරුවන්ගේ වැඩයි, ජොබ් එකේ වැඩයි, ගෙදර වැඩයි එක්ක ඔයාට ඔයාවත් අමතක වෙලා ඇති. එත් ඒ හැම දෙයක්ම අතරේ ඔයාගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන නේද? මේ කියන පුරුදු ඔය ළඟ තියෙනවා නම් ඔයා නිරෝගී කෙනෙක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අද ඉඳල වත් ඔයා ගැන ටිකක් හිතන්න. හැම දේම කරන්න ඕන ඔයා හොඳින් ඉඳලනෙ.

1. ඔබ ආහාර රටාව ගැන සැළකිලිමත්ද?

අපේ ගොඩක් අය මේ ගැන නම් දක්වන්නේ ඉතා අඩු සැළකිල්ලක්. අපේ අයහපත් පුරුදු අපේ සෞඛ්‍යට අහිතකර විදියට බලපානවා කියල දැන දැනත්, ගොඩක් දෙනෙක් තමන්ට අහුවෙන ඕන දෙයක් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නරක පුරුදු ඔයාව ලෙඩෙක් කරන්න හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කට පාලනය කර ගන්න උත්සාහ කරන්න. හැම වෙලාවකදීම පෝෂ්‍යදායි, සමබල ආහාර වේලක් ලබා ගන්න උත්සාහ කරන්න, පැණි රස හා මේදය අදික ආහාර වලින් හැකි තරම් ඈත් වෙන්න. අලුත් එළවලු පලතුරු විශේෂයෙන් කොළ පැහැති ආහාර වර්ග වගේම හිතකර මේදය අඩංගු ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් නිරෝගිව ඉන්න එක ඔයාට අරුමයක් නෙවෙයි.

2. ඔයා ව්‍යායාම වලට කම්මැලි නැහැනේ

අපේ ශරීරයේ මනා පැවැත්ම උදෙසා ව්‍යායාම කියන දේ අත්‍යාවශ්‍යයි. එත් ගොඩක් දෙනෙක් ඇඟ වෙහෙසන දෙයක් කරන්න හරිම කම්මැලියි. එහෙමයි කියලා එකතැනකට වෙලා කකා බිබී හිටියොත් නම් බලන් ඉද්දි ඔයා ස්ථුල බවට පත් වෙන්න වගේම බලාගෙන ඉද්දි ඔයාගේ බර වැඩි වෙන්න හේතු වෙනවා. කොහොමද බැරල් එකක් වගේ උනොත්. අනිත් එක මුලින් කිව්ව වගේ ඔයාගේ කටටත් සීමාවක් නැත්තන් ඉතින් ඔය කන බොන දේවල් දහනය කරන්නත් අනිවාර්යෙන් ව්‍යායාමයක නිරත වෙන්නම වෙනවා.

3. නින්ද මඟහරින්න එපා

මේ කියන්නේ අපේ නිරෝගී බවට අත්‍යාවශ්‍යම කාරණාවන්ගෙන් එකක් ගැන. එක දවසක් හරි නිදි වැරුවොතින් ඊළඟ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවනේ. මුළු දවසම අවුල් වෙනවා. වැඩක් හරියට කර ගන්න බෑ, පොඩි දේටත් කේන්ති ගන්නවා, මානසික ආතතිය ඇති වෙන්න නින්ද මද කම හේතු වෙනවා. ඒ නිසා හොඳ නින්දක් ලබා ගැනීම ශරීරයේ ක්‍රියාකාරීත්වය යහපත්ව තබා ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක්. අවම වශයෙන් පැය 8ක වත් නින්දක් ලබා ගන්නා. හොඳ නින්දක් ලබා ගන්න අයගේ ශරීර සෞඛ්‍ය ඉතාම යහපත් මට්ටමක පවතින බව පර්යේෂණ වලින් පවා තහවුරු වුණු දෙයක්.

4. ආතතියෙන් මිදෙන්න

ඔයාව ලෙඩ කරන්න මේක අනිවාර්ය හේතුවක් වෙනවා. උදේ ඇහැරුණු වෙලාවේ ඉඳලා රාත්‍රී නින්දට යන තෙක් අපි මුහුණ දෙන කාර්යබහුල බව වගේම, අභියෝග, ගැටළු, පරාජය වීම්, හිත රිදීම් වගේ සිදුවීම් අපේ මානසිකත්වයට සෘජුවම බලපෑම් කරනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මානසික ආතතිය පැවතීම කායික රෝග විතරක් නෙවෙයි මානසික රෝග ඇති කරන්නත් හේතු වෙනවා. ඒ නිසා ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විඳින එක නතර කරන්න. ඒ ගැන කා එක්ක හරි කතා කරන්න. ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න. මානසික විවේකය සඳහා කල හැකි දේවල් සඳහාත් මුල් තැන දෙන්න.

5. පිරිසිදු බවට මුල් තැන දෙන්න

අපිට ලෙඩ රෝග වැළඳෙන ප්‍රධානම හේතුවක් වෙන්නේ අපිරිසිදු කම. ඔයත් ඔයාගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පිරිසිදු බවට මුල් තැනක් දෙන්න. ගෙදර දොර වගේම, ඇඳුම් පැළදුම් හා භාවිතා කරන උපකරණ පිරිසිදුව තියා ගන්න. ඒ වගේම අහාර පාන පිළියෙළ කරද්දී ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 419 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:24 AM
Script:/article/419/if-you-have-these-habits-you-are-a-healthy-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:24 AM
Script:/article/419/if-you-have-these-habits-you-are-a-healthy-woman.html