ලොකු ළූණු ගෙඩියෙන් නෙළුම් මලක්

April 6, 2018
916
Vegetable Carving - Onion Lotus
මහන්සි වෙලා ගොඩාක් රහට හදපු කෑම ටික ලස්සනට අමුත්තන්ට පිළිගැන්නුවොත් ඒකෙ වටිනාකම තවත් වැඩියි නේද? වෙජිටබල් කාවින්ග් කියන්නේ කෑම මේසේ ලස්සන ගැන උනන්දු වෙන කවුරුත් කැමති දෙයක්. ඒත් හුඟක් අය හිතන්නේ එළවළු වලින් සැරසිල්ලක් කරන එක ගොඩාක් අමාරු දෙයක් කියලයි. ඒත් ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා අපි ඔබට කියලා දෙනවා. අපි මුලින්ම ලොකු ළූණු ගෙඩියකින් ලස්සන නෙළුම් මලක් හදමු.

1. ඒ සඳහා ඔබට ලොකු ළූණු ගෙඩි කිහිපයක් සහ ටර්න් නයිෆ් වර්ගයේ පිහියක් අවශ්‍ය වනවා.

2. දැන් ලොකු ළූණු ගෙඩියක් ගෙන උඩ සහ යට (මුල් තිබෙන පැත්ත සහ කොල තිබෙන පැත්ත) පෙත්තක් බැගින් කපා ඉවත් කරන්න.



3. ඉන්පසුව ළූණු ගෙඩියේ උඩ පොත්ත ඉවත් කරගන්න.



4. දැන් ළූණු ගෙඩියේ හරි මැදට මදක් ඉහළින් පිහි තුඩ ළූණු ගෙඩියේ මැදට වනතෙක් ඇතුල් කර ‘‘V’’ හැඩයට ඉහළට සහ පහළට එකිනෙකට සම්බන්ධ කර ළූණු ගෙඩිය වටේටම කපාගන්න. පහළ කැපුම යට කෙලවරට මදක් ඉහළින් නතර කරන්න.







5. අවසානයේදී ප්‍රවේශමෙන් කොටස් 2කට වෙන්කර ගන්න.







6. දැන් එයින් එක් කොටසක් ගෙන (පෙති නොකැඩෙන සේ) පොත්ත ගලවා ගෙන කපාගත් මලේ පෙති 2ක් අතර තවත් කපාගත් පෙත්තක් සිටින සේ සකසා ගන්න.
දැන් ඔබට ලස්සන නෙළුම් මලක් ලැබී තිබෙනවා නේද?











Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Outfits go with red shoes
   1,278
   686

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
Toddler creative learning and development: what to expect
   856
   140

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන
How to have a falling hair
   1,108
   104

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Roasted Cuttlefish Curry Recipe
   656
   49

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Remedies for varicose
   2,073
   45

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්

Latest Articles

Most Viwed