රොටි (පිටි කෝප්ප 2ක් පමන)
කුකුල් මස් 500g ක් පමන කරි
ලොකු ළූණූ ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 1ක්
තුනපහ තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි2ක්
සුදු ළූණූ, ඉගුරු මේස හැදි 2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
සෝයා සෝස් තේ හැදි 2ක්
අමු මිරිස් කරල් 2ක්
කැරට් 100g
ලීක්ස් කෝප්ප 1ක්
ගෝවා කෝප්ප 1ක්
වතුර ස්වල්පයක්
තෙල් මේස හැදි 2ක්
රම්පේ කොළ කැල්ලක්
කරපිංචා ඉත්තක්
මුලින්ම මස් සමාන්‍ය කෑලි වලට කපලා පිරිසිදු කරගන්න. පසුව,මිරිස් කුඩු තේ හැදි 1ක්, තුනපහ තේ හැදි 1ක්, ලුණු, කහ, සුදු ළූණූ-ඉගුරු තේ හැදි 1ක් එකතු කරලා හොදින් අතගාලා පැය 1/2ක් පැයක් විතර තියන්න.
ඊට පස්සේ තෙල් මේස හැදි 1ක් රත් කරල හීනියට කපාගත්ත ළූණූ ගෙඩියෙන් 1/2ක්, රම්පේ, කරපිංචා දමා තෙම්පරාදු කරන්න. මද වේලාවකින් ඉතිරි වු තුනපහ එකතු කර කවලම් කරන්න. තුනපහ තෙලෙන් බැදීගෙන එන විට තක්කාලි එකතු කරන්න. විනාඩි 3කින් පමන පසු මස් එකතු කර අවශ්‍ය ලෙස වතුර එකතු කර කරියක් ආකාරයෙන් පිස ගන්න. වතුර අඩු කෝප්ප 2ක් පමන මුලුන් එකතු කර මදිනම් නැවත ස්වල්පයක් එක් කරන්න.
මද ගින්නේ හොදින් පිසගන්න. කරි එක හොදි ගොඩක් තියෙන්න හදන්න එපා. උකුවට හොදට හදාගන්න. එය පිසෙන අතර ඉතිරි වු තෙල් ලොකු තාච්චියකට දාගන්න. මොකද අපිට කොත්තු තැටී ගෙදර නැති නිසා. තෙල් රත් වන විට කලින් ඉතිරි වු, ඉගුරු, සුදු ළූණූ, ලොකු ළූණූ දමා එලවළු ටික ගම්මිරිස්, ලුණු, සොයා සෝස්, අමු මිරිස් සමගින් තෙම්පරාදු කරගන්න. වැඩිය පිසගන්න එපා. අමුවට වගේ උනහම ගුණත් වැඩියි. රසත් වැඩියි.
දැන් එයට සිහින්ව කපාගත් රොටි හා කලින් පිසගත් මස් මිශ්‍රකර හොදටම කවලම් කරගන්න ඕනි. සියල්ලම හොදින් එකිනෙකට කවලම් වන ලෙස.
මස් කරියට කුකුල් මස් බැදල එකතු කරා නම් රස වැඩියි. ඒ වගේම බිත්තර, චිකන් කියුබ් 1ක් එහෙමත් දාන්න පුලුවන්.
මස් 500g දාන්න තීරනය කලේ chicken kothu වලට chicken ඕනි නිසයි. පේනවනේ කඩෙන් ගේන එවගෙ නම විතරයි චිකන් නෑ. මතක තියා ගන්න කරියට හොදි වැඩිය තියන්න එපා. කැමති නම් තව සැර වැඩි කරගන්න.
දැන් කොහොමද රොටී හදාගන්නේ කියල හිතන්න එපා. රොටී හදන විදිය පහත තියෙනවා.
පාන් පිටි කෝප්ප 2ක්
ලුණු තේ හැදි 1ක්
තෙල් මේස හැදි 4ක්
වතුර කෝප්ප 1ක්
මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1ක් හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. මිශ්‍රණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය බෝල 7කට ගුලි කරගන්න. එය තැටියක අසුරා ඒ සියල්ලම ඉතිරි වු තෙල් වල තවරා ගන්න.
දැන් එය ආවරනය කර පැය 2 පමන තැබූ පසු එක බැගින් ගෙන ඉතාමත් සිහින් වන ලෙස තුනී කරගන්න. දැන් කර නොවන ලෙස සුලු වේලාවක් පිස ගන්න.