ගර්භනී සමයේ ඇති වෙන අධි රුධිර පීඩන තත්ත්වයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

November 21, 2017
6,277
How to be protect from high blood pressure in pregnancy
අධි රුධිර පීඩනය හා ගර්භනීභාවය කියන්නේ අනිවාර්යයෙන්ම භයානක තත්ත්වයක්. ඒ නිසා ගර්භනී සමයේ ඇති වන අධි රුධිර පීඩනය ගැන මවක් අනිවාර්යෙන් ඉතා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම රුධිර පීඩනය ක්‍රමවත්ව නිවැරදිව පාලනය කර ගන්නත් කටයුතු කල යුතුයි.

අධි රුධිර පීඩනය ඕනෑම අයෙකුට අහිතකර ලෙස බලපෑම් කළ රෝගී තත්ත්වයක්. හැබැයි එයින් ගර්භනී කාන්තාවන්ට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වැඩි අවදානමක් තියෙනවා. ගර්භනී මවක් විදිහට ඔයාට මේ අවදානමෙන් ගැලවෙන්න කිහිප විදිහක්ම තියෙනවා.

1. ලුණු භාවිතය අවම කරන්න

ඔයාට දැනටමත් අධි රුධිර තත්ත්වයක් ඇති වෙලා නම් අනිවාර්යෙන් ලුණු භාවිතය අවම කරන්න. එයින් රුධිර පීඩනය ඉහළ යෑම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම හදවත් රෝග ඇති වීම අවම කර ගන්නත් පුළුවන්. ඒ නිසා ආහාර පිසීමේදී හැකි තරම් ලුණු භාවිතය අවම කරන්න. ඒ වගේම සකස් කල ආහාර, ක්ෂණික ආහාර, කෘතීම පානයන් වර්ග හැකි තරම් අවම කරන්න. මොකද ඒ ආහාර පාන මඟිනුත් අනවශ්‍ය ලෙස ලුණු ඔබේ ශරීරයට එකතු වෙන්න පුළුවන්.

2. පොටෑසියම් බහුල ආහාර වැඩි පුර ආහාරයට එකතු කර ගන්න

පොටෑසියම් බහුල ආහාරයක් කියද්දීම මතක් වෙන්නේ කෙසෙල්. ඒ වගේම පොටෑසියම් කියන්නේ විශේෂයෙන් ගර්භනී සමයේදී අනිවාර්යෙන් අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක්. ඒ මඟින් රුධිර පීඩනය ක්‍රමවත්ව පාලනය කර ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා දිනකට 2000mg ත් 4000mg ත් අතර පොටෑසියම් ප්‍රමාණයක් ගර්භනී මවකට අවශ්‍ය වෙනවා.

පොටෑසියම් වලින් පොහොසත් කෙසෙල්, බතල, තක්කාලි, තැඹිලි යුෂ, අර්තාපල්, බෝංචි, පැණි කොමඩු වැනි ආහාරත් මුද්දරස්පලම් වැනි වියළි පලතුරුත් ඔබේ ආහාරයට එකතු කර ගන්න.

3. මැග්නීසියම් බහුල ආහාර

මැග්නීසියම් අඩු වීම රුධිර පීඩනය වැඩි වෙන්න බලපාන තවත් හේතුවක්. ඒ නිසා විශේෂයෙන් ගර්භනී සමයේ දී ආහාර වේලට මැග්නීසියම් බහුල ආහාර එකතු කර ගන්න අමතක කරන්න එපා. මවගේ රුධිර පීඩනය අඩු කිරීමටත් දරුවාගේ අස්ථි පද්දතිය ශක්තිමත් කිරීමටත් මැග්නීසියම් උපකාරී වෙනවා.

මැග්නීසියම් අවශ්‍යතාව දෛනිකව සම්පුර්ණ කරන්න අලිගැටපේර, කෙසෙල්, බෝංචි, වට්ටක්කා ඇට, යෝගට්, ධාන්‍ය, කොළ පැහැති එළවළු වැනි ආහාර වැනි ආහාර දිනපතා ආහාරයට ගන්න.

4. බර ගැන අවදානයෙන් ඉන්න

ගර්භණී සමයේදී බර වැඩි වීම සාමාන්‍ය කාරණාවක්. නමුත් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම නම් එතරම් සුදුසු නැහැ. එය අනතුරු ඇඟවීමේ ලකුණක් වෙන්න පුළුවන්. ගර්භණී සමයේදී බර අනවශ්‍ය ලෙස වැඩි වීම අධි රුධිර පීඩනය සඳහා අවදානම් සාධකයක් බව වෛද්‍යවරු පවසනවා. ඒ නිසා මේ කාලයේදී ඔබේ බර ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.

5. ව්‍යායාම

අනවශ්‍ය විදිහට බර වැඩි වීම ඔයාගෙත් දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක්. මෙසේ සිදු වෙන අනවශ්‍ය ලෙස බර වැඩි වීම අවම කරන්න, අනවශ්‍ය කැලරි දහනය කරන්න වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය අවම කරන්නත් ව්‍යායාම උදවු වෙනවා. ඒ නිසා ගර්භනී මවකට සුදුසු අවදානම් නොවන ව්‍යායාම වල නිරත වීමත් ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 531 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:50 AM
Script:/article/531/how-to-be-protect-from-high-blood-pressure-in-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:50 AM
Script:/article/531/how-to-be-protect-from-high-blood-pressure-in-pregnancy.html