මිරිස් අච්චාරු

May 8, 2020
4,387
Green Chilli Pickle
ශ්‍රී ලාංකික අපිට බත් වේලට ගැම්මක් ගන්න, අච්චාරු ටිකක් එකතු කරගන්න එක අරුමයක් නෙවෙයි. අමුමිරිස් කියන්නේත් නුපුරුදු දෙයක් නෙවෙයි. ඉතින් මේ අමු මිරිස් අච්චාරුව හදන හැටි ඉන්ගෙන ගෙන බත් වේල රසවත් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

අමුමිරිස් කරල් 50
රතු ලූණු ග්‍රෑම් 500
සිහින්ව ලියාගත් ගස්ලබු ගැට 1
සිහින්ව කපා ගත් කැරට් ගෙඩි 1 (කැමති නම් පමණයි )
තලාගත් මුරුංගා පොතු තේ හැඳි 1
අඹරාගත් අමු ඉඟුරු තේ හැඳි 1
අඹරාගත් සුදුලූණු බික් 8
විනාකිරෙන් අඹරාගත් අබ මේසහැඳි 3
සමාන ප්‍රමාණවලින් ගෙන ඇඹරූ කහ, කොත්තමල්ලි, සූදුරු මේස හැඳි 1
කුඩුකරගත් වියලි මිරිස්කරල් 4
ගම්මිරිස් තේ හැඳි 3
පොල් විනාකිරි මිලිලීටර 750
සීනි මේස හැඳි 1
ලුණු කුඩු මේස හැඳි 2

සාදන ආකාරය :

01. අමුමිරිස් සෝදා දෙකට පළාගන්න. රතු ලූණු සුද්ද කර සෝදා ගන්න.

02. ලුණු දියකරගත් වතුර ලිප තබා නටන විට අමුමිරිස් හා රතු ලූණු දමා, දැමූ විගසම පෙරේනයකට හෝ කිරි ගොටුවකට හෝ ගන්න.

03. ගස්ලබු සහ කැරට් කැබලි පමණක් ස්වල්ප වේලාවක් තම්බා ගන්න.

04. තම්බාගත් කළමනා නිවුණු පසු මැටි බඳුනකට දමා අනෙක් කලමණා සියල්ලම එක්කර තුනපහ (එකට අඹරාගත් කහ මිශ්‍රණය ), සීනි යොදා කළවම්කර කට ලොකු බෝතලයක හෝ බඳුනක හෝ අසුරා කළමණාවල මතුපිටින් සිටින සේ විනාකිරි වත් කරන්න.

05. ලුණු මදිනම් ලුණු කුඩු ස්වල්පයක් විනාකිරෙන් දියකර දමන්න. බඳුන සොලවා හොඳින් වසා තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1588 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:18:13 AM
Script:/article/1588/green-chilli-pickle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:18:14 AM
Script:/article/1588/green-chilli-pickle.html