ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

August 14, 2022
67,668
5 skin care tips for your neck
බොහෝ යුවතියන් තම රූ සපුව කෙරෙහි බෙහෙවින් අවධානය යොමුකරන අතර ඉනුත් මුහුණේ සම රැකවරණය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙනවා. නමුත් ඒ හා සමාන අවධානයක් බෙල්ල ආශ්‍රිත සම සඳහා ඔබ ලබාදෙනවාද.. ඔබගේ මුහුණ කෙතරම් සුරූපි වුවත් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් ඔබ අපේක්ශා කරන ප්‍රථිපල ඔබට නොලැබී යනවා නේද?

එසේ නම් මෙන්න ඔබගේ බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්..

හිරු කිරණින් ආරක්ෂා වෙන්න
හිරු එළියේ ඇති අහිතකර පාරජම්බූල කිරණ මගින් එල්ලවන බලපෑම නිසා ඔබගේ ගෙල ආශ්‍රිත සියුම් සම අඳුරු පැහැ වීම සිදුවෙනවා. එමනිසා දිවා කාලයේ නිවසින් පිටතට යාමට පෙර නිසි ප්‍රමිතියකින් යුතු හිරු ආලේපනයක් හෙවත් සන්ස්ක්‍රීන් ආලේපනය වර්ගයක් ආලේප කරන්න. එමගින් සම අවපැහැ ගැනීම පාලනය කරගත හැකි වෙනවා.



මැරුණු සම ඉවත් කරන්න
බෙල්ලේ සම මත මැරුණු සෛල, කුණු දූවිලි ආදිය තැන්පැත් වී තිබීම නිසා සම අඳුරු පැහැ වෙනවා. එමනිසා ඔබ මුහුණ සඳහා භාවිතා කරන ස්ක්‍රබ් වර්ගයක් භාවිතා කර සමෙහි මැරුණු සෛල ඉවත් කල යුතුවෙනවා. ඒ වගේම විටමින් C අඩංගු මොයිස්චරයිසින් ආලේපනයන් මගින් නැවුම් සෛල වර්ධනය වීම සඳහා සහය වෙනවා.

සම රැකවරණයට අවශ්‍ය විටමින් ලබාගන්න
සම සඳහා වඩාත් සුදුසු පෝෂකයක් වන්නේ කොලජන් වන අතර ඉන් සමට අවශ්‍ය තරුණ පෙනුම ලබාදෙනවා. විටමින් C, Omega-3 සහ Omega-6 වැනි පෝෂකයන් මගින් ස්වභාවිකවම ඔබේ ශරීරය තුළ කොලජන් නිපදවීමට සහය වෙනවා. එමනිසා රාත්‍රියේ නින්දට යාමට පෙර Omega-3 සහ ඔමෙගා 6 ලබාගැනිම වඩාත් සුදුසු වෙනවා. එමගින් ඔබගේ සමෙහි සෛල අලුත්වැඩියා කරනවා.



AHA අම්ලය රූපලාවන්‍ය සත්කාර සඳහා එක්කර ගන්න
AHA හෙවත් Alpha Hydroxy Acid මගින් ඔබේ බෙල්ල ආශ්‍රිත සමේ වියළි බව දුරුකර සමේ තෙතමනය ආරක්ශා කර දෙනවා. විශේෂයෙන් එහි අඩංගු විටමින් A සම වියළීමට එරෙහිව සමමත තෙතමනය රදවා සිටිනවා.

නිසි රූපලාවන්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදින්න
ඔබට ආවේණික සමට ගැලපෙන රූපලාවන්‍ය පුරුදු සකස් කරගන්න. දිනපතා සම පිරීසිදු කිරීම, සමේ ආරක්ශාවට සන්ස්ක්‍රීන් ආලේපය, තෙතමනය රැකගැනීමට මොයිස්චරයිසින් ආලේප කිරීම, සතියකට වරක් හෝ දෙවරක් මැරුණු සම ඉවත් කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙන ෆේස්පැක් එකක් ගැල්වීම වැනි දෑ ඔබගේ සම නීරෝගිව තබාගැනීමට ඉතා වැදගත් පියවරයන් වෙනවා. ඊට අමතරව සමට අවශ්‍ය පෝෂණය ලබාගැනීමට සමබර ආහාර වේලක් ලබාගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැනි දෑ ඔබගෙ දෛනික කාලසටහනට එක්කරගත යුතු වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,668
   12

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි

Latest Articles

Most Viwed